මිග් යානා ගනුදෙනුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 7.8ක් වංචා කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින, රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතු...
ඒ, පෙරේදා (14) පස්වරුවේ ඒ මහතාව කොටුව මහේස්‍ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න මහතාම අධිකරණය වෙත පැමිණ ප්‍රකාශ කර තිබුණේ මෙම විමර්ශනය ඉතාමත්ම සංකීර්ණ එකක් බැවින් උදයංග වීරතුංග මහතාගෙන් ප්‍රශ්න කිරීමට බොහෝ දෑ ඇති බවයි. විශේෂයෙන් බැංකු ගිණුම් තොරතුරු හා මිග් යානා ගනුදෙනුව සම්බන්ධ දෙස් විදෙස් ලේඛන පරීක්ෂා කිරීමට කාලය අවශ්‍ය බවත් විමර්ශනය කරගෙන යන ආකාරය පිළිබඳව නීතිපති උපදෙස් ලබාගත යුතු බවත් අවධාරණය කර ඇති ඒ මහතා එතෙක් උදයංග වීරතුංග මහතාව රක්ෂිත බන්ධනාගාරගත නොකර තමන් භාරයේ තබාගැනීමට අවසර දෙන ලෙසයි දැඩිව ඉල්ලීම් කර තිබුණේ.
කෙසේවෙතත් මහේස්ත්‍රාත් අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර සැකකරු 17 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබුණු අතර ශ්‍රී ලංකාවේ ප්‍රභූ සිරකරුවන් සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් සිදු කෙරෙන ක්‍රමවේදය අනුව උදයංග වීරතුංග මහතාව එදිනම රාත්‍රියේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබිණි.
උදයංග වීරතුංග මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමීප ඥාති සහෝදරයකු වන අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වන්නේ මීටපෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක අංශය භාරව සිටි පොලිස් අධිකාරීවරයාය.
-lankanewsweb
COMMENTS