විල්පත්තු රක්ෂිතය හා අවට රජයේ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව දකුණේ ඇතම් පිරිස් විසින් ගෙන යන වැරදි සන්නිවේදනය තුලින් යලි ජාතිවාදය ඇවිස්සීමේ අ...
විල්පත්තු රක්ෂිතය හා අවට රජයේ සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳව දකුණේ ඇතම් පිරිස් විසින් ගෙන යන වැරදි සන්නිවේදනය තුලින් යලි ජාතිවාදය ඇවිස්සීමේ අවධානමක් ඇති හෙයින් උත්සහයන් වහාම නවත්වන ලෙස උතුරේ භික්ෂූන් වහන්සේලා ඉල්ලා සිටියහ.
වවුනියාව ශ්‍රී බෝධීදක්ෂිණාරාමයේදී උතුරු නැගෙනහිර දෙපලාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව භික්ෂූන් වහන්සේලා වදාලා සිටියහ.
එහිදි අදහස් දැක්වූ පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර හිමියන් කියා සිටියේ,
‘පටු දේශපාලන හා පෞද්ගලික අරුමුනු වෙනුවෙන් දකුණේ ඇතම් පිරිස් විසින් විල්පත්තු වනය පිළිබඳව අතීතය පිළිබඳව නොසයා පදනම් විරහිතව සිදුකරනු ලබන චෝදනා මගින් රටේ අනවශ්‍ය වූ ව්‍යාකූල තත්වයක් ඇති විය හැකියි විල්පත්තු වනය ආසන්නයේ හිටපු ජනතාව මීට වසර 30 කට අධික කාලයකට පෙරයි ඒ ප්‍රදේශයන් වලින් ඉවත් වුනේ යුද්දෙන් පසුව දැන් ඒ අය ඉඳපු පලාත් වලට ආවහම මේ කැලෑ එලි පෙහෙලි කරන්න ඕන තමයි අනිත් කාරණාව මේ ජනතාව මේ වෙනකොට ගිය පිරිසට වඩා වැඩි වෙලා ඉන්නේ ඒක සාමාන්‍ය දෙයක් ඒ අයගේ දරු මුණුබුරෝ ඉන්නවා ඒ අය දැන් පදිංචි වෙන්න ඕන මේ නැවත පදිංචි කිරීම් රාජ්‍යානුග්‍රහය යටතේ සිදු වෙලා තියෙන්නේ ඒ වගේම තමයි මේ පදිංචි වූ ජනතාවට ආර්ථික වශයෙන් සවියක් වීමට තමයි මේ ප්‍රදේශ සංවර්ධනය කරන්න රජය පියවර අරන් තියෙන්නේ මේ කරුනු දෙස සියලු දෙනාම මානුෂීය පදනමෙන් බලා මේ පලාත් වලට පැමිණ මේ ජනතාව විඳින දුක ගැන සොයා බලා තමයි සිදු කරන චෝදනාවක් කරන්න ඕන එහෙම නැතුව වෙනම ආකල්ප ඇතිව මේ දෙස බලනවානම් මෙය ජාතිවාදී ස්වරූයකට ගමන් කරනවා මේ ගැන රටේ නායකයින් අවධානය යොමු කළ යුතුයි."
තවද මෙම අවස්ථාවට වැලිඔය කිරිඉබ්බන්වැව විහාරාධිපති පූජ්‍ය පොලොන්නරුවේ විජිතාලංකාර හිමි ඇතුලු භික්ෂූන් වහන්සේ පිරිසක්ද උතුරු පලාත් සභාවේ හිටපු පලාත් සභා මන්ත්‍රී වී.ජයතිලක මහතා ඇතුලු පිරිසක්ද සහභාගි වෙමින් කියා සිටියේ විල්පත්තු රක්ෂිතය යොදා ගනිමින් සිදු කරමින් යන ජාතිවාදී ව්‍යාපාරය සම්පූරණයෙන්ම නැවතීමට සියලු දෙනා එක්විය යුතු බවටය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS