ස්වයංක්‍රීය ජල සැපයුම් පද්ධතියක් සහිත නව ගෙවතු වගා ඒකකයක් හඳුන්වා දීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඉදිරිපත් වී තිබේ. මෙම ගෙවතු වගා ඒකකය ...
ස්වයංක්‍රීය ජල සැපයුම් පද්ධතියක් සහිත නව ගෙවතු වගා ඒකකයක් හඳුන්වා දීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය ඉදිරිපත් වී තිබේ.
මෙම ගෙවතු වගා ඒකකය ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ස්වයංක්‍රීයව පාලනය කළ හැකි වේ.
එලෙසම එය පොළොවෙහි ඉඩක් නොගන්නා අතර සිරස් අතට බඳුන් සැකසීමෙන් කෘමි - පලිබෝධ උවදුරු අවම කරගත හැකිය.
මෙම නව ගෙවතු වගා ඒකකය වාණිජමය වශයෙන් හඳුන්වා දීමට කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සැලසුම් කර තිබේ.
ඉහත නව ගෙවතු වගා ඒකකය වෘත්තියෙන් නිෂ්පාදන ඉංජිනේරුවරයකු වන චන්දිම ප්‍රසාද් මහතා විසින් සිය ගෙවත්ත තුළ සාර්ථකව අත්හදා බලා දැනටමත් තම නිවසට අවශ්‍ය එළවළු ප්‍රමාණය ලබා ගැනීමට සමත්ව සිටී.
එම ඒකකය මෙම ව්‍යසනකාරී තත්ත්වයෙන් පසුව නාගරිකව වෙසෙන, කාර්යබහුල ජනතාවගේ ගෙවතු වගා අවශ්‍යතාවට සරිලන ක්‍රමවේදයක් බව චන්දිම ප්‍රසාද් මහතා පැවසිය.
ඒ අනුව පළමුව නාගරික මහල් නිවාස ඇතුළු අඩු ඉඩකඩක් සහිත නිවාස සඳහා මෙම ජංගම දුරකථන යෙදවුමක් මගින් පාලනය කළ හැකි ස්වයංක්‍රීය ජල සැපයුම් පද්ධතියක් සහිත ගෙවතු වගා ඒකකය, අඩු වියදමකින් නිෂ්පාදනය කිරීම සඳහා ඉහත නව නිර්මාණකරු සහ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය මේ වනවිටත් පර්යේෂණ සිදු කරමින් පවතී.
මොරටුව කටුබැද්ද පිහිටි කාර්මික සංවර්ධන මණ්ඩල පරිශ්‍රයේ දී ඊයේ (11) මෙම නව ගෙවතු වගා ඒකකය මාධ්‍යයට හඳුන්වා දෙනු ලැබීය.
එහි දී අදහස් දැක්වූ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති උපසේන දිසානායක මහතා පැවසුවේ මෙම ජංගම දුරකථන යෙදවුමක් මගින් පාලනය කර හැකි ස්වයංක්‍රීය ජල සැයපුම් පද්ධතියක් සහිත ගෙවතු වගා ඒකකය වාණිජව නිපදවීමට අමතරව චන්දිම ප්‍රසාද් මහතා හඳුන්වා දී ඇති ජංගම දුරකථන යෙදවුමක් මගින් පාලනය කළ හැකි ස්වයංක්‍රීය ජල සැපයුම් පද්ධතිය වාණිජ වගාවන්, නාගරික අලංකරණ උද්‍යාන ආදිය සඳහා යොදා ගැනීමේ හැකියාව සොයා බලන ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා තමාට උපදෙස් ලබා දී ඇති බවයි.
COMMENTS