දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බුර්කාව තහනම් කිරීමේ සූදානමක් !
Homeප්‍රවෘත්ති

බුර්කාව තහනම් කිරීමේ සූදානමක් !

PropellerAds

ස ම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන බුර්කාව වැනි මුහුණු ආවරණ වහා තහනම් කරන ලෙසත් , වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවන ලෙ...

එජාපය අගමැතිගේ රැස්වීමට යෑම දැනට තීන්දුයි
බස්නාහිර පලාතේද කොරෝනා පාලනය කර ගත්තා - අනිල් ජාසිංහ
කොරෝනා රෝගීන් ගණන 690ට නගියි
ම්පූර්ණයෙන් මුහුණු ආවරණය වන බුර්කාව වැනි මුහුණු ආවරණ වහා තහනම් කරන ලෙසත් , වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවන ලෙසත් ජාතික ආරක්ෂාව පිළිබද ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවට  යෝජනා කර සිටී. පාස්කු ප්‍රහාරයෙන් පසු සමාජය තුළ මතභේදයට තුඩු දුන් කරුණු 14කට විසදුම් යෝජනා ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට ඊයේ (19) ඉදිරිපත් වු විශේෂ වාර්තාවේ මේ බව සදහන් වේ.මෙම වාර්තාව පාර්ලිමේන්තුවට  ඉදිරිපත් කරන ලද්දේ එම  කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා විසිනි.
මේ වන විට රටවල් ගණනාවක් බුර්කාව තහනම් කර ඇති බවයම්කිසි පුද්ගලයෙකු ප්‍රසිද්ධ ස්ථානයක මුහුණු ආවරණය කරගෙන සිටින විටදී අනන්‍යතාව තහවුරු කරගැනීම සදහා එම මුහුණු ආවරණ ඉවත් කිරීමට යමෙක් අවනත නොවේ නම් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ බලය ද පොලිසියට තිබිය යුතු බව මෙම වාර්තාවෙන් යෝජනා කර ඇත.

වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය අත්හිටුවීමට අවශ්‍ය නීති පැනවීම සදහා මැතිවරණ කොමිසමට මෙම වාර්තාව මගින්  නිර්දේශ ඉදිරිපත් කොට තිබේ.මේ අනුව අදාළ පක්ෂ නාමයන් හෝ එහි ව්‍යවස්ථාව තුළ යම් වාර්ගික හෝ ආගමික ගැටුම්කාරි තත්ත්වයක් ඇති දේශපාලන පක්ෂ ලියාපදිංචිය තහනම් කිරීමත් දැනට එවැනි පක්ෂයක් ඇති නම් එය නිශ්චිත කාලයක් ඇතුළත (වසර 2-3)ආගමික හෝ වාර්ගික නොවන  දේශපාලන පක්ෂයක් බවට පත් කළ යුතු බවටත් නිර්දේශ ඉදිර්පත් කොට තිබේ.

වසර 03 ක් ඇතුළත මද්‍රාසා ආයතනවල ඉගෙනුම ලබන සිසුන් සියලු දෙනා අධ්‍යාපන අමාත්‍යාංශ‍ය  යටතේ ඇති සාමාන්‍ය පාසැල් පද්ධතියට  අන්තර් ග්‍රහණය කළ යුතු බව ද මෙම වාර්තාවේ සදහන් වේ.මේ අනුව මද්‍රසා ආයතන අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත් කිරීමට මීට පෙර ඉදිරිපත්වු යෝජනාව ප්‍රතික්ෂේප කරන මෙම කමිටුව මද්‍රසා පාසැල් ක්‍රියාත්මක විය යුත්තේ අ.පො.ස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හැදෑරීමෙන් පසු මවුලවිවරුන්ගේ  අධ්‍යාපනය සදහා පමණක්  බව යෝජනා කර ඇත. එසේම මද්‍රසා ආයතන  නියාමනය සදහා විශේෂ කමිටුවක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව යටතේ  පිහිටුවීමද මෙම වාර්තාවෙන් යෝජනා කර ඇත.

තවද සියලු ඉස්ලාමීය අධ්‍යාපන ආයතනවල ඉගැන්වෙන විෂයමාලා ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතියට යටත් කිරීම ,ඉදිරියේදී පළ කෙරෙන ඉස්ලාම් පෙළ පොත් සංස්කරණය සදහා පිළිගත් විද්වත් කමිටුවක් පත් කිරීම ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිර්දේශ ගණනාවක් මීට අයත් වේ

මීට අමතරව ඉදිරියේදි එල්ල විය හැකි ත්‍රස්තවාදී ප්‍රහාර පිළිබද අභියෝග කෙරෙහි අවධානය යොමු කරමින් ජාතික ආරක්ෂණ ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම,ජාතික හා ජාත්‍යන්තර නව වර්ධනයන්ට අනුකූලව ආගමන හා විගමණ නීතිය සංශෝධනය කිරීම,විද්‍යුත් ,මුද්‍රිත හා සමාජ මාධ්‍ය නියාමනය,මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය කිරීම,මුස්ලිම් සිවිල් සමාජය බල ගැන්වීම,වකුෆ් පනත් සංශෝධනය කිරීම , අන්තර් ආගමික සහජීවනය තහවුරු වන පිරිදි ආගමික මධ්‍යස්ථාන හා දහම්පාසැල් ඉදිකොට පවත්වා ගෙන යාම , සියලු ආගම් එක්කළ සර්වාගමික කටයුතු අමාත්‍යාංශයක් පිහිටුවීම හා හලාල් සහතිකකරණය ඇතුළු විෂය පථයන් 14කට  අදාළ නිර්දේශ මෙහි අන්තර්ගත වේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බුර්කාව තහනම් කිරීමේ සූදානමක් !
බුර්කාව තහනම් කිරීමේ සූදානමක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEimcPeiCpkNfaf6U4M3tIOEqdOQPb3w4RItxgyEGGeIwxcf5KcEhEYjPq6RjC_FSFOgDdrcZBYf8CSE0fbRgWHWlQZMpOP-jW3yKGhqQSRyr3ymjejQJgOBWuOzacspSu0jPJyv1Wnu_mg9/s320/d23da704abc8e8c611046b54c3a160f47b5f4f36.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEimcPeiCpkNfaf6U4M3tIOEqdOQPb3w4RItxgyEGGeIwxcf5KcEhEYjPq6RjC_FSFOgDdrcZBYf8CSE0fbRgWHWlQZMpOP-jW3yKGhqQSRyr3ymjejQJgOBWuOzacspSu0jPJyv1Wnu_mg9/s72-c/d23da704abc8e8c611046b54c3a160f47b5f4f36.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_861.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_861.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy