දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ක්‍රිකට් තරග පාවාදීම: පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත්වෙයි.
Homeප්‍රවෘත්ති

ක්‍රිකට් තරග පාවාදීම: පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත්වෙයි.

PropellerAds

විෂමාචාරයෙහි යෙදීම සහ ක්‍රීඩාවේ ජීව ගුණයට පටහැණිව කටයුතු කිරීමේ චෝදනාවලට පානදුර ක්‍රීඩා සමාජය හා කළුතර සංස්කෘතික කවය වැරදිකරුවන් බව පරීක්ෂ...

ඇමතිකම් ඉල්ලා පොහොට්ටුවට ඇති වෙයි... යලි නොඉල්ලන්න තීරණය කරයි
මහේල ජාතික ක්‍රීඩා සභාවෙන් අයින් වෙයි! ඉල්ලා අස්වීමේ ලියුම යවයි!
වෙසක් පෝදා බුද්ද ප‍්‍රතිමාවක් ගලවා දමති... පුත්තලමේ දේශපාඥයෙකු පසුපස... ලේඛකාධිකාරි හිමි මාධ්‍ය අමතයි

විෂමාචාරයෙහි යෙදීම සහ ක්‍රීඩාවේ ජීව ගුණයට පටහැණිව කටයුතු කිරීමේ චෝදනාවලට පානදුර ක්‍රීඩා සමාජය හා කළුතර සංස්කෘතික කවය වැරදිකරුවන් බව පරීක්ෂණ කමිටුව තීරණය කරයි.

මෙම ක්‍රීඩා සමාජ දෙකට එරෙහිව පැවති චෝදනා විභාග කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කරන ලද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිනි.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුව ඒකමතිකව මෙම තීරණවලට එළැඹ තිබේ.

  1. චෝදනාවට තුඩු දුන් එකී තරඟය සහ එහි ප්‍රතිඵල බල ශුන්‍ය කිරීමට සහ තරගාවලියේ ලකුණු වගුව ඒ අනුව නියමිත පරිදි වෙනස් කිරීම.
  2. එකී ක්‍රීඩා සමාජවලින් තරඟ ගාස්තුව අය කර ගැනීමට සහ රුපියල් 500,000 බැගින් දඩ නියම කිරීම.
  3. ක්‍රීඩා සමාජ දෙකෙහි නායකයින් වශයෙන් ක්‍රියා කල මනෝජ් දේශප්‍රිය සහ චාමර සිල්වා යන අය හට වසර 2 ක කාලයක් සඳහා සියලුම ක්‍රිකට් ක්‍රියාකාරකම් සිදු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීම. (ක්‍රීඩා කිරීම, පුහුණු කිරීම හා පරිපාලනය ඇතුළුව.)
  4. අනෙකුත් චූදිත සියලු ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් හට වසර 1 ක කාලයක් සඳහා සියලුම ක්‍රිකට් ක්‍රියාකාරකම් සිදු කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටු වීම. (ක්‍රීඩාව, පුහුණු කිරීම හා පරිපාලනය ඇතුළුව.)
  5. තරඟ නිලධාරීන්ට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වීම හා සුදුසු ක්‍රියාමාර්ග ගැනීම.

විනාඩි 20 ක් ඇතුළත ඕවර 13 ක්

ශ්‍රී ලංකාවේ ප්‍රීමියර් ක්‍රීඩා සමාජ තරගාවලියේ කළුතර සංස්කෘතික කවය ක්‍රීඩා සමාජය සහ පානදුර ක්‍රීඩා සමාජය අතර පසුගිය ජනවාරි මාසයේ පැවති තුන් දින අවසාන මහා තරගය පාවා දුන් බවට චෝදනා එල්ල විය.

එම චෝදනාව පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වා සති කිහිපයක් ඇතුළත වැරදිකරුවන්ට දඬුවම් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මීට මාස දෙකකට ඉහතදී පැවසීය.

චෝදනාවට ලක් වී තිබෙන තුන් දින තරගයේ අවසාන දිනයේදී දෙපාර්ශවයම ඕවරයකට ලකුණු 10 කට වඩා රැස් කළ අතර, දිනයක් ඇතුළත කඩුලු 24 ක් බිඳ වැටුණු බවට චෝදනා එල්ලවිය.

එදින විනාඩි 20 ක් ඇතුළත ඕවර 13 ක් පන්දු යවා තිබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රීමියර් තරගාවලිය අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පළමු පෙළ තරගාවලියක් ලෙස පිළිගෙන තිබේ.

අදාළ චෝදනාව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට බරපතළ කළු පැල්ලමක් බව බොහෝ ක්‍රීඩා විචාරකයන්ගේ මතය වී තිබුණි.

( බීබීසී සිංහල සේවය)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ක්‍රිකට් තරග පාවාදීම: පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත්වෙයි.
ක්‍රිකට් තරග පාවාදීම: පරීක්ෂණයේ ප්‍රතිඵල නිකුත්වෙයි.
http://ift.tt/2xHRqiU
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_802.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_802.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy