විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හැකිනම් කොළඹින් තරග කර ජයග්‍රහණය කර පෙන්වන්නැයි හිටපු රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසයි. කොළඹදි ...
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හැකිනම් කොළඹින් තරග කර ජයග්‍රහණය කර පෙන්වන්නැයි හිටපු රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතා පවසයි.
කොළඹදි මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.
මෙහිදී අදහස් දැක්වමින් ඒ මහතා පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ දිස්ත්‍රික්කය තුළ නායකත්වය දැරූ බවයි.
රණසිංහ ප්‍රේමදාස මහතාට බිම් මට්ටමේ සිට විශාල වැඩක් කර කොළඹ දිස්ත්‍රික්කය තුළ නමක් දිනා ගෙන ඇතැයි ද පැවසු ඒ මහතා, සජිත් ප්‍රේමදාස මහතා විශාල පරාජයක් හම්බන්තොටින් ලබලා කොළඹින් ඉදිරිපත් විමේ දී ජනතාව ඒ ගැන සැළකිලිමත් වනු ඇතැයි ද පැවසීය.
එනිසා සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණයේ දී කොළඹට පැමිණියහොත් එතුමා දැවැන්ත පරාජයකට පත් වෙන බවත් පැවසු සුමතිපාල මහතා, එවැනි දෙයක් කළ හැකි නම් තමන් බොහෝම කැමති යනුවෙන් ද කියා සිටියේය.
COMMENTS