අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක යන අයට එරෙහි ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාගය අත්හිටුවන ලෙසට තමන්ට නියෝග කිරීම...
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරීනි අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය මේ බව මාධ්‍ය වෙත දැනුම් දුන්නේය.
අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ රියර් අද්මිරාල් ඩී.කේ.පීදසනායක යන අයට එරෙහි ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු විභාගය අත්හිටුවන ලෙස දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම ඊයේ (27) නීතිපතිවරයා වෙත නියම කළේය.
දේශපාලන බලපෑම් මත අධිකරණය ඉදිරියේ පවතින නඩුවක තමන් චූදිතයන්වී ඇති බවට වසන්ත කරන්නාගොඩ සහ ඩී.කේ.පී දසනායක යන මහත්වරුන් ඉදිරිපත් කළ පැමිණිලි සලකා බැලීමෙන් පසු එම නියෝගය නිකුත් කර ඇති බව ජනාධිපති කොමිසම පැවසුවේය.
කොමිසම විසින් පැමිණිලි විමර්ශනයට පෙර ඔවුන්ට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ නඩු කටයුතු පවත්වාගෙන යාමෙන් පැමිණිලිකරුවන්ට අගතියක් සිදුවන බව කොමිසමේ අවධානයට ලක්ව තිබේ.
එබැවින් පැමිණිලිකරුවන් දේශපාලන බලපෑම් මත නඩු විභාගයක් සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ පෙනී සිටින්නේ ද යන්න පිළිබඳ තීරණය කරන තෙක් එම නඩු විභාගය පවත්වාගෙන යාම සහ ඊට අදාල සාක්ෂි විභාග කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම වලක්වාලමින් නීතිපතිවරයා වෙත නියෝගය නිකුත් කර ඇති බව කොමිසම සඳහන් කළේය.
තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ සහ රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක යන අයට එරෙහිව මෙම නඩුව ත්‍රිපුද්ගල මහාධිකරණයක් හමුවේ විභාග වෙමින් පැවතියේය.
(මුලාශ්‍රය -අද දෙරණ)
COMMENTS