නො රොච්චෝල ගල් අඟුරු බලාගාරය වරින් වර කැඩෙන්නට හේතුව සෙවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් පත් කිරීමට යයි....
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය වරින් වර කැඩෙන්නට හේතුව සෙවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් විශේෂ පරීක්ෂණ කණ්ඩායමක් පත් කිරීමට යයි.
පවතින දැඩි නියඟයට මුවාවී පෞද්ගලික ඩීසල් බලාගාර හිමියන්ගෙන් වැඩි මිල ගණන්වලට විදුලිය මිලදී ගැනීමේ අරමුණින් කිසියම් පිරිසක් විසින් නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය අක්‍රිය කරන්නේද යන සැකය නිසා මෙම පියවර ගැනීමට නියමිතය.
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ මෙගාවොට් 300ක් ජනනය වන එක් යන්ත්‍රයක් මාස තුනක් තිස්සේ අලුත්වැඩියා කර ඉකුත් මස යළි විදුලි උත්පාදන කටයුතු ආරම්භ කළද දින 10ක් තුළ යළිත් එය කැඩී යෑම සැකයට තුඩු දෙන කාරණයක් යැයි ලංවිම ඇතැම් ඉන්ජිනේරුවන් හෙළි කර ඇත. රුපියල් කෝටි 69ක් මේ නිසා දැනටමත් පාඩු වී තිබෙන අතර වරින්වර නොරොච්චෝල බලාගාරය කැඩී යෑම පිළිබඳ සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ පරීක්ෂණ කණ්ඩායම පත් කිරීමට තීරණය කර ඇත.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (24දා) පැවැති පුවත්පත් සාකච්ඡාවක් අතරතුර ඇමැති බන්දුල ගුණවර්ධන මහතාද කියා සිටියේ ජනාධිපතිවරයා විසින් ඒ පිළිබඳ සෙවීමට විශේෂ කණ්ඩායමක් පත් කරනු ඇති බවයි.
ඉකුත් රජය විසින් 2020 වසරට අදාළව සම්මත කරගෙන තිබූ අතුරු සම්මත ගිණුමට ඉකුත් බ්‍රහස්පතින්දා (20දා) සංශෝධන ගෙන ඒමට එජාපය ඉඩ නොදීම නිසා කොන්ත්‍රාත්කරුවන්ට, ඉදිකිරීම් සමාගම්වලට ගෙවීමට නියමිත මුදල් නොමැති බවද බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා එහිදී කියා සිටියේය.
මේ වනවිට රට තුළ දැවැන්ත මූල්‍ය අර්බුදයක් නිර්මාණය වී ඇතැයිද ණය සීමා වැඩි කරගන්නට ගත් උත්සාහයට එරෙහිවීම නිසා පොහොර මිලදී ගැනීම, ඔෟෂධ මිලදී ගැනීම ඇතුළු කටයුතුවලටද ඉතා නරක ලෙස එය බලපා ඇතැයිද බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා පැවැසීය.
2020 අප්‍රේල් 30 වැනිදා වන තෙක් තිබෙන පුනරාවර්තන වියදම් සඳහා මුදල් ප්‍රශ්නයක් නැතැයිද ආණ්ඩුව විසුරුවා හැරි පසු ජනාධිපතිවරයාට ඒකාබද්ධ අරමුදලෙන් අවශ්‍ය මුදල් ලබාගත හැකි බවද ඇමැතිවරයා කියා සිටියේය. ප්‍රශ්නය වී ඇත්තේ 2019 වසරට අදාළ ගෙවීම් සඳහා මුදල් නොමැතිකම යැයිද හෙතෙම කීය.
රට තුළ ඇති වී තිබෙන බරපතළ මූල්‍ය අර්බුදය පිළිබඳ කථානායක කරු ජයසූරිය මහතා මුණගැසී පාර්ලිමේන්තුව යළි කැඳවා අතුරු සම්මත ගිණුමට සංශෝධන ගෙන ඒමට අවශ්‍ය මැදිහත්වීම් කිරීමට තමා කටයුතු කරන බවද එහිදී තවදුරටත් පැවැසීය.
කෙසේ වෙතත් මෙම ආරංචිය සල වූ සැනින් හදිසියේම කැඩුණ බව කියන නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ මෙගාවොට් 300ක යන්ත්‍ර කඩිමුඩියේ යළි පද්ධතියට සම්බන්ධ කිරීමට ලංවිම කටයුතු කර තිබේ.
මෙම බලාගාරය හදිසියේ බිඳ වැටුණ පසු ඒ පිළිබඳ සෙවීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂඥ පරීක්‍ෂණ කණ්ඩායමක් පත් කිරීමට යන බවට ඊයේ (24දා) සවස ප්‍රචාරය වූ අතර එම ආරංචියෙන් පසු ලංකා විදුලිබල මණ්ඩල ජේයෂ්ඨ ඉන්ජිනේරුවකු කියා සිටියේ බලාගාරයේ තිබූ දෝෂය හඳුනාගත් බවත්, අද (25දා) වන විට එම බලාගාරයේ විදුලි උත්පාදනය යළි ආරම්භ කළ හැකි වනු ඇති බවත්ය.
මේ සම්බන්ධයෙන් ලංවිම ඉන්ජිනේරු සංගමයේ සභාපති අනුරුද්ධ තිලකරත්න මහතාගෙන් විමසූ විට ඒ මහතාද කියා සිටියේ බලාගාරයේ ලිහිසි තෙල් වෑස්සීමක් තිබූ බවත්, එය සකසා අද (25දා) වන විට යළි බලාගාරයේ විදුලි ජනන කටයුතු ආරම්භ කළ හැකි වනු ඇති බවත්ය.
ශිරාන් රණසිංහ
මව්බිම

COMMENTS