ගෘහ මූලික පවුල් ඒකක කේන්ද්‍ර කරගත් සංවර්ධන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මෙහිදී වැඩිදුරටත...
ගෘහ මූලික පවුල් ඒකක කේන්ද්‍ර කරගත් සංවර්ධන වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, තමන්ගේ දේශපාලන ගමන තුළ 1994 සිටම දැවැන්ත අභියෝගවලට මුහුණ දීමට සිදුවු බවයි.
නමුත් හම්බන්තොට දිස්ත්‍රික්කය මහ මැතිවරණ දෙකකදීම ජයග්‍රහණය කළ බවත් පැවසු ප්‍රේමදාස මහතා, 2000 හා 2001 එලෙස ජය ලැබු බවත් අභියෝග මධ්‍යයේ ඉදිරියට යා යුතුව ඇතැයි ද පැවසිය.
පුද්ගලිකව තමාට ඇති අභියෝග ගැන සිතනවාට වඩා රටට මුහුණ දීමට ඇති අභියෝග ගැන වැඩි වශයෙන් සිතන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී කියා සිටියේය.
රට තුළ ක්‍රියාත්මක විය යුතු මනා කළමනාකාරීත්වය අලුත් දැක්මක් තුළින් රට ගොඩනැගීම යන ආදී කරුණු ගෘහ මුලික පවුල් ඒකකය කේන්ද්‍ර කර ගත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ලස්සන වචන ක්‍රියාදාමයන්වලට පරිවර්තනය කිරීම ඉතා අසිරු බවත් පැවසු ප්‍රේමදාස මහතා, එය කරට ගෙන කටයුතු කිරිමට තමා සුදානම් බවත් තම කණ්ඩායම සතුව විශේෂ ගුණාංගයන් හා හැකියාවන් ඇති බවත් ඉලක්කයක් කරා යෑමේ පරපුරුද්ද ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.
ඒ නිසාවෙන් කාර්යක්ෂමතාවය ශක්තිමත් කරමින් ක්‍රියාශීලී රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.
COMMENTS