දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට අයත් මීගමුවේ ‘මිරැකල් ඩෝම්’ ආයතනයේ නැවතත් දේවමෙහෙයන් ක්‍රියාත්ම කිරීම ආරම්භ කර ඇතැයි පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ...
ඒවායේ දර්ශන දේවගැතිවරයා අන්තර්ජාලය ඔස්සේ මුදාහැර ඇති බවද පැවසූ කස්සප හිමියන් මේ උත්සාහ දරන්නේ දේවගැතිවරයා හොර රහසේ ලංකාවට පැමිණ සුපුරුදු ආකාරයෙන් කටයුතු කිරීමට බවත් සඳහන් කළහ.
ජෙරොම් ප්‍රනාන්දු දැන් මෙරට අධිකරණයට අවශ්‍ය පුද්ගලයෙක් බවත් ඔහුගේ දේශනාව වාරණය කිරීමට කටයුතු කළ යුතු බවත් උන්වහන්සේ තවදුරටත් කියා සිටියහ.
කස්සප හිමියන් මෙම අදහස් පළ කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS