අගමැති මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පොළොන්නරුව කාර්යාලට ගියහොත් තමන් අගමැතිවරයාගේ වාහනයට බෙල්ල තියා මිය යන ...
පසුගියදා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේ පැවති උත්සවයකින් පසු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනාවක් අනුව ඔහුගේ කාර්යාලයට ගොඩවීම සදහා අගමැතිවරයා උත්සාහ කළ අවස්ථාවේ මෙම තත්වය ඇතිව තිබේ.
මේ හේතුව මත මහින්ද රාජපක්ෂ මහතා මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ කාර්යයාලයට ගොඩ නොවී හදිසි කටයුත්තක් ඇතැයි ආපසු කොළඹ බලා පිටත් වී ඇත.
අදාල උත්සවය සංවිධානය කර තිබුණේ රොෂාන් රණසිංහ මහතා විසින් වන අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට අගමැතිවරයා පැමිණි අවස්ථාවේදී තම කාර්යාලයටද ගොඩ වී යන ලෙස හිටපු ජනාධිපතිවරයා විසින් මහින්ද රාජපක්ෂ මහතාට ආරාධනා කර තිබිණි.
COMMENTS