ඉතා දරුණු අන්දමින් පැතිරී යන කොරෝනා වෛරසය ඇමරිකාව ඇතුළු යුරෝපය ගිල ගනිමින් පවතී . චීනයේ මෙම තත්වය පාලනය කොට ඇති අතර දිනේදී චීනයෙන් වාර්තා ...
චීනයේ මෙම තත්වය පාලනය කොට ඇති අතර දිනේදී චීනයෙන් වාර්තා වූයේ රෝගීන් 46 දෙනෙක් පමණි .
එහෙත් ඇමරිකාව දිනයක් තුළ ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තා වූ දිනය බවට රෝගීන් 7301 ක් වාර්තා වී ඇත .
දෙවනුව ඉතාලියත් 6557ක් ස්පාඤ්ඤය 3925 ක් ද ජර්මනිය 2516ක් ද ප්‍රංශය 1847ක්ද ස්විස්සර්ලන්තය 1248 ක්ද එංගලන්තය 1035 ක්ද ඇතුළු යුරෝපා රටවල් පිළිවෙලින් විශාල රෝගීන් ගණනක් වාර්තා කොට ඇත .
ඉතාලියේ ඊයෙ මරණ සංඛ්‍යාව 793 ක් වාර්තා කොට ඇති අතර ස්පාඤ්ඤ 285 ක් ද ප්‍රංශ 112ක් ද ඇතුළු දිනක් තුල වැඩිම මරණ සංඛ්‍යාව වණ 1663 ක් වාර්තා කොට ඇත .
ශ්‍රී ලංකාවේ ඊයේ දිනයේදී වාර්තා කොට ඇත්තේ රෝගීන් හතර දෙනෙක් පමණක් වන අතර කිසිම මරණයක් වාර්තා කර නොමැත .
COMMENTS