පසුගියදා නිමාව දුටු දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙල සම්බන්ධ ‘ඩෙංගු කතන්දර’ සියල්ලෝ ම දැනගෙන සිටියත්, ඒ පිටුපස තිබූ ‘තවත් කතාවක්’ වැඩි දෙනෙකු...
ඇත්ත වශයෙන්ම 2021 දකුණු ආසියානු මලල ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වය ලැබිය යුතුව තිබුණේ, පකිස්ථානයට ය. එහෙත් එහි පවතින ත්‍රස්තවාදී බිය සහ දේශසීමා යුද බිය හේතුකොටගෙන එම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට පැවරීමට ‘කමිටුවේ’ අවධානය යොමුවී තිබුණි.
එහිදී එම සත්කාරකත්වය පැවරීමට අදාළ සම්ප්‍රදාය වන්නේ, සත්කාරකත්වය දැරීමට යෝජනා වී තිබෙන රටේ අදාළ උළෙල පැවැත්වෙන නගරයේ පුරපතිවරයා විසින් සමාප්ති උළෙලේ දී ‘සාග් කොඩිය’ ලබාගැනීම ය. කෙසේවෙතත් මෙවර ශ්‍රී ලංකාව වෙනුවෙන් කොඩිය භාරගැනීම සඳහා යැවුණේ, කොළඹ පුරපතිනිය රෝසි සේනානායක නොව, ක්‍රීඩා හා තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වන දුමින්ද දිසානායක ය.
කෙසේවෙතත්, ඔහු ගිය ගමන ‘අපරාදේ’ වූයේ, සමාප්ති උළෙලේ දී ‘සාග් කොඩිය’ ශ්‍රී ලංකාවට නොලැබී පාකිස්ථානයට ලැබීම ය. එනම් 2021 සාග් සත්කාරකත්වය ලැබුණේ ශ්‍රී ලංකාවට නොව, පාකිස්ථානයට ය.
නමුත් දුමින්දට ‘පය සහ දිව පැටලෙන ඇබැද්දිය’ වූයේ, නේපාලයේ පැවැති සමාප්ති උළෙලේදී නොව, එය නිමා කර ගුවනින් පැමිණ ශ්‍රී ලංකාවට පය තබද්දී ය. එහිදී මුලින්ම ඔහු ගමන් මලු රැගත් ‘ට්‍රොලියේ’ පය පටලැවී වැටෙන්නට ගියේ ය. එහිදී වැටී නොබේරුණු ඔහු දෙවනුව ගුවන්තොටුපළේ සිටි මාධ්‍යවේදීන් ඉදිරියේදී ‘දිව’ පටලවා ගත්තේ ය. ඒ ඔවුන් ඇසූ ප්‍රශ්නවලට උත්තරදීගත නොහැකිව ය.
‘‘මෙවර සාග් ගිය ක්‍රීඩකයන්ට ඩෙංගු හැදුණා… ඒ වගේම 2021 සත්කාරකත්වයත් අපට අහිමි වුණා… ඔබ මොකද හිතන්නෙ…?’’ මාධ්‍යවේදීන් ඇමති දුමින්දගෙන් ඇසුවේය.
එහිදී අමුතු විදියට හිනැහෙමින් සහ දිව පටලැවෙමින් දුමින්ද කීවේ මෙසේ ය.
‘‘ධනාත්මකව සිතන්න… ධනාත්මකව සිතන්න…’’
කෙසේවෙතත්, දුමින්ද මුලින් ම පය පටලවාගත්තේත්, පසුව දිව පටලවාගත්තේත්, ‘හොඳින් සප්පායම් වී සිටි නිසා’ බව බොහෝ අයට වැටහුණේ ය.
- aruna
COMMENTS