දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
‘වුහාන් මෙහෙයුම’ ශ්‍රී ලංකාව ලැබූ රාජ්‍ය තාන්ත්‍රික ජයක්… ඊට නායකත්වය දුන්නේ ජනපතියි.. දියුණු රටවලටද අප ආදර්ශයක් - වූහාන් 33 අමතමින් හමුදාපති කියයි
Homeප්‍රවෘත්ති

‘වුහාන් මෙහෙයුම’ ශ්‍රී ලංකාව ලැබූ රාජ්‍ය තාන්ත්‍රික ජයක්… ඊට නායකත්වය දුන්නේ ජනපතියි.. දියුණු රටවලටද අප ආදර්ශයක් - වූහාන් 33 අමතමින් හමුදාපති කියයි

PropellerAds

කො රෝනා වෛරසය පැතිර ගිය චීනයේ වුහාන් නගරයේ සිට සිය රට ගෙන්වා ගත් ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු 33 දෙනා දෙමාපියන් වෙත භාරදීම වෙනුවෙන් හමුවක් 14 ...

නාමල් රාජපක්ෂ ආර්ථික අර්බුදයේ වගකීම නිලධාරීන් පිට පටවයි (VIDEO)
ඊළග පාර්ලිමේන්තුව රැස් වෙන්න කලින් රාජපක්ෂලා ගෙදර නොගියොත් හතර වටින්ම වටලනවා - අන්තරේ
පාර්ලිමේන්තුව අසළ විරෝධතාවයේ නිරත පුද්ගලයෙකුට පොලීසිය බිමදමාගෙන පහරදී මුහුණටම කඳුළු ගෑස් ගසයි (VIDEO)
කොරෝනා වෛරසය පැතිර ගිය චීනයේ වුහාන් නගරයේ සිට සිය රට ගෙන්වා ගත් ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු 33 දෙනා දෙමාපියන් වෙත භාරදීම වෙනුවෙන් හමුවක් 14 පස්වරුවේ යුද හමුදාපති සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ දී පැවැත්විණි.

සති දෙකකට පෙර වුහාන් සිට විශේෂ ගුවන් යානයකින් මත්තල ගුවන්තොටුපළට පැමිණි සිසුහු විශේෂ බස් රථයකින් දියතලාව යුධ හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යනු ලැබූහ.  දින 14ක නිරෝධායන කාලය අවසන නිරෝගී බව තහවුරු වීමෙන් අනතුරුව ඕව්හු දියතලාව යුද හමුදා කඳවුරෙන් පිටත් වූහ.

සිසුන් ආරක්ෂාකාරීව සිය රටට ගෙන ආ මානුෂීය මෙහෙයුමට දායක වූවන් ඇගැයීම ද මෙම හමුවේ දී සිදු කෙරිණ. ජීවිත අවදානම නොතකා කැපවූ සියලුදෙනා සේනාධිනායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් යුද හමුදාපතිවරයාගේ ඇගයීමට ලක් විය.

ලෝකයේ දියුණු රටවලට ආදර්ශයක් වෙමින්  කළ  මෙහෙයුම ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ලබාගත් සුවිශේෂ ජයග්‍රහණයක්  බවත්,  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිවැරදි නායකත්වය ඊට ඉවහල් වූ බවත් යුද හමුදාපතිවරයා පැවසීය.

ඊට දායක වූ සියලු ආයතන වෙත ද ස්තූතිය පුද කෙරිණි.

සිය අදහස් දැක්වූ සිසුන් කියා සිටියේ ආපදා අවස්ථාවේ දී තමන් තනි නොකර රටවැසියන් වෙනුවෙන් වගකීම් ඉටුකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට  කෘතඥතාව පළ කරන බවයි.

රට වැසියන් වෙනුවෙන් නොබියව පෙනී සිටින එතුමාගේ වැඩපිළිවෙළ ලෝකයටම ආදර්ශයක් බවද ඕව්හු පෙන්වා දුන්හ.

විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවීනාත් ආර්යසිංහ, විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්වරු, ශ්‍රී ලංකා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහූ, විදේශ අමාත්‍යාංශයේ සහ ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා අධිකාරියේ නිලධාරිහු හා කාර්ය මණ්ඩල හමුවට එක්ව සිටියහ.

– media unit


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ‘වුහාන් මෙහෙයුම’ ශ්‍රී ලංකාව ලැබූ රාජ්‍ය තාන්ත්‍රික ජයක්… ඊට නායකත්වය දුන්නේ ජනපතියි.. දියුණු රටවලටද අප ආදර්ශයක් - වූහාන් 33 අමතමින් හමුදාපති කියයි
‘වුහාන් මෙහෙයුම’ ශ්‍රී ලංකාව ලැබූ රාජ්‍ය තාන්ත්‍රික ජයක්… ඊට නායකත්වය දුන්නේ ජනපතියි.. දියුණු රටවලටද අප ආදර්ශයක් - වූහාන් 33 අමතමින් හමුදාපති කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDXsxCD82syiZmSRVnyNaM-f4m6EEt2JrrNOW-bKJ6tCtQIEoJgkYlgPXRWlQYbau-1O3B9NfXlOriCYFxjNI28ajLUAC9XKO6Sp-5mMuj9J6Q1cAYJmfk_ThKBDIztmfDNL8ZNIS78CIF/s320/shawendra.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhDXsxCD82syiZmSRVnyNaM-f4m6EEt2JrrNOW-bKJ6tCtQIEoJgkYlgPXRWlQYbau-1O3B9NfXlOriCYFxjNI28ajLUAC9XKO6Sp-5mMuj9J6Q1cAYJmfk_ThKBDIztmfDNL8ZNIS78CIF/s72-c/shawendra.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/33_15.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/33_15.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy