අත්තනගල්ල ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අත්තනගල්ල ප‍්‍රාදේශ...
අත්තනගල්ල ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපති, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අත්තනගල්ල ප‍්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම ආවරණය කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන් එම ස්ථානයෙන් ඉවත් කිරීම හේතුවෙන් උණුසුම්කාරී තත්වයක් ඇති විය.
අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කරන ලද නිල ආරාධනයක් අනුව එම ස්ථානයට ගිය මාධ්‍යවේදීන්ට එම සංවර්ධන කමිටු රැස්වීම ආරම්භ වී සුළු මොහොතකින් පසු මාධය ආවරණය නොකර පිටව යන්නැයි හිටපු ජනාධිපතිනිය දැඩිව පැවසීමත් සමඟ මෙම උණුසුම්කාරී තත්ත්වය ඇතිවිය.
එම අවස්ථාවේදී මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිනියට පෙන්වා දුන්නේ තමන්ට ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කරන ලද ආරාධනාවක් අනුව පැමිණි බවත් ඔහු විසින්ම ආපසු යන්නට කියන්නේ නම් පිටව යාමට සූදානම් බවත්ය.
මෙහිදී අසරණ තත්ත්වයට පත් වූ ප්‍රාදේශීය ලේකම්වරයා ස්ථානයෙන් ඉවත්ව යන්නැයි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කළේය.
ඒ සමගම අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපතිවරයා විසින් පෙන්වා දුන්නේ මෙම ස්ථානයට අනවසරයෙන් පැමිණි පුද්ගලයන් ද බොහෝ සිටින බවත් ඔවුන් ඉවත් කල යුතු බවත්ය.
එම පිරිස ඉවත් කිරීමත් සමග සභාව උණුසුම් තත්ත්වයකට පත්විය.
මේ අතර එම රැස්වීමේ සංග්‍රහ කටයුතු සඳහා දරුවෙකු යොදාගෙන තිබීම ගැනද සියලු දෙනාගේ අවධානය යොමුවී තිබිණි. ඒ පිළිබද හිටපු ජනාධිපතිනියගෙන් විමසූ විට ඊට පිළිතුරක් ලබා දීමට ඇය අපොහොසත් විය.
හිටපු ජනාධිපතිනිය මෙම අවස්ථාවේ ඉතාමත් කෝපසහගත ලෙස හැසිරෙන ආකාරයක් පෙනෙන්නට තිබින.
එම වීඩියෝව පහතින් නරඹන්න.
COMMENTS