දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හිස්බුල්ලාගේ මඩකලපුව ෂරියා කැම්පස් ඉවරයි.. රජයට පවරා ගැනීමට ජනපති තීන්දු කරයි
Homeප්‍රවෘත්ති

හිස්බුල්ලාගේ මඩකලපුව ෂරියා කැම්පස් ඉවරයි.. රජයට පවරා ගැනීමට ජනපති තීන්දු කරයි

PropellerAds

ත ම ප‍්‍රතිපත්ති ප්‍රකාශයේ ප‍්‍රමුඛත්වයක් ලබාදුන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ උන්නතිය සඳහාවූ කි‍්‍රයාමාර්ග කඩිනමින් සිදු කළ යුතු බව ජනාධිපති ගෝඨාභ...

මගේ නිරෝධායන බඩු මල්ල ලැබුනේ නෑ - දකුණු පලාත් ආණ්ඩුකාර
ධම්මික බණ්ඩාර මගේ කණ් දෙකටම ගැහුයා.. ෆෝන් එක පොලෙවේ ගැහුවා.. කෝටියක් නොදුන්නොත් පලිගන්නවා කිවුවා - වෛද්‍යවරයෙක් මාධ්‍ය හමුවක
නැගෙනහිර පර්යන්ත ගිවිසුමට අගමැති විරුද්දයි.. අපට විරෝධතා කරන්න කීවා.. ජනාධිපතිට ඕනෑ දෙන්නයි - වරාය වෘත්තීට සමිති කියති
ම ප‍්‍රතිපත්ති ප්‍රකාශයේ ප‍්‍රමුඛත්වයක් ලබාදුන් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ උන්නතිය සඳහාවූ කි‍්‍රයාමාර්ග කඩිනමින් සිදු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන ඇමතිවරු සහ ආයතන නිලධාරින් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ජාවේදි ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.


එහිදි ජනාධිපතිවරයාගේ තිරණ අතර පහත කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබේ.

තාක්ෂණය මුල්වූ ලෝක ආර්ථිකය සඳහා නිපුණතා සහිත දරු පරපුරක් ලොවට දායාද කළ හැකි අධ්‍යාපන ක‍්‍රමයකට කඩිනමින් ගමන් කළ යුතුය. එහිදී විභාගය කේන්ද්‍රකරගත් අධ්‍යාපන ක‍්‍රමවේදයෙන් මිදී දරුවන්ගේ කර මත පැටවී ඇති ඉසිළිය නොහැකි බර ඉවත්වන ආකාරයේ පසුබිමක් සැකසිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

එහිදී රටේ අවශ්‍යතාව මෙන්ම අන්තර් ජාතික මට්ටමේ විෂය නිර්දේශ හා විෂය මාලාවන් සැකසී ඇති ආකාරය පිළිබඳව අවධානය යොමුකිරිමේ ඇති වැදගත්කම ද පැහැදිලි කෙරිණි.

අධ්‍යාපනයට අදාළ තීරණ ගැනීම දේශපාලනයෙන් බැහැරව අධ්‍යාපනඥයින් විසින් සිදු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

රැකියා විරහිත උපාධිධාරින් පුරප්පාඩු ඇති ආයතනවලට ගැළපෙන අයුරින් පුහුණු කර ඒ සඳහා යොමු කිරිමට කඩිනමින් පියවර ගත යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.

2018 වසරේ උසස්පෙළ සමත් දරුවන් හැකි ඉක්මණින් විශ්වවිද්‍යාලවලට ඇතුලත් කිරීමට පියවර ගත යුතුව ඇත. එමෙන්ම 2019 වසරේ සිට උසස්පෙළ ප‍්‍රතිඵල නිකුත් වී කෙටිකාලයක් තුළ දරුවන් විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමට කි‍්‍රයා කළ යුතුව ඇති බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

උසස් පෙළ සමත් සැම දරුවකුටම විශ්වවිද්‍යාල වරම් හිමිකර ගැනීමට හැකි සෑම අවස්ථාවක්ම ලබා දිය යුතුව තිබේ. එමෙන්ම කෙටිකාලීන වශයෙන් රටට අවශ්‍ය ශ‍්‍රමබලකාය බිහිකිරීමට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඩිප්ලෝමා පාඨමාලා ඇති කිරිම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

