දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාසට
Homeප්‍රවෘත්ති

නව සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාසට

PropellerAds

එ ක්සත් ජාතික පක්‍ෂ නායකයා ලෙස තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතාත්, පිහිටුවනු ලබන එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයේ නායකයා සහ අගමැති අපේක්...

ඇන්දිල්ල දිගටම : ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැම්මේ මෙහෙමයි !
සොහොනටත් හෙණ ගහනවා… ඔබට වැදුනෙ නැත්නම් දරුවන්ට හරි වදිනවා - විජේදාස සාප කරයි
විජේදාස ජනාධිපතිවරණයට! - විමල්ගේ ජාතික සංවිධානවලට සැකයක්!
ක්සත් ජාතික පක්‍ෂ නායකයා ලෙස තවදුරටත් රනිල් වික්‍රමසිංහ මහතාත්, පිහිටුවනු ලබන එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයේ නායකයා සහ අගමැති අපේක්‍ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතාත් පත් කිරීමට ඊයේ (30දා) ‘සිරිකොත’ පක්‍ෂ මූලස්ථානයට රැස්වූ එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේය.
මේ තීරණය ගෙන ඇත්තේ එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩල පූර්ණ සාමාජිකත්වය නොමැතිවීම විශේෂත්වයකි.

කලින් වසරේ එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් සිවුදෙනකුගේ සාමාජිකත්වය මෙවර අහෝසි කර තිබිණි.

එම තීරණයට විරෝධය පළ කරමින් එ.ජා.ප. නියෝජ්‍ය නායක, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රිවරුන් පිරිසක් ඊයේ (30දා) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කිරීමට පියවර ගෙන තිබිණි.

එක්සත් ජාතික පක්‍ෂ ව්‍යවස්ථාවට අනුව එම කෘත්‍යාධිකාරී මණ්ඩලයට සාමාජිකයන් 59ක් සිටින අතර ඊයේ පැවැති රැස්වීමට සහභාගි වී ඇත්තේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් 37 දෙනකු පමණි. නොපැමිණි සාමාජිකයන් 22 දෙනාගෙන් සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු 16 දෙනකු රැස්වීමට නොපැමිණීම පිළිබඳව කලින් දන්වා නොතිබූ බවත්, 6 දෙනකු පමණක් එදින සහභාගි නොවන බව දැනුම් දුන් බවත්, එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

ඉදිරි මහ මැතිවරණයට තරග වදින එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයේ නායකත්වය, මැතිවරණ මෙහෙයවීමේ නායකත්වය සහ අගමැති අපේක්‍ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට දීමට තීරණය කළ බවද හෙතෙම කීවේය.

එමෙන්ම ලබන බ්‍රහස්පතින්දා (6දා) එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය නැවත රැස්වී ඉදිරි කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීමටද එහිදී තීරණය කළ බවද ඔහු කීවේය.

කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කරන ලද සාමාජිකයන් පිළිබඳ විනය පරීක්‍ෂණ පවත්වා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට එහිදී තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් මාන්නප්පෙරුම මහතා පැවැසීය.

එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අදහස් දක්වමින් ජෝන් අමරතුංග මහතා යෝජනා කර ඇත්තේ, කෘත්‍යාධිකාරී මණ්ඩලයට නොපැමිණෙන අය වෙනුවට නව සාමාජිකයන් පත් කළ යුතු බවකි. එහිදී ඊට ඒකමතිකව අනුමැතියක් හිමිවූ බවද එම පක්‍ෂයේ ජේ‍යෂ්ඨයෙක් සඳහන් කළේය.

එමෙන්ම මංගල සමරවීර මහතා පවසා ඇත්තේ, සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්‍ෂකත්වය දීමේදී රනිල් වික්‍රමසිංහ මහතා එජාප නායකත්වයේ සිටිය යුතු බවට තමා එදා පැවැසූ ස්ථාවරයේ අදත් සිටි බවත්, එය වෙනස් නොවන බවත් සඳහන් කර තිබේ.

රවි කරුණානායක මහතා අදහස් දක්වමින්, පසුගිය ජනාධිපතිවරණයේදී තිස්සමහරාම ආසනයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද හතළිස් නව දහසකින් පරාජය වූ බව ප්‍රකාශ කොට ඇත්තේ ඔහු පක්‍ෂ නායකත්වයට නුසුදුසු බව අවධාරණය කරමින්ය.

ඉකුත් වසරේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, අජිත් පී. පෙරේරා. කොළඹ පුරපතිනි රෝසි සේනානායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ඉම්තියාස් බාකීර් මාකාර් යන අය මෙවර කෘත්‍යාධිකාරි මණ්ඩලයට පත්කර නොතිබූ අතර ඔවුන්ට රැස්වීමට සහභාගි වන ලෙස දැනුම් නොදීම ඔවුනගේ සාමාජිකත්වය අත්හිටුවීම නිසා සිදුකළ එකකැයි එජාප ජේ‍යෂ්ඨයෙක් ‘මව්බිම’ට පැවැසීය.

කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීමට ගත් තීරණයට ඊයේ කෘත්‍යාධිකාරී මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

ඉදිරි මහ මැතිවරණයේදී අපේක්‍ෂකයන්ට නාම යෝජනා ලබාදීමට අදාළ ‘නාම යෝජනා මණ්ඩලයක්’ පත්කිරීමටද මෙහිදී තීන්දු කරනු ලැබීය.

දෙනගම ධම්මික රණවීර, උපතිස්ස පෙරේරා, ඩබ්ලිව්.කේ ප්‍රසාද් මංජු, ශිරාන් රණසිංහ


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාසට
නව සන්ධානයේ නායකත්වය සහ අගමැති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාසට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgGUr_aF_G42hI4bP6FEgFnTP1MT5rSIoLiXL9-D_xmqiR3Q4YMFMcIMgsYb-msk89LB21H5iebuIFMpWG4agdgMW6DLV-XIGeC6fQZ6D8uKhJRgcD2emkgrJEnfdE0VSBpO5fkvJ4N-Um1/s320/sajith-unp.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgGUr_aF_G42hI4bP6FEgFnTP1MT5rSIoLiXL9-D_xmqiR3Q4YMFMcIMgsYb-msk89LB21H5iebuIFMpWG4agdgMW6DLV-XIGeC6fQZ6D8uKhJRgcD2emkgrJEnfdE0VSBpO5fkvJ4N-Um1/s72-c/sajith-unp.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_691.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_691.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy