රජයේ අනුමැතිය නොමැතිව පවත්වාගෙන යන යන මද්‍රසා අධ්‍යාපන ආයතන 800 ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශ...
එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා කළුතරදී මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.
දැනටමත් මද‍්‍රසා ආයතන 370 ලියාපදිංචි වී ඇති බවත් තවත් 175ක් ලියාපදිංචි වීමට ඉල්ලුම් කර ඇති බවත් මන්ත්‍රීවරයා පැවසීය.
මේ ආකාරයට මද‍්‍රසා ආයතන දහසකට වැඩි ප්‍රමාණයක් රට තුළ ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කළේය.
මෙරට තුළ දැනටද ෂරියා විශ්වවිද්‍යාල තුනක් ක්‍රියාත්මක වන බවට තොරතුරු ඇති බවද කී ඔහු ඒවා මඩකලපුව, බේරුවල හා මහරගම ක්‍රියාත්මක වන බවද පැවසීය.
COMMENTS