රැකියා වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින් ගුරු විද්‍යාපීඨ, හෝටල් පාසල් ආරම්භ කිරීමට කි‍්‍රයා කළ යුතුව ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

මඩකලපුව විශ්වවිද්‍යාලය විනාශ වී යාමට ඉඩනොදී හැකි ඉක්මණින් ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට එකතු කර ජාතික සම්පතක් ලෙස ප‍්‍රයෝජනයට ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

රටේ අවශ්‍යතාව සොයා බලා පාඨමාලා සකස් කිරීමේ අවස්ථාව විශ්වවිද්‍යාල වෙත ලබාදීමට කාලය එළැඹ තිබේ. ඒ සඳහා විශ්වවිද්‍යාල දිරිමත් කළයුතු අතර බොරු න්‍යායන්ගෙන් ඉවත්ව අධ්‍යාපන ක්ෂේත‍්‍රය නගාසිටුවීමට කි‍්‍රයා කළයුතු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

ගාල්ල, මාතර, හම්බන්තොට මෙන්ම සෑම දිස්ති‍්‍රක්කයක්ම ආවරණය වන පරිදි විශ්වවිද්‍යාල ආරම්භ කිරිමේ වැදගත්කම මෙහිදී සාකච්ජාවට ලක්විය. ඒ සඳහා විශාල භූමිභාගයන්හි පිහිටා ඇති ප‍්‍රයෝජනයට නොගත් ගොඩනැඟිලි ප‍්‍රතිසංස්කරණය කර යොදා ගැනීමේ හැකියාව ද සොයා බැලිය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

විද්‍යා හා ගණිත අංශයන්ගෙන් වැඩි දරු පිරිසක් රටට දායාද කළ යුතුව තිබේ. කලා අංශයෙන් අධ්‍යාපනය ලබන අය කෙටිකාලයකින් තොරතුරු තාක්ෂණ දැනුම සමඟ මුසුකර ආර්ථික කි‍්‍රයාවලියට එක්කර ගැනීමද ඉතා වැදගත් බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

උසස් අධ්‍යාපනය සඳහා විදේශගත වන දරුවන්ට සිය අධ්‍යාපන කටයුතු රට තුළදිම ලබාගැනීමට අවස්ථාව සලසා දිය යුතුය. ගුරු හිඟය පියවීමට පියවර ගැනීමටත්, පාසලක සිටිය යුතු ගුරුවරුන් පිරිස පුරප්පාඩු නොකර අනිවාර්යයෙන්ම පවත්වාගෙන යාමටකි‍්‍රයා කළ යුතුය.

අධ්‍යාපන ක්ෂේත‍්‍රය වෙනුවෙන් වසරක් ඇතුළත ජාතික ප‍්‍රතිපත්තියක් සකස් කළයුතු බව ද මෙහිදී සාකච්ජාවට ගැනිණි.

– ada
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හිස්බුල්ලාගේ මඩකලපුව ෂරියා කැම්පස් ඉවරයි.. රජයට පවරා ගැනීමට ජනපති තීන්දු කරයි
හිස්බුල්ලාගේ මඩකලපුව ෂරියා කැම්පස් ඉවරයි.. රජයට පවරා ගැනීමට ජනපති තීන්දු කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgT5Y7js2hsPf3na031HZB2swMECXUXrn-0VI5YkhxoW2gSzYfYJvSbr1n01sHhG2EJhBF7b-nKbaMjCZB2lpBMC5AhjAi8iLD91a0UK5u9HRCpQysDTytHwktBWO6bKjQ4i7Q5ICYOJGQo/s320/454646.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgT5Y7js2hsPf3na031HZB2swMECXUXrn-0VI5YkhxoW2gSzYfYJvSbr1n01sHhG2EJhBF7b-nKbaMjCZB2lpBMC5AhjAi8iLD91a0UK5u9HRCpQysDTytHwktBWO6bKjQ4i7Q5ICYOJGQo/s72-c/454646.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_880.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_880.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy