ප ක්ෂයේ නායකයන් සහ පක්ෂයේ ඇතැම් පිරිස් රටට නොගැළපෙන තීන්දු තීරණ ගැනීම හේතුවෙන් පසුගිය ජනාධිපතිවරණය පරාජය වූ බැවින් ඉදිරි මහ මැතිවරණයේදී අලු...
පක්ෂයේ නායකයන් සහ පක්ෂයේ ඇතැම් පිරිස් රටට නොගැළපෙන තීන්දු තීරණ ගැනීම හේතුවෙන් පසුගිය ජනාධිපතිවරණය පරාජය වූ බැවින් ඉදිරි මහ මැතිවරණයේදී අලුත් ප්‍රතිපත්තියක සහ දර්ශනයක පිහිටා මැතිවරණයට ඉදිරිපත් විය යුතු බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඇතැම් නායකයන් සහ විවිධ පුද්ගලයන් තනතුරු, වරදාන හා වරප්‍රසාද වෙනුවෙන් පක්ෂයත්, පාක්ෂිකයාත් භේද කිරීමට උත්සාහ ගත්තද තමා කිසිදු විටක තනතුරු කේන්ද්‍රීය දේශපාලනයක් නොකරන බවද ඒ මහතා කීය. පුළුල් සන්ධානයක් ඔස්සේ මහ මැතිවරණය ජයග්‍රහණය කරවීමට පාක්ෂිකයන් පෙළගස්වන බවද ඒ මහතා පැවැසීය. ඒ මහතා පැවැසුවේ ජනාධිපතිවරණයෙන් පසුව පළමු වරට ප්‍රසිද්ධියේ ජනතා හමුවකට සහභාගි වෙමිනි.
මේ අතර ඒ මහතා සඳහන් කලේ පක්ෂ නායකත්වය නොමැතිව අගමැති අපේක්ෂකත්වය තමන් භාරගැනීමට සුදානම්නොමති බවයි .

COMMENTS