දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විජේදාස ජනාධිපතිවරණයට! - විමල්ගේ ජාතික සංවිධානවලට සැකයක්!
Homeප්‍රවෘත්ති

විජේදාස ජනාධිපතිවරණයට! - විමල්ගේ ජාතික සංවිධානවලට සැකයක්!

PropellerAds

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ 'පෝට් සිටි' ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවන බරපතල මුසාවාදයන් ප්‍රචාරය කිරීමට දායකත්වය...

සෞඛ්‍ය ප්‍රධානියා තව සති 2ක් රට වහන්න ඉල්ලයි! ජනපතිගේ තීන්දුව අද!
පහන්තුඩාව යුවලගේ අසභ්‍ය වීඩියො වැලක් හෙලිවෙයි… ආසන්නයේම මීමුරේ වීඩියෝවක්..
පාරිභෝගික අධිකාරිය දැන දැනම බලන් හිටියා. මේක ලොකු ෂෝ එකක්ද ? මොකක්ද මේකෙ ඩීල් එක ? - හර්ෂ
පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ 'පෝට් සිටි' ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවන
බරපතල මුසාවාදයන් ප්‍රචාරය කිරීමට දායකත්වය සපයන බව අමාත්‍ය විමල් විරවංශ විසින් මෙහෙයවනු ලබන ජාතික සංවිධාන එකමුතුව පවසයි. දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර එබව පවසා සිටියේ, ඊයේ (18) රාජගිරියේ පිහිටි සිය මූලස්ථානයේදී මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමිනි.
 
එහිදී වසන්ත බණ්ඩාර අවධාරණය කර සිටියේ, පෝට් සිටි ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට වාසිදායක ලෙස සිදුවනවාය යන කාරණය මනාව තහවුරු වන්නේ ඉන්දියාව සහ අමෙරිකා එක්සත් ජනපදය, මෙම ව්‍යාපෘතියට අදාලව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැරසෙනවාය යන කාරණය ප්‍රචාරය වූ වහාම දැක්වූ ප්‍රතිචාර හේතුවෙන් බවයි. 
 
එම රටවල් කිසිම විටක අප රටේ ආර්ථික ස්වාධීනත්වය තහවුරු වන කිසිදු ව්‍යාපෘතියකට අතීතයේදී ආශිර්වාද පළ නොකළ බව වෛද්‍ය වසන්ත බණ්ඩාර කියා සිටියේය.
 
 
ඒ අනුව විජේදාස රාජපක්ෂ ඊළඟ ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා වීමේ අරමුණු ඇතිව සමහර අදේශපාලනික හැසිරීම් වල නියැලෙන බව තහවුරු වන බවද ඔහු පවසා සිටියේය.
  
විජේදාස රාජපක්ෂ අධිකරණ ඇමතිවරයාව සිටිද්දී පැයක් ඇතුලත පනත් හතලිස් ගනණක් සම්මත කිරීම මෙන්ම රණවිරුවන් ජාත්‍යයන්තර අධිකරණයට දැක්වීමට අදාල වන පනත් හතරක් සම්මත කිරීමට දායකවූ අයෙකු බවද සිහිපත් කළ වෛද්‍ය වසන්ත බණ්ඩාර, විජේදාස රාජපක්ෂ හිතාමතා ජනතාව නොමඟ යවන බවද කියා සිටියේය.
 
මෙම 'පෝට් සිටි' ව්‍යාපෘතියට විරුද්ධව ඇමරිකාව සහ ඉන්දියාව ප්‍රසිද්ධියේ මෙන්ම අප්‍රසිද්ධියේත් කටයුතු කරණ බව කවුරුත් දන්නා බවත්, 'පෝට් සිටි'ය මුදල් විශුද්ධිකරණ නගරයක් බවට පත්වේයැයි ඇමරිකානු තානාපතිනිය ප්‍රකාශ කළ ද මුලු ඇමරිකාවම මුදල් විශුද්ධිකරණ දේශයක් මෙන්ම එහි උපත සහ ප්‍රචලිත කිරීම තිබෙන්නේ ඇමරිකාවේම බවත් ඔහු සඳහන් කළේය.
 
ජාතික සංවිධාන එකමුතුවේ කණ්ඩායමට ඇති පූර්ව අත්දැකීම් අණුව ඉන්දියාවත් ඇමරිකාවත් යම්කිසි දෙයකට පක්ෂපාතී වන්නේ නම් හැමවිටම ඒ දෙස සැකයෙන් බැළිය යුතු වන අතරම ඉන්දියාවත් ඇමරිකාවත් යම්කිසි දෙයකට විරුද්ධ වන්නේ නම් මුලින්ම එයට පක්ෂපාතීව ඒ දෙස බැලීම කණ්ඩායමේ භාවිතාව බවත් ඔහු වැඩිදුරටත් පවසයි. ඒ තුළ යම් යම් අඩුපාඩු පවතින්නේ නම් එය නිවැරදි කරගැනීමට කටයුතු කරන බව ද ඔහු පවසයි.
  
'පෝට් සිටි' ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගැඹුරින් කළ අධ්‍යයනයට අනුව,  මේ දූපත ශ්‍රී ලංකා රජයත් චීන ව්‍යාපාරික ආයතනයත් ගිවිසුම්ගතව නිර්මාණය කිරීමේදී එම චීන ව්‍යාපාරික ආයතනය ශ්‍රී ලංකා මුහුදෙන් වැලි මෙට්‍රික් ටොන් මිලියන 100 පොම්ප කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.4ක් වියදම් කර ඇති බවත්, එම වැලිවල වටිනාකම එමෙන් දෙගුණයක් බවත් මෙම දූපතේ විදේශ ආයෝජන ක්‍රියාවළිය කඩාකප්පල් කිරීමකින් තොරව ඉදිරියට යායුතු වන අතර එය කඩාකප්පල් කිරීමට උත්සාහ දැරීම බරපතළ වරදක් බවත් ඔහු පෙන්වාදෙයි.
 
 දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මෙම මාධ්‍ය හමුවේදී පහත කරුණු ද සඳහන් කළේය.
 
මෙම දූපතේ හෙක්ටයාර 116ක් බදු පදනමින් චීන සමාගමට අයත් වන අතර ශ්‍රී ලංකාවට හෙක්ටයාර 62ක් අයත් වෙයි. 
 
උද්‍යාන, මාර්ග සහ සෙසු පොදු භූමිය ශ්‍රී ලංකා රජය මගින් පාලනය වේ. 
 
චීන සමාගමට අයත් හෙක්ටයාර 116ට ඔවුනට ඇත්තේ බදු අයිතියක් පමණි. 
 
මෙම පනතින් පිහිටුවන කොමිෂන් සභාව මගින් එහි ආයෝජනයන් නියාමණය කිරීම සිදුවන බවත් ඒ නිසා මින් චීන කොළනියක් ඇතිවන බවට කරන ප්‍රකාශ බොළඳ ප්‍රකාශයන් වේ.
 
පසුගිය රජයේ ජනාධිපති විසින් මෙම භූමිය කොළඹ නගරයේ කොටසක් ලෙස ප්‍රකාශයට පත් කරමින් පළමු ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර ඉන් පසු එම භූමිය නාගරික සංවර්ධන අධිකාරියට පැවරීම ද කර ඇත.
 
 ඉන් පසු එවකට නාගරික සංවර්ධන ඇමති ලෙස කටයුතු කළ පාඨලී චම්පික රණවක විසින් අදාල ගැසට් නිවේදනය නිකුත් කර ඇත. 
 
ඉන් පසු හෙක්ටයාර 116ක් පමණක් 99 අවුරුදු බදු පදනමින් චීන සමාගමට ලබාදී තිබේ.
 
ඒ අනුව චීන සමාගමට හැකි වන්නේ එම හෙක්ටයාර 116 වෙනත් සමාගම් සඳහා නැවත බදු දීමක් පමණක් වන අතර වෙනත් අයිතියක් ඔවුනට හිමි නොවේ.
 
මෙම ගැසට් නිවේදනයන් අධ්‍යයනය කරණ විට විජේදාස රාජපක්ෂ ගේ පළමු ප්‍රකාශය බොරුවක් බව හෙළිවෙයි. 1934 දෙසැම්බර් 26 දින බලාත්මක කරණ ලද රාජ්‍යයන්හි අයිතීන් සහ වගකීම් පිළිබඳ මොන්ටිවීඩියෝ සම්මුතිය උපුටා දක්වමින් මෙතන වෙනම රටක් හැදෙන්න පුලුවන් යනුයෙන් ඔහු කළ ප්‍රකාශය ද ඉතා බොළඳ ප්‍රකාශයක් වන අතර වෙනම රටක් හැදීමට නම් එම භුමියේ පාරම්පරිකව පදිංචිව සිටි ජන කොට්ඨාශයක් සිටිය යුතුය. වීසා බළපත්‍රයකින් එම ස්ථානයේ පදිංචිව සිටින පුද්ගලයින් සිටි පමණින් වෙනම රටක් නිර්මාණය කිරීමේ පදනමක් ගොඩනොනැගේ.
 
ඔහු හිටපු අධිකරණ ඇමති වරයෙක් ලෙස කරන මෙම ප්‍රකාශ පිළිබඳව බරපතළ ලෙස සලකා බැලීමට සිදුවෙයි.
 
කෙසේ වුවද රජය පැත්තෙන් මෙවැනි වැදගත් ව්‍යාපෘතියක් නීතිගත කිරීමේ පනත් සම්මත කිරීමේදී මීට වඩා මහජන සහභාගිත්වය ලබා ගැනීමට කටයුතු කළ යුතුව තිබූ බවද වෛද්‍ය වසන්ත බණ්ඩාර සඳහන් කළේය.
 
පනත කාරක සභා අවස්ථාවට යොමු කළ විට සමාජයෙන් ඉදිරිපත් වන යම් යම් සාධනීය සංශෝධන පනතට ඇතුල් කිරීමට වග බලා ගැනීම ආණ්ඩුව පාර්ශවයේ වගකීමක් බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය. 
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විජේදාස ජනාධිපතිවරණයට! - විමල්ගේ ජාතික සංවිධානවලට සැකයක්!
විජේදාස ජනාධිපතිවරණයට! - විමල්ගේ ජාතික සංවිධානවලට සැකයක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDXpRWL7n8b2GlvLy35q7qzVGTvKpaff275V5FtM1PfL-imSbzMVKpetuSE6suMaggUk1fxcoZPPFzD-6sY9wsNTiBiHl6_G47MuPbJlcajpQAvJIML2nq9diO1XJktEPg9vPo_zUc1jo/s320/Wijedasa-Wasantha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDXpRWL7n8b2GlvLy35q7qzVGTvKpaff275V5FtM1PfL-imSbzMVKpetuSE6suMaggUk1fxcoZPPFzD-6sY9wsNTiBiHl6_G47MuPbJlcajpQAvJIML2nq9diO1XJktEPg9vPo_zUc1jo/s72-c/Wijedasa-Wasantha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_838.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_838.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy