ජ නාධිපතිවරණයේදී රුපියල් ලක්ෂ 900ක් ණය වූ ආකාරය පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂය ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට දැනු...
ජනාධිපතිවරණයේදී රුපියල් ලක්ෂ 900ක් ණය වූ ආකාරය පිළිබඳව වාර්තාවක් ලබා දෙන ලෙස එක්සත් ජාතික පක්ෂය ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට දැනුම් දීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත.
ණය කරුවන් වරින් වර පක්ෂ නායක වික්‍රමසිංහ මහතා හමුවී ඔවුන්ට අදාළ මුදල් නොලැබීම හේතුවෙන් ඇතැම් ව්‍යාපාර බංකොළොත්ව ඇති බවද දැනුම්දී ඇතැයි පැවසේ.
ඒ අනුව මෙතරම් විශාල මුදලක් ණය වූ ආකාරය, වියදම් කළ ක්ෂේත්‍ර පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබා ගැනීමට පක්ෂය තීරණය කර ඇති බවද වාර්තා වේ.
ජනාධිපතිවරණයෙන් පසු ජනාධිපති ධුර අපෙක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ තමන් මැතිවරණය හේතුවෙන් රුපියල් ලක්ෂ 900ක් ණය වී ඇති බවයි.
එසේම ජනාධිපතිවරණයේදී ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරයේ සිටි නායකයන් මුදල් වියදම් කිරීම පිළිබඳව එකිනෙකාට චෝදනා කර ගත්හ.
ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ප්‍රචාරණයට ලැබුණු මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ඒ මහතාගේ ඥාතියකු ඇතුළු පස්දෙනෙකුට චෝදනා එල්ලවී ඇති බවද මේ අතර වාර්තා වේ.

COMMENTS