20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත රාජපක්ෂ පවුලට නොව ගෝඨාභය රාජපක්ෂ පවුල ඉලක්ක කරගෙන ගෙන ආ එකක් දැයි සැක හිතන බව සමගි ජන බලවේගය පාර්ල...
20 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත රාජපක්ෂ පවුලට නොව ගෝඨාභය රාජපක්ෂ පවුල ඉලක්ක කරගෙන ගෙන ආ එකක් දැයි සැක හිතන බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරයි. ද්විත්ව පුරවැසිභාවයට තිබූ බාධා අහෝසි කරමින් ජනාධිපතිගේ වයස් සීමාව 30 දක්වා අඩු කරන්නේ නාමල් රාජපක්ෂ වෙනුවෙන් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.
බොහෝ විට ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයා ඉලක්ක කරගෙන විය හැති බවත් ඇතැම් විට ඊළඟ ජනාධිපතිවරනයේදී අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයා ඉදිරිපත් කරන්නේ දැයි සැක සහිත බව ද ඔහු කියා සිටියේය.
සමගි ජන බලවේගය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

COMMENTS