අද ගුරු සංගම් ආරම්භ කර ඇති වර්ජනය අසාර්ථක බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඒ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ...
අද ගුරු සංගම් ආරම්භ කර ඇති වර්ජනය අසාර්ථක බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඒ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“අද පැවැත්වූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අතිශයින්ම අසාර්ථකයි කියලා මේ අවස්ථාවේ කියන්න ඕනේ. විශේෂයෙන්ම සියලුම පාසල් අද ක්‍රියාත්මක වුණා. සමහර ප්‍රදේශවල අපිට දැනගන්න ලැබුණා සමහර නිලධාරීන්ගේ බලපෑම තිබුණා කියලා මේ පාසැල් වල ක්‍රියාකාරීත්වය අඩපණ කරන ලෙස. ඒ පිළිබඳ පැමිණිලි රාශියක් ලැබිලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි පැමිණිලි ලබාගෙන ඉදිරි කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ඉල්ලීම අසාධාරණ ඉල්ලීමක් විශේෂයෙන් ම පසුගිය අවුරුදු 24 පුරාම අධ්‍යාපන ක්ෂේත්‍රයේ හිටපු බොහෝ අයට අසාධාරණකම් වලට පත් වුණා. විදුහල්පතිවරු, ගුරුවරු දනගැස්සුවා මේ විවිධ අකටයුතුකම් සිද්ධ වුණා. මේගොල්ලන්ට ඒ සාධාරණය ඉෂ්ඨ කිරීම අධ්‍යාපන ඇමතිවරයා වශයෙන් මගේ වගකීම. විධිමත් නිලධාරීන් පත් කරලා ඒ කමිටු මඟින් ඔවුන්ට හිමි අයිතිවාසිකම් ලබාදීම පමණයි අපි කරලා තියෙන්නේ. තමන්ගේම ක්ෂේත්‍රයේ තමන්ගේම නිලධාරීන්ට සාධාරණයක් ඉෂ්ට කරන කොට ඒ සඳහා විරුද්ධ වෙනවා නම් මං හිතන්නේ වෘත්තීය සමිති තීරණයක් නෙවෙයි ඒ වෙනත් න්‍යාය පත්‍රයකට ගමන් කරන බවක් තමයි අපි දකින්නේ.”
COMMENTS