දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනාධිපති තුමා කතා කරන විට 'හිටං' කියන්නේ ඇයි?
Homeප්‍රවෘත්ති

ජනාධිපති තුමා කතා කරන විට 'හිටං' කියන්නේ ඇයි?

PropellerAds

දේශපාලනික කරුණු  වලට අමතරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු ජනතාවගේ අවධානයට ලක්ව ඇති හේතු කාරණා කිහිපයක් ඇත. නිසැක ලෙසම ඉන් මුල් තැන ...

මංගලගේ සුලං කිරිල්ලිව ඇමති රුවන් පන්නයි - රූපවාහිනි සභාපතිකමෙන් වහා අස්වන්නැයි දැනුම් දේ..
සීනිගම පොල් ගහන, මරිස් අඹරා සාප කරන තැන ඉදිරියේ ධාතු මන්දිරයක් හදති.. දැඩි විරෝධය
සිංහල දෙමල මුස්ලිම් කියා වෙනම නීති බෑ.. මීලග පොහොට්ටු ආණ්ඩුවෙන් හැමෝටම එක් නීතියක් !

දේශපාලනික කරුණු  වලට අමතරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු ජනතාවගේ අවධානයට ලක්ව ඇති හේතු කාරණා කිහිපයක් ඇත. නිසැක ලෙසම ඉන් මුල් තැන ගනුයේ ඔහු විසින් කථා ව්‍යවහාරයේ දී යොදනු ලබන 'හිටං' යන වදනය.

තම පෞද්ගලික කතා ව්‍යවහාරයේ දී සේම වසර 28 ක පාර්ලිමේන්තු දේශපාලනික කතා ව්‍යවහාරයේ දී ද ඔහු විසින් යොදා ගන්නා ලද මේ 'හිටං' යන වදන සමාජ කරළියට පිවිසෙන ලද්දේ ඒ මහතා ගේ ජනාධිපති පදවි ප්‍රාප්තියත් සමඟිනි මෛත්‍රීපාල සිරිසේන නාමය මේ 'හිටං' යන වදනත් සමඟම කොතෙක් සහ සම්බන්ධ වී තිබේද යත් ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවි වලින් ඔහු 'හිටං සි‍රිසේන' යනුවෙන් හඳුන්වා ඇති අවස්ථාද අපි දැක ඇත්තෙමු.

එහෙත් මේ 'හිටං' කතාවේ සුල මුල පිළිබඳව මෙතෙක් විධිමත් අනාවරණයක් සිදුවී ඇති බවක් නොපෙනේ.

'හිටං' යනු කිසියම් වාක්‍යක් අවසානයේ හෝ මධ්‍යයට යෙදෙන විරාම වාචකයකි. කිසියම් කථාවක් කරන අතරේ නිශ්චිත අදහසක් පළවන වැකියක් අවසන් වූ පසු  හෝ එහි සමාප්තිය හඟවනු පිණිස හෝ විරාමයක් හඟවනු පිණිස 'හිටං' කියා යෙදීමත් ඇතැම් ප්‍රදේශ වල ගැමි වහරේ දක්නට ඇත. ඇතැම් ප්‍රදේශ වල මේ 'හිටං' යන්න 'ඉඳං' යනුවෙන් පැවසෙන බවද නොරහසකි. මෙහි අරුත වන්නේ සිට ගැනීම ඉඳ ගැනීම වුවද මෙහිදී එය පැවසෙනුයේ තම අදහසට යම් ස්ථාවරත්වයක් ලබා දීම පිණිසය.

ඇතැම් ප්‍රදේශයක 'මම මිනිහට කිව්වා හිටං' යනුවෙන් යම් කිසි වාක්‍යයක් හමාර කරන විට, තවත් ප්‍රදේශයක ගැමියෙක් 'මම මිනිහට කිව්වා ඉඳං' යනුවෙන් පවසනු අසන්නට පුළුවන.

මේ අතර තවත් ප්‍රදේශ වල මේ 'ඉඳං' යන්න වෙනුවට 'ඉඳගෙන' යන වචනයද පැවසෙනු අසන්නට ඇත.

එවිට ඒ පුද්ගලයා පවසනුයේ 'මම මිනිහට කිව්වා ඉඳගෙන' යනුවෙනි. මෙම ඉඳගෙන යන්නද  වාක්‍යයක් අවසානයට සේම වාක්‍ය කණ්ඩයක් අතරතුර යෙදෙන අවස්ථා ද තිබේ.

ජනාධිපතිවරයාගේ මේ 'හිටං' කතාව උපහාසයට නංවන එක්තරා නූතන ප්‍රබන්ධ කතාවක් මෙසේය.

වරක් විදේශ සංචාරයක යෙදුණු ජනාධිපති මෛත්‍රීපාල සි‍රිසේන මහතා සිංහලයෙන් එම සභා වාරය ඇමතීය. එහිදී ඔහුට සුපුරුදු ලෙස කිහිපවරක්ම 'හිටං' යන වදන කියවිණි. එහිදී එම කතාව ඉංග්‍රීසියට පරිවර්තනය කළ පරිවර්තකයා එහ 'හිටං' යන්න 'Stand' යනුවෙන් ඉංග්‍රීසියට නඟා සභාවට ඉදිරිපත් කරන ලදී.

සිංහල බසේ පමණක් නොව ඉංග්‍රීසි බසෙහිද විවිධ ජාතික සංස්කෘතික අනන්‍යතාවයන් අඟවන මෙවන් වදන් ඇතුලත් වී තිබේ. බාහිර පුද්ගලයන්ට ඒවායෙන් නිසි අරුතක් පළ නොවුවද එම ජාතික සංස්කෘතික සන්දර්භය තුළ සිටින්නවුන්ට ඒවා ද ඉංග්‍රීසි‍යේම කොටසකි.

ඒ කෙසේ හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිතර යොදන මේ 'හිටං' යන වදන ඔහු ජන්ම ලාභය ලැබූ වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයේ එනම් සියනෑ, හාපිටිගම් සහ අළුත්කූරු කෝරළ වල බහුලව යෙදුණු වදනකි. නමුත් නූතන පරපුර අතින් මෙම ව්‍යවහාරය ගිලිහී ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතා ද වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයට හා හාපිටිගම් කෝරළයට අයත් අඹේපුස්ස බෝතලේ වලව්වේ උපත ලැබූවෙකි. ඔහුගේ වාග් ව්‍යවහාරය තුළ  මෙම 'හිටං' යන්න කෙතරම් සුලබ ලෙස යෙදී තිබේද යන්න මේ වී‍ඩියෝව නරඹන ඔබට මනාව පසක් වනු ඇත.

මෙහි විනාඩි 05 යි තත්ත්පර 17 ක කාල සීමාව තුළ කරනු ලබන කතාවකදී ඔහු 20 වාරයක් 'හිටං' යන වදන පවසා තිබේ.

නමුත් නූතන පරපුර අතින් බැහැරව ගිය මෙම පැරණි ජනයෙදුමට රාජ්‍ය හා ජාතික මට්ටමේ ප්‍රසිද්ධියක් ලබා දීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අප වෙනම ස්තූතිවන්ත විය යුතුය.

-තිලක් සේනාසිංහ 



Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනාධිපති තුමා කතා කරන විට 'හිටං' කියන්නේ ඇයි?
ජනාධිපති තුමා කතා කරන විට 'හිටං' කියන්නේ ඇයි?
http://ift.tt/2fcfsuL
https://i.ytimg.com/vi/4A5-FK54K38/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_687.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_687.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy