ප රිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට නොගෙනීමෙන් කොන්ත්‍රාත්කරුවන්, උප කොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් ඇතුළු සේවක පවුල්වල සාමාජි...
පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට නොගෙනීමෙන් කොන්ත්‍රාත්කරුවන්, උප කොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් ඇතුළු සේවක පවුල්වල සාමාජිකයන් ලක්ෂ එක හමාරක පමණ පිරිසක් පීඩාවට පත්වන බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා කියයි.
‘යහපාලන‘ රජය මඟින් ඉකුත් වසරේ සිදුකර ඇති මිලදී ගැනීම්, ඉදිකිරීම් ඇතුළු කරුණු ගණනාවක් වෙනුවෙන් නොගෙවූ රුපියල් බිලියන 367ක (කෝටි 36,700) මුදල අදාළ පාර්ශ්වයන්ට ගෙවීම සඳහා මේ පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බවද ඔහු සිළුමිණ පුවත් පතට පවසා තිබේ.
උද්ගතව ඇති මෙම තත්ත්වය හේතුකොට ගෙන එළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දේදී මේ අය ආර්ථික අර්බුදයට ලක්වනු ඇතැයි ද ඔහු සඳහන් කර සිටී.
මේ අතර, විපක්ෂය පාර්ලිමේන්තුවේදී පරිපූරක ඇස්තමේන්තුව පරාදකරනු ඇතැයි වූ සැකය මත එය ඉදිරිපත් නොකළ බව මුදල් අමාත්‍ය හා අග්‍රාමාත්‍ය මහහින්ද රාජපක්ෂ මහතා කියයි.
හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාව සඳහා පුරනැගුම වැඩසටහන යටතේ ඉදිකළ පස් මහල් බහුකාර්ය ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව පැවැති උත්සවයේදී අගමැතිවරයා මේ බව පවසා තිබිණි.
ඉදිරිපත් කරන්නේ නැති වුනහම පරාද කරන්න බෑණේ - මහින්ද
ඔහු එහිදී වැඩිදුරටත් මෙසේද පවසා තිබිණි.
රජයේ කොන්ත්‍රාත් කළ කොන්ත්‍රාත්කරුවන්ගේ දරුවන්ට එළඹෙන සිංහල අලුත් අවුරුද්දට ඇඳුම් ටිකක් ගන්න අනෙකුත් අවශ්‍ය දේවල් ගන්න මුදල් දෙන්නයි මේ පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළේ.
" නමුත් විපක්ෂය ඒකට විරුද්ධ වුණා. ඒ අය බැලුවේ අපිව පරද්දගෙන ඊළඟ මැතිවරණයට යන්න. නමුත් අපේ අය ඒ අයට වඩා දේශපාලන බුද්ධිය තියෙන පාර්ලිමේන්තු ක්‍රමය ගැන දැනුමක් තියෙන පාර්ලිමේන්තුවේ කළ යුතු කාර්යයන් ගැන අවබෝධයක් තියෙන පිරිසක්.
ඒ යෝජනාව ඉදිරිපත් කළේ නෑ. ඉදිරිපත් කරන්නේ නැති වුනහම පරාද කරන්න බෑණේ.”
"අපි විපක්ෂයේ ඉන්න කොට ජනතාවට යම් කිසි හොඳ වැඩක් කරනවානම් ඒ හොද වැඩේට අපි හැම වෙලාවේම සහාය දුන්නා.
ජනතාවට යම් කිසි හොඳ වැඩක් වෙනවා නම් අපි සහාය දුන්නත් ආණ්ඩුවේ ඉන්න එයාලට හොඳ ක් වන වැඩවලට අපි සහාය දුන්නේ නෑ. නමුත් ඒ තත්වය අද නැහැ. විපක්ෂයට ආසන සංඛ්‍යාව වැඩියි. මම නම් මේ ගැන සාකච්ඡා කරන කොට මම කිව්වා මේක භාර ගන්න එපා කියලා.
ආණ්ඩුව එයාලටම කර ගෙන යන්න දෙන්න කියලා. විපක්ෂයට වැඩි ආසන සංඛ්‍යාවක් තියාගෙන මේ ගමන යන්න පුළුවන් කමක් නෑ කියලා අපි විශ්වාස කරන නිසා. නමුත් වැඩි දෙනා කිව්වේ භාර ගෙනඅපි කරමු කියලා.
දැන් අපිට ඒක ගැටළුවකුත් නෙවෙයි. මාර්තු මාසයේ පළමුවැනිදායින් පස්සේ ඕනම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යන්න අවස්ථාවක් එනවා‘‘ යැයි අගමැතිවරයා කීය.”
පොහොර සහනාධාරේ - ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලී ගෙවිල්ලත් නවතියි
මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටින්නේ පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කළේ යහපාලන රජය යටතේ විවිධ ඉදිකිරීම්, පොහොර සහනාධාරය, ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලී සහනාධාරය ඇතුළු විවිධ අංශවල නොගෙවා ඇති හිඟ මුදල් ගෙවීමට බවත්, කොන්ත්‍රාත්කරුවන්, උප කොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් ගැන පමණක් සිතා නොවන බවත්, ඔවුන් ගෙන් යැපෙන ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ සුබසිද්ධිය සැලසීම වෙනුවෙන් බවයි.

COMMENTS