හි ටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන අනාගතය දැඩි අවිනිශ්චිතභාවයකට පත්ව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පෙරේදා (21) වනදාට...
හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන අනාගතය දැඩි අවිනිශ්චිතභාවයකට පත්ව තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පෙරේදා (21) වනදාට යෙදුණු පාස්කු ඉරුදින ප්‍රහාරයේ පළමු සැමරුමේදී හිටපු ජනාධිපතිවරයා සේනාධිනායකවරයා හැටියට එම ප්‍රහාරය ගැන දැන දැනත් එය වැළැක්වීමට උත්සාහ නොකිරීම පිළිබඳව පොදුජන පෙරමුන හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශවය හැර අන් සෑම පාර්ශවයකින් චෝදනා එල්ල විය.
කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඉතා පැහැදිලිවම ප්‍රකාශ කරණ ලද්දේ ඒ අවස්ථාවේදී සිටි සේනාධිනායකයාට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතු බවය.
එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජයේ සිටි පාඨලී චම්පික රණවක අමාත්‍යවරයාද මාධ්‍ය හමුවක් තබමින් ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයේ වගකීම හිටපු ජනාධිපතිවරයාට මෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයාට ද තිබෙන බවය.
තමන්ට මේ ප්‍රහාරය පිළිබඳව කිසිදු දැනුම්දීමක් නොකළ බව තමන්ගේ බේරීමට හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ද එවකට සිටි ආරක්ෂක ලේකම්වරයා මෙන්ම පොලිස්පතිවරයාද ප්‍රකාශ කරන්නේ සිරිසේන මහතා මේ සම්බන්ධයෙන් හොදාකාරවම දැනුවත් වී සිටි බවය.
එම තත්ත්වය හමුවේ එළඹෙන මහ මැතිවරණයේදී සිරිසේන මහතාට දැඩි විවේචනයකට මෙන්ම ප්‍රශ්න වලට ද මුහුණ දීමට සිදුවන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS