දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජාසිංහ - ශවේන්ද්‍ර අනුමැතිය දුන්නොත් මහ ඡන්දය මැයි අග !
Homeප්‍රවෘත්ති

ජාසිංහ - ශවේන්ද්‍ර අනුමැතිය දුන්නොත් මහ ඡන්දය මැයි අග !

PropellerAds

කො විඩ් _ 19 නිරෝධායන පනත ක්‍රියාවට නැංවීමේ පූර්ණ බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ජනාධිපති කාර්ය සාධ...

විජයකලා ගැන පියවරක් ගන්නවා – අගමැති
ගුරු-විදුහල්පති වර්ජනයෙන් පාසල් වැඩ අඩාලයි
ගුරු වර්ජනය අසාර්ථකයි - අකිලගෙන් ප්‍රකාශයක්
කොවිඩ් _ 19 නිරෝධායන පනත ක්‍රියාවට නැංවීමේ පූර්ණ බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අනුමැතිය ලබාදුනහොත් පාර්ලිමේන්තු මැතිවරණය මැයි මස අවසන් සතිය තුළ පැවැත්වීමේ සූදානමක් පවතින බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.
නාමයෝජනා භාරගෙන දැනට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය විසින් කල්දමා ඇති පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා රට තුළ පවතින තත්ත්වය සමාලෝචනය කිරීමට සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සැරසෙයි.

කොවිඩ් _ 19 නිරෝධායන පනත ක්‍රියාවට නැංවීමේ පූර්ණ බලධාරියා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ ඇතුළු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජේ‍යෂ්ඨ නිලධාරීන් පිරිසක් ලබන 20 වැනි සඳුදා මේ සම්බන්ධයෙන් පැවැත්වෙන සාච්ඡාවට කැඳවා ඇති බවද දැනගන්නට ඇත.

කොවිඩ් _ 19 ජනාධිපති කාර්ය සාධක බළකායේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම සාකච්ඡාවට කැඳවා ඇති බව වාර්තා වේ.

මැතිවරණ නියෝජ්‍ය සහකාර කොමසාරිස්වරුද මෙම සාකච්ඡාවට කැඳවා ඇති බවද දැනගන්නට ඇත.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ මූලික කටයුතු මේ වන විට සංවිධානය කර අවසන් වී ඇති අතර සියලුම අපේක්ෂකයන්ගේ මනාප අංක ගැසට් මඟින් ප්‍රකාශයට පත්කිරීමට සූදානම් කර ඇති බවද මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

පාර්ලිමේන්තු ඡන්ද විමසීම, මැයි මස අග සතිය තුළ පැවැත්වීමට නම් මෙම මස 20 වැනිදා සිට සති පහක කාලයක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ජේ‍යෂ්ඨ නිලධාරියෙක් ‘මව්බිම’ට පැවැසීය.

කොවිඩ් _ 19 වයිරසයට ගොදුරු වී සිටින දකුණු කොරියාවද, එරට ඡන්දය පැවැත්වූ බැවින් ශ්‍රී  ලංකාවේද මැතිවරණය පැවැත්වීමට හැකිවන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බවට දේශපාලන විචාරකයන් පෙන්වාදී ඇති බවද දැනගන්නට ඇත.

කෙසේ වුවද, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුව 2020 ජුනි මස 2 වැනි දිනට පෙර මැතිවරණය පවත්වා අවසන් විය යුතු බවද නීති අංශ පෙන්වා දෙති.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජාසිංහ - ශවේන්ද්‍ර අනුමැතිය දුන්නොත් මහ ඡන්දය මැයි අග !
ජාසිංහ - ශවේන්ද්‍ර අනුමැතිය දුන්නොත් මහ ඡන්දය මැයි අග !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhtdt4goy8ORvaF7BX3W0mm1dmc37y0nD5JquR6hb-mmmk8WIX-a3ggThJCfkqDWkpFMuHMK9HsLdCHAV0s2QbpQQLbOXTlEScExSGpgl4ul9shdUcGbg13tbOomiisWMbaVzH94iIY9fvW/s320/5e990ab9701e8_anil-and-sha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhtdt4goy8ORvaF7BX3W0mm1dmc37y0nD5JquR6hb-mmmk8WIX-a3ggThJCfkqDWkpFMuHMK9HsLdCHAV0s2QbpQQLbOXTlEScExSGpgl4ul9shdUcGbg13tbOomiisWMbaVzH94iIY9fvW/s72-c/5e990ab9701e8_anil-and-sha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_347.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/04/blog-post_347.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy