දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"රාජපක්ෂලා එක්ක ඩීල් දාලා ඔක්කොම කෙනෙහිලිකම් ටික කරලා දැන් එනවා මෙතැන සුද්ද කරන්න" ගාලගෝට්ටිය අස්සේ හරීන් ආශුට ගහන්න පනී
Homeප්‍රවෘත්ති

"රාජපක්ෂලා එක්ක ඩීල් දාලා ඔක්කොම කෙනෙහිලිකම් ටික කරලා දැන් එනවා මෙතැන සුද්ද කරන්න" ගාලගෝට්ටිය අස්සේ හරීන් ආශුට ගහන්න පනී

PropellerAds

පා ර්ලිමේන්තුවේ පැවැති සජිත් පිලේ තීරණාත්මක හමුවෙන් පසුව පස්වරු 3.00 පමණ වෙද්දී එම පිරිස පිටකෝට්ටේ සිරිකොත මූලස්ථානය දෙසට ඇදුණේ  සූදානම් ශර...

විශ්වාසභංගයට අත්සන් නොකල අය බදියුදීන් විසින් මිලට අරන් - විමල් කියයි
බදියුදීන්ට මං විරුද්දයි.. විශ්වාස භංගයට මං පක්‍ෂයි - අගමැති රනිල්ගේ රාජ්‍ය ඇමති නිරෝෂන් කියයි
මීලග ජනාධිපති වීමට අගමැති රනිල්ට නියත විවරණ දෙනවා..- තීනියාවල පාලිත හිමි
පාර්ලිමේන්තුවේ පැවැති සජිත් පිලේ තීරණාත්මක හමුවෙන් පසුව පස්වරු 3.00 පමණ වෙද්දී එම පිරිස පිටකෝට්ටේ සිරිකොත මූලස්ථානය දෙසට ඇදුණේ  සූදානම් ශරීරයෙන් යුතුවය. සජිත් නායකත්වයට පත් කිරීමට එරෙහිව එන ඕනෑම බාධාවක් මෙල්ල  කරන්නට ඔවුහු සූදානමින් සිටියහ. ඒ වන විට රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයේ මන්ත්‍රිවරුද එහි පැමිණෙමින් සිටියහ.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය රැකගැනීම වෙනුවෙන් කතා කරන්නට පිරිසක් සූදානම් කර ඇති බවටද තොරතුරු සජිත් පිල වෙත ලැබී තිබිණි.

රැස්වීම පැවැත්වීමට සූදානම් කර තිබුණේ වෙනදාට එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වන තැනය. ප්‍රමාදයකින් පසුව පස්වරු 3.45 වෙද්දී රැස්වීම ඇරැඹිණි. මුලින්ම කතා කරන්නට නැඟිට්ටේ ජෝන් අමරතුංගය.

“එජාපය කියන්නේ බොහොම පැරැණි පක්ෂයක්. මේ පක්ෂය දෙකඩ කරන්න කාටවත් ඉඩදෙන්න බෑ. අපි බොහොම එකතුවෙලා සමඟියෙන් තමයි මේ ගමන යන්න ඕනෙ.” යැයි කියමින් ජෝන් ගත් ආරම්භය දුටු සජිත් පිල සිතුවේ ජෝන් නායකයාගේ එක් තුරුම්පුවක් බවය. ජෝන් අරන් දුන් ආරම්භය ඊළඟට අතට ගත්තේ් නායක රනිල් වික්‍රමසිංහය.

“අපි ජනාධිපතිවරණය පැරැදුණේ සිංහල බෞද්ධ ඡන්ද පදනම අපෙන් ගිලිහුණු නිසා. මේ ඡන්ද පදනම නැතිව අපට මහ ඡන්දයක් දිනන්න අපහසුයි. ඇත්තටම එහෙම පදනමක් තියෙන කෙනෙක් හැටියට මම කරු ජයසූරිය එක්ක මේ ගැන බොහොම පුළුල්ව කතා කළා. මහා නායක හාමුදුරුවරුන් කියන්නෙ කරුව දාන්න කියලයි. පක්ෂය එකට එකතු වෙලා දෙකඩ වෙන්න නොදී තනි ගමනක් යන්න අවශ්‍යයි. ඒ වෙනුවෙන් දායකත්වය දෙන්න වගකීම භාරගන්න කරු ජයසූරිය මහත්මයා කැමැත්ත පළ කළා” ඉතින් ඒකට අපි කමිටුවක් පිහිටුවනවා.”

රනිල්ට කියන්නට ලැබුණේ එපමණකි. සුජීව සේනසිංහ නැඟී සිටියේය.

‘සර් කරු ජයසූරිය මහත්මයා පක්ෂ නායකයාද?”

“නෑ... නෑ... මමයි නායකයා... කමිටුවේ නායකයා කරු....

මේ කතාවෙන් ආවේගයට පත්වූ රන්ජිත් මද්දුමබණ්ඩාර නැඟිට්ටේය.

‘මේක හරි වැඩක්නෙ සර්... ඔබතුමා පක්ෂෙ නායකයා. ඊළඟට කරුගෙ කමිටුවක්. ඡන්දෙ ඉල්ලන්නෙ තව කෙනෙක්. හැබැයි අපි ගම්වලට ගියාම මිනිස්සු කියන්නෙ රනිල් එනවා නම් අපි ඡන්දෙ දෙන්නෙත් නෑ. ‘පෝලින් බූත්’ එකට එන්නෙත් නෑ කියලයි.

රංජිත්ගේ කතාව අසාගෙන සිටි නවීන් දිසානායක නැඟී සිටියේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ එජාප ඡන්ද පදනම බිඳවැටී තිබෙන හැටි ගැන ඔහු පැහැදිලි කරන්නට පටන් ගත්තේ තමන්ගේ මව හම්බන්තොටින් 1994 ජනාධිපතිවරණයේදී සජිත්ට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් බව කියමිනි. නවීන් සජිත්ට එරෙහිව අපි අමෝරන්නට හදන බව දැනුණු එජාප පසුපෙළේ පීඩනය නවීන්ගේ ඔළුවටම එල්ල විය. ඔවුන්ට තලතා අතුකෝරල හා චන්ද්‍රානි බණ්ඩාරත් එක්ව සිටියහ. සුජීව සේනසිංහ හා මරික්කාර් නවීන්ට පහර පිට පහර එල්ල කළහ. රැස්වීම ගාලගෝට්ටියක් වෙන්නට පටන් ගන්නේ මෙතැනදීය.

“ඔබතුමාලා තමයි මේ පක්ෂය විනාශ කළේ. 2006දී මාමලා බෑනලා 17 දෙනෙක් එක්ක ගිහින් යූඑන්පීය විනාශ කළා. ඒ මදිවාට ආපහු ඇතුළට රිංගගෙන මේක ආයෙමත් විනාශ කරන්න හදනවා.”

නලින් බණ්ඩාර හා අජිත් පී. පෙරේරා නවීන්ව පතුරු ගහන්නට පටන් ගත්හ. මෙතැනදී සජිත් ප්‍රේමදාස මහතා නැඟී සිටියේය.

“එහෙම නම් මාව විපක්ෂ නායකයා විධියට දාලා තියෙන්නේ බොරුවටනෙ. ඔය කියන විධියට මට සුදුසුකම් නෑනෙ. මම සිංහල බෞද්ධ නෙමෙයිද? මේක විසදාගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ඡන්දෙකට යන එක. අපි ඡන්දයකට යමු...”

“ඔබතුමා නායකයා කියනවා. කරු ජයසූරිය වගකීම් භාරගන්න කැමැතියි කියනවා. අපට මේ හතරබීරි කතා පැහැදිලි නෑ. කරුණාකරලා මේක පැහැදිලි කරලා දෙන්න” නලින් බණ්ඩාර රනිල්ට කීවේය.

“මම නායකයා විධියට දිගටම කටයුතු කරනවා. ඊළඟට තව නායකයො කිහිපදෙනෙක් දාලා ඔය වැඩකටයුතු ටික කරන්න ඕනෑ.” රනිල්ගේ මේ මුල මැද අග නැති කතාවට අජිත් පී. පෙරේරාට යකා නැග්ගේය.

“සර්... ඇත්තම කියනවා නම් ඔබතුමා තරහ වෙන්න එපා. අපේ පාක්ෂිකයෝ ඔබතුමාව නායකත්වයේ තියාගෙන මැතිවරණවලට යන්න කැමැති නෑ. එහෙම ඡන්දවලට ගියොත් දිනන්න බෑ. අපි පරදිනවා. මෙහෙම කිව්වාට අමනාප වෙන්න එපා.”

“ඊළඟට නැඟිට්ටේ ආශු මාරසිංහය.

“නායකත්වයට සුදුසුම කෙනා කරු ජයසූරිය මැතිතුමා. නායකයා තෝරන්න වෙනම ඡන්ද පවත්වන්න ඕනෙ නෑ. එතුමාව ඒ සඳහා පත්කරමු.”

ආශුට කියන්නට ලැබුණේ එපමණති. හරීන් ප්‍රනාන්දුගේ මුවින් ඔහු එල්ලයේ දැඩි වාග් ප්‍රහාරයක් එල්ල විය. එය කොතරම් දුරදිග ගියාදැයි කිවහොත් ඇඟ හිරි ඇරගන්න තරමට එය උණුසුම් වෙද්දී මන්ත්‍රිවරු 36 දෙනෙක්ම ආශුට එරෙහිව නැඟී සිටියේ මුළු සභාවම නැවතත් ගාලගෝට්ටියක් කරමිනි.

“ජනාධිපතිවරණ අපේක්ෂකත්වයත් ප්‍රමාද කරලා, රාජපක්ෂලා එක්ක ඩීල් දාලා ඔක්කොම කෙනෙහිලිකම් ටික කරලා දැන් එනවා. මෙතැන සුද්ද කරන්න” යැයි තවත් ලුණු ඇඹුල් සහිත වචන මාලාවක්ද කියමින් හරින් ආශුට පහර දෙන්නට අත ඉස්සුවද යළි ඔහු එය පහතට ගත්තේය.

වජිර අබේවර්ධන මෙන්ම රංගෙ බණ්ඩාරද මෙන්ම දයා ගමගේද සිංහල බෞද්ධ පදනම ගැන කතා කරන්නට ගොස් සජිත් පාර්ශ්වයේ දෝෂදර්ශනයට ලක්වූහ.“වජිරද මෙහිදී සිංහල බෞද්ධකමක් ගැන කතා කරන්නට පටන් ගත්තේය.” වජිර ඔය මොනවද කියවන්නේ. ව්ධ අඥතඥමචදබ  (අදාළ නෑනෙ) අදාළ දේ විතරක් කතා කරන්න.” රනිල් කීවේය.

මෙහිදී මලික් සමරවික්‍රම අපූරු කතාවක් කීවේය.

“මොනවද වජිර ඔය කියවන්නෙ. ඔයාමනෙ මෙතැනදී කරුගෙ රෙදි ගලවන්න කතා කළෙත්. එක වෙලාවක කරුගෙ සරම ඔළුවෙන් ගලවනවා කියපු ඔයාද මේ එයා වෙනුවෙන් කතා කරන්නෙ.”

සරත් ෆොන්සේකා මෙහිදී ඇනුම්පදයක් එල්ල කළේය.

“ඔය සිංහල බෞද්ධ නායකයන්ට ගම්පහට ඇවිල්ලා ඡන්දෙ ඉල්ලන්න කියන්න. ගම්පහ මිනිස්සු කියල දෙයි සිංහල බෞද්ධ නායකයන්ගෙ තරම.”

මේ සියල්ල මැද්දේ රංජිත් මද්දුමබණ්ඩාර යළි නැඟිට්ටේය.

“මිනිස්සු වෙනසක් ඉල්ලනවා. එහෙම නැතිව මේ ගමන ඉදිරියට යන්න බෑ. ඒ නිසා ඔය කමිටුවලට අපි විරුද්ධයි. අනෙක් එක මේ පක්ෂයට නායකත්වය ගැන අතීත උදාහරණ ඕනෑ තරම් තියෙනවා. ප්‍රේමදාස මහත්තයා අගමැති කරන්න මන්ත්‍රිවරු ඡන්දයක් ඉල්ලලයි පත් කරගත්තේ. ගාමිණී දිසානායකයි, ඔබතුමයි ඡන්දෙකට ඇවිත් තමයි එදා විපක්ෂ නායක තේරුවේ. ඒ නිසා මෙතැනදීත් ඡන්දයක් ගන්න. ඡන්දෙන් නායකයා තෝරාගෙන ඊළඟට අපි එකමුතු වෙලා වැඩ කරමු.” ඒ හින්දා මම දැන් පක්ෂ නායකත්වයට සජිත් ප්‍රේමදාස මැතිතුමාව යෝජනා කරනවා.

කබීර් හෂීම් වහාම නැඟිට රංජිත්ගේ යෝජනාව ස්ථීර කරද්දී රවි සමරවීර නැඟිට්ටේය.

‘සර්... ගම්වලට ගියාම මිනිස්සු අපෙන් ඉල්ලන්නේ සජිත්ව. අපට හරි අමාරුයි ඒකට කන් නොදී ඉන්න. ඔය කමිටු දාලා දිනුවොත් එක්කෙනෙක් කියයි මට තියෙන ජාත්‍යන්තර සබඳතා නිසා අගමැතිකම ඕනෑ කියලා. තව කෙනෙක් කියයි මම තමයි බෞද්ධ නායකයා. ඒ නිසා මටයි අගමැතිකම ඕනේ කියලා. අනෙක් එක්කෙනා කියයි බිම් මට්ටම ඉන්නෙ මාත් එක්ක. ඒ නිසා මට අගමැතිකම ඕනෑ කියලා. මෙහෙම අච්චාරු නොවී අපි එක නායකයෙක් යටතේ මේ වැඩේ කරමු.

ඊළඟට එරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ යළි කීවේ සජිත්ගේ  නායකත්වය නැතිව තමන්ට ගම්වලට යා නොහැකි බවය.

“අපි මේ පක්ෂය දාලා යන්නෙ නෑ. මේ පක්ෂය වෙනුවෙන් අප ජීවිත කැප කරලා තියෙනවා මගෙ තාත්තා නැතිවුණේ මේ පක්ෂෙ නිසා. අපි මේ පක්ෂය වෙනුවෙන් ජීවිතයම කැප කරපු මිනිස්සු. අපි සන්ධානය පිහිටුවන්න ඕනෑ. නමුත් තමුන්නාන්සේ අවුරුදු 26ක් මේ පක්ෂයේ නායකයා හැටියට ඉන්නවා. හැබැයි ඒ මුළු කාලෙටම අපි බලයෙ හිටියේ අවුරුදු හයහමාරයි. මතක තියාගන්න පහුගිය ඡන්දෙ අපි පැරැදුණේ සජිත් නිසා නෙවෙයි. බැඳුම්කර සිද්ධිය නිසයි අපේ පරාජය ඇරැඹුණේ. ඒ නිසා තමයි අපට පාර්ලිමේන්තුවේ බහුතරයක් ගන්න බැරිවුණේ.”

රංජිත් මද්දුමබණ්ඩර යළිත් රනිල් වික්‍රමසිංහ එල්ලයේ කියාගෙන ගියේය.

‘හාමුදුරුවරු අපිත් එක්ක තරහ වුණේ උන්නාන්සේලාට අපි කරපු හිරිහැර නිසා. පෙරහරට ගෙනිච්ච අලි පවා අරගෙන ආවා. ඒ විතරක් නෙවෙයි ව්‍යාපාරිකයො බදු උහුලගන්න බැරිව තරහ වුණා. ජනතාව දැන් ඔබතුමාට යන්න කියනවා. ඔබතුමා දැන් යන්න” රවි සමරවීර රනිල්ට මූණටම යන්න කියද්දී මද්දුමබණ්ඩාර, අජිත්, හර්ෂණ, රාජකරුණා හා සුජීව සේනසිංහද ඔහුගේ සහායට ආහ.

‘සර්... ඡන්දයක් තියන්න අපි ඉල්ලන්නෙ ඡන්දෙ විතරයි.”

“මේ සියල්ල අසාගෙන සිටි රනිල් වික්‍රමසිංහ මෙසේ  කීවේය.”

“ධ්ට රධභ ඹචදබ ධ් චථ ඨධඪදඨ. එඪතත ටඪදචතඪඵඥ දඥයබ ඊඩභපඵඤචර” (ඔබලාට ඕනෙ නම් මම යන්නම්. ලබන බ්‍රහස්පතින්දාට මේක අවසන් කරමු)

“ඇයි සර්... බ්‍රහස්පතින්දා වෙනතුරු ඉන්නේ... අපි සඳුදාම මේක ඉවර කරමු...”

“මද්දුමබණ්ඩර කීවේය.”

“නෑ... මම වැඩකට සිංගප්පූරු යනවා. ගිහින් ඇවිත් මේක බ්‍රහස්පතින්දා කරමු” යැයි කියූ රනිල් යන්නට නැඟිට්ටේය.

ඒ වෙද්දී සාකච්ඡාවේ සිටි බොහෝ මන්ත්‍රිවරුද ඉවත්ව ගොස් සිටියහ. අන්තිමේදී පස්වරු 3.45ට ඇරැඹුණු රැස්වීම අවසන් වූයේ රාත්‍රි 8.15ටය.

මව්බිම


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "රාජපක්ෂලා එක්ක ඩීල් දාලා ඔක්කොම කෙනෙහිලිකම් ටික කරලා දැන් එනවා මෙතැන සුද්ද කරන්න" ගාලගෝට්ටිය අස්සේ හරීන් ආශුට ගහන්න පනී
"රාජපක්ෂලා එක්ක ඩීල් දාලා ඔක්කොම කෙනෙහිලිකම් ටික කරලා දැන් එනවා මෙතැන සුද්ද කරන්න" ගාලගෝට්ටිය අස්සේ හරීන් ආශුට ගහන්න පනී
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiNTChHq82qBFpM00YE54YRVzK6hP5Vpdu_4I89nJw8LGGMs6hRval29e2Ve1i67O0U1butvXaW3jhSffk3hjdWdsZiztbTT01xeq5XBI8zJUMlOj2opvridaekYhMxHjDU-zkrl0vmwV99/s320/5e1945357e009_klfngdfgdf.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiNTChHq82qBFpM00YE54YRVzK6hP5Vpdu_4I89nJw8LGGMs6hRval29e2Ve1i67O0U1butvXaW3jhSffk3hjdWdsZiztbTT01xeq5XBI8zJUMlOj2opvridaekYhMxHjDU-zkrl0vmwV99/s72-c/5e1945357e009_klfngdfgdf.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_552.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_552.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy