දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පුරවැසි පනත සම්මත වීමෙන් පසු ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ලක්ෂයක් මෙරටට එවන්න සූදානම්
Homeප්‍රවෘත්ති

පුරවැසි පනත සම්මත වීමෙන් පසු ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ලක්ෂයක් මෙරටට එවන්න සූදානම්

PropellerAds

ඉන්දියාව පසුගියදා සම්මත කළ පුරවැසි සංශෝධන පනතට අනූව එහි කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික සරණාගතයන් ලක්ෂයකට ආසන්න පිරිසක් එරට සමාජ ක්‍රියාකාරීන්ග...

වියලි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 19කට බලපෑම්
බීමත්ව රිය පැදෙව්වොත් වැඩ වරදී - විශේෂ පොලිස් මෙහෙයුම් රැසක් දිවයින පුරා
සුලං කිරිල්ලිය රූපවාහිනියෙන් ඉවත් කරන්නැයි අගමැති ජනාධිපතිගෙන් ඉල්ලයි..
ඉන්දියාව පසුගියදා සම්මත කළ පුරවැසි සංශෝධන පනතට අනූව එහි කඳවුරුවල සිටින ශ්‍රී ලාංකික සරණාගතයන් ලක්ෂයකට ආසන්න පිරිසක් එරට සමාජ ක්‍රියාකාරීන්ගේ විරෝධය මැද යළි මෙරටට පිටුවහල් කිරීමේ සූදානමක් ඇත.

එහෙත් ශ්‍රී ලාංකීය සරණාගතයන් සම්බන්ධයෙන් මෙම පනතේ නිශ්චිත සඳහනක් නැතැයි නුවර එළිය දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී වී. රාධාක්‍රිෂ්ණන් ‘අරුණට’ ප්‍රකාශ කළේය.

මෙම සරණාගතයන් ශ්‍රී ලංකාවට පිටුවහල් නොකර ඉන්දියාවේ පුරවැසිභාවය ලබා දියයුතු බවද මෙරටට පැමිණීමට එම සරණාගතයින් කැමැත්තක් නොදක්වන බවද මන්ත්‍රීවරයා කීවේය.

කෙසේ වෙතත් ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකීය සරණාගතයන් සියලු දෙනා යළි මෙරටට ගෙන්වා ගත යුතු බව උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති විග්නේශ්වරන් ද්‍රවිඩ මාධ්‍යට ප්‍රකාශකර තිබිණි.

අසූ තුනේදී ඉන්දියාවට ගිය මෙරට ද්‍රවිඩයන් මෙසේ සරණාගතයන් ලෙස කඳවුරු කිහිපයක සිටින අතර එහිදී උපත ලද ඔවුන්ගේ දරුවන්ට රටවල් දෙකේම පුරවැසිභාවය හිමිව නැතැයිද පැවැසේ.

ඉන්දියාවේ නව පුරවැසි පනතට අනූව ආගමික ගැටුම් නිසා සරණාගතයන් ලෙස එහි පැමිණ සිටින බෞද්ධ, හින්දු සහ කතෝලිකයