දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජරමර මැද පාර්ලිමේන්තුවත් කැදවන්නැයි සජිත් ඉල්ලයි
Homeප්‍රවෘත්ති

ජරමර මැද පාර්ලිමේන්තුවත් කැදවන්නැයි සජිත් ඉල්ලයි

PropellerAds

දැ නට සම්මත අතුරු සම්මත ගිණුම වලංගු වන්නේ අප්‍රේල් 30වෙනිදා දක්වා පමණක් බැවින් පවතින ව්‍යවස්ථාවට අනුව ඊළග පාර්ලිමේන්තුව කැඳවන දිනයට ඔබ්බෙන්...

නවම් පෝය අදයි
ග්‍රාමශක්ති ජාතික සතිය ප්‍රකාශයට පත් කෙරේ
"සෞඛ්‍ය ඇමතිකම ජනපති ගන්න" - GMOA රාජිතට එරෙහි වෙයි
දැනට සම්මත අතුරු සම්මත ගිණුම වලංගු වන්නේ අප්‍රේල් 30වෙනිදා දක්වා පමණක් බැවින් පවතින ව්‍යවස්ථාවට අනුව ඊළග පාර්ලිමේන්තුව කැඳවන දිනයට ඔබ්බෙන් මිස මේ කාලය තුළ මුදල් වියදම් කිරීමට නියෝග දීමෙහි බලයක් ජනාධිපතිට හෝ මුදල් ඇමතිට නොමැති බැවින් කොරොනා උවදුර මඩින්නට අවැසි අරමුදල් සම්පාදනය සදහා ව්‍යවස්ථාමය අනුමැතියක් අවශ්‍ය හෙයින් වහාම පාර්ලිමේන්තුව කැදවා ඊට අනුමැතිය ගනු ඇතැයි අපේක්ෂා කරන බවත්,
බහුතර බලය විපක්ෂය සතු උවද එවැනි අනුමැතියක් සදහා උපරිම සහය ලබා දෙන බව සමගි ජනබලවේගය සන්ධානය පවසයි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් ඊයේ (30 දින) සමගි ජනබලවේගයට අයත් දේශපාලන පක්ෂවල නායකයින්ගේ ඒකාබද්ධ සාකච්ඡාවේදී මෙම අදහස් පළ වී ඇත. එම සාකච්ඡාවේදී, රෝගයේ ජාතික හා ජාත්‍යන්තර ව්‍යාප්තිය සලකා බලා මෙය මර්ධනය කිරීම රාජ්‍ය කටයුත්තක් බැවින් එය මර්ධනය උදෙසා රාජ්‍ය යාන්ත්‍රනයට සම්පූර්ණ සහය දීමටත් මෙහිදි එකඟතාවය පල වී තිබේ.

ඇදිරිනීතිය නිසා රටේ පවතින ආහාර හා ආදායම් අහිමිවූවන් මෙන්ම දුගීකමේ පත්ලෙහි සිටින ජනතාවට නොමිලේ වියලි සලාකයක් දියයුතු බවත්, එමෙන්ම අනෙකුත් ආදායම් සහිත,නමුත් මේ මොහොතේ අසරණව සිටින පිරිස්වලටද එකී වියලි සලාකය ලබා දියයුතු බව ද ඔවුන් යෝජනා කර සිටියි. එය සෑම සතියකම ලබා දියයුතු අතර වැදගත්ම කාරණය වන්නේ ග්‍රාමනිලධාරීගෙන් පටන්ගෙන රාජ්‍ය නිළධාරීන් ලවා එය ක්‍රියාත්මක කිරීම බවත්, මෙයට ආණ්ඩු පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරීන් සම්බන්ධ කරගැනීම ගැන අපගේ පිළිකුල සහ දැඩි විරෝධය පළ කරන බවත් කියා සිටියි.

මේ ගැන මැතිවරණ කොමිසම ද පියවර ගතයුතු යැයි අවධාරණය කරන අතර, ජනතාවට පක්ෂ පාට කුල මල භේදයකින් තොරව ආහාර නැමති මූලික අවශ්‍යතාව ලැබිය යුතුයැයි අපි අවධාරණය කරන බවද ප්‍රේමදාස මහතා සඳහන් කළේය. එමෙන්ම රටේ ඖෂධ හිගය,උපකරණ හිගය පිළිබදව තොරතුරු වාර්තා වූ බවත්, එහෙයින් නොපමාව එකී හිගයන් වලට පිළියම් යෙදිය යුතු බවත්, එමෙන්ම ඖෂධ විධිමත්ව රෝගීන්ට ලබා දීමට ග්‍රාමනිලධාරීන් හා සෞඛ්‍ය ක්ශේත්‍ර නිළධාරීන් හරහා වැඩ පිළිවෙළක් සැකසීම පිළිබදව රජයේ අවධානය යොමු කළ යුතු බවත් ප්‍රේමදාස මහතා කියා සිටියේය. ඒ සදහා රජයේ සහ පෞද්ගලික ඖෂධ ශාලාවල සහය මෙන්ම අනෙකුත් ආයතනවල සහය ලබා ගන්නා ලෙසට දේශපාලන පක්ෂ නායකයින් යෝජනා කර සිටියි. මෙම උවදුර පරාජය කිරීම උදෙසා රජයට,නිළධාරීන්ට අවශ්‍ය සහය ලබා දෙන ලෙස ඔවුන් සියලු පාක්ෂිකයන්ගෙන් සහ රට වැසියන්ගෙන් ඉල්ලා සිටියි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජරමර මැද පාර්ලිමේන්තුවත් කැදවන්නැයි සජිත් ඉල්ලයි
ජරමර මැද පාර්ලිමේන්තුවත් කැදවන්නැයි සජිත් ඉල්ලයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiGQQJFrCRF-i2zubxyCW2LTFyK9NHktKrDkRRrM9bmO7A9pW4eNXiY4kLgk6uhCiTTIgY7SWSg6yR8yp_9K404i6Jw78yOj9I7EtnlvP3hPwbPhIQ6JcJ8CujqC_8CuZsupmkARyQNoDFP/s320/b46e20eadcb9c6d45cd54634c7b9fb985c6998fe.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiGQQJFrCRF-i2zubxyCW2LTFyK9NHktKrDkRRrM9bmO7A9pW4eNXiY4kLgk6uhCiTTIgY7SWSg6yR8yp_9K404i6Jw78yOj9I7EtnlvP3hPwbPhIQ6JcJ8CujqC_8CuZsupmkARyQNoDFP/s72-c/b46e20eadcb9c6d45cd54634c7b9fb985c6998fe.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_761.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_761.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy