දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කොළඹ ස්විස් තානාපති සේවිකා ප‍්‍රශ්ණයට ස්විට්සරලන්ත ආණ්ඩුව මැදිහත් නොවිය යුතුයි - ජනපති විදෙස් මාධ්‍යයට කියයි
Homeප්‍රවෘත්ති

කොළඹ ස්විස් තානාපති සේවිකා ප‍්‍රශ්ණයට ස්විට්සරලන්ත ආණ්ඩුව මැදිහත් නොවිය යුතුයි - ජනපති විදෙස් මාධ්‍යයට කියයි

PropellerAds

ත මා ජනාධිපති ධූරයට පත් කළ ජනතාවගේ අපේක්ෂා උපරිමයෙන් සපුරාලන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී. “මට ඡන්දය දුන් ජනතාවට ප්‍රධාන...

පක්ෂයට සතුරුකම් කරන අයට ඉඩක් නෑ - එස්.බී.
යහපාලනය හා නීතිය - චාමර ලක්ෂාන් කුමාර
සාත්තර සුමනේට තග දමන්නට ගිහින් නාමල් ඇන ගනී.
මා ජනාධිපති ධූරයට පත් කළ ජනතාවගේ අපේක්ෂා උපරිමයෙන් සපුරාලන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

“මට ඡන්දය දුන් ජනතාවට ප්‍රධාන අරමුණු දෙකක් තිබුණා. ඉන් එකක් ජාතික ආරක්ෂාව තහවුරු කිරීම. දෙවැන්න කඩිනම් ආර්ථික සංවර්ධනයක් තුළින් යහපත් සමාජයක් ගොඩනැඟීම.
මේ අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ගතයුතු පියවර එකින් එක ගැනීම මගේ අපේක්ෂාවයි.” එතුමා ප්‍රකාශ කරයි.

ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ (19) ජනාධිපති කාර්යාලයේ දී කොළඹ සිටින විදේශීය මාධ්‍යකරුවන් සමඟ හමුවකට සහභාගී වෙමිනි. ලොව මුල් පෙළේ විදේශීය මාධ්‍ය ආයතනවල දේශීය ප්‍රවෘත්ති ලේඛකයෝ  හමුවට එක්ව සිටියහ.

විදෙස් මාධ්‍ය වාර්තාකරුවනට පැමිණීම ගැන ස්තූතිය පුද කළ රාජපක්ෂ මැතිතුමා ඔවුන් මතු කළ සියලු ප්‍රශ්නවලට කරුණු සහිතව පිළිතුරු දුන්නේය.

කොළඹ ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක පැහැරගෙන ගිය බව කියන සිද්ධිය මුල් කොට ගෙන ප්‍රශ්න ගණනාවක් ජනාධිපතිතුමා වෙත යොමු කෙරිණ. සිද්ධියට සම්බන්ධ කාන්තාව තානාපති කාර්යාලයේ සේවිකාවක බැවින් ස්විස් තානාපතිවරයා ඇය වෙනුවෙන් පෙනී සිටීම වරදක් නොවන බව කී රාජපක්ෂ මැතිතුමා චෝදනා කර ඇති ආකාරයේ පැහැර ගැනීමක් කිසිසේත්ම සිදුවී නොමැති බව ප්‍රතික්ෂේප කළ නොහැකි තාක්ෂණික සාක්ෂිවලින් සනාථ වී ඇති බව පෙන්වා දුන්නේය. සිදුකළැයි කියන පැහැර ගැනීම ගොතන ලද්දක් බැවින් දෙරටේම ආණ්ඩු එයට මැදිහත් නොවී නෛතික ක්‍රියාමාර්ගයන්ට ඉඩ දිය බව ජනාධිපතිතුමාගේ අදහස විය.

බලයට පැමිණ මසක් ඇතුළත ආණ්ඩුවේ කාර්ය සාධනය ගැන කළ විමසීමට පිළිතුරු දුන් ජනාධිපතිතුමා ජනතාව හමුවේ තැබු ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් වැඩපිළිවෙල ප්‍රමුඛතා පදනමකින් ක්‍රියාත්මක කරමින් සිටින බව සඳහන් කළේය. “සංකීර්ණ බදු ව්‍යුහය වඩා සරල, වඩා තේරුම්ගතහැකි එකක් බවට පත් කිරීම පළමු පියවරක්.  උපයන විට ගෙවිමේ බද්ද ඉවත් කිරීම වැනි සහන  ව්‍යාපාරික ප්‍රජාවට ශක්තියක්. මේ සහන ජනතාවට ද ගලා යාම සහතික කරනවා.” එතුමා පැහැදිළි කළේය.

රැකියා ලක්ෂයේ වැඩසටහන ගැන සඳහන් කළ ජනාධිපති රාජපක්ෂ මැතිතුමා දුප්පතුන්ගෙත් දුප්පතුන් අතරට ගැනෙන සෑම පවුලකම එක් සාමාජිකයකුට හෝ රැකියාවක් ලබාදීම අරමුණ බව කීය. සුදුස්සන් තෝරා ගැනීමේ දී නිපුණතාවක් හෝ සුවිශේෂි කුසලතාවක් නැති අයට ප්‍රමුඛත්වය ලැබේ. දිළිඳුකමින් පිඩිත පවුල්වලට ස්ථිර ආදායමක් සලසාදීම ප්‍රධාන පරමාර්ථය බව එතුමා පැවසීය.

හම්බන්තොට වරාය පිළිබඳව ඇසූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිතුමා සඳහන් කළේ එක් රජයක් අත්සන් කළ වාණිජ ගිවිසුමක් ඊළඟ රජය විසින් අවලංගු කිරීම ප්‍රායෝගික නොවන බවයි. “සියලු වරාය ශ්‍රී ලංකා රාජ්‍ය සතු විය යුතු බව මගේ ආණ්ඩුවේ ස්ථාවරයයි. සියලු වරායවල රටේ පොදු නීතිය ක්‍රියාත්මක විය යුතුයි. වාණිජ පාර්ශ්වය එසේම තිබියදී රටේ ආරක්ෂාව තහවුරු කිරීම මූලික අවශ්‍යතාවක්.” ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය ශ්‍රී ලංකාව අරබයා සම්මත කර ඇති යෝජනාව රටට අනර්ථකාරී බැවින් එය පිළිගැනීමට තම රජයට නොහැකි බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලවත් අත්වැරැද්දක් බවත්, රටේ ඉදිරි ගමනට විශාල බාධාවක් බවත් එතුමා කීය. මාර්තු 03 වනදාට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා ද හමුවට එක්ව සිටියේය.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කොළඹ ස්විස් තානාපති සේවිකා ප‍්‍රශ්ණයට ස්විට්සරලන්ත ආණ්ඩුව මැදිහත් නොවිය යුතුයි - ජනපති විදෙස් මාධ්‍යයට කියයි
කොළඹ ස්විස් තානාපති සේවිකා ප‍්‍රශ්ණයට ස්විට්සරලන්ත ආණ්ඩුව මැදිහත් නොවිය යුතුයි - ජනපති විදෙස් මාධ්‍යයට කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgBvy8vm2kR1Hg4ZfqGgt5E2TdsWKMC6c7MtTW28gEcavt5xInGHfv2YehCLNwr69HXWx5SS9sPOPiOL3bjkDyDLyrNaNKlVIDBCFoDZU4Fn1sX0rijGJLsUp03uk1oVHpg0TdVFip6swho/s320/gotabaya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgBvy8vm2kR1Hg4ZfqGgt5E2TdsWKMC6c7MtTW28gEcavt5xInGHfv2YehCLNwr69HXWx5SS9sPOPiOL3bjkDyDLyrNaNKlVIDBCFoDZU4Fn1sX0rijGJLsUp03uk1oVHpg0TdVFip6swho/s72-c/gotabaya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_696.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_696.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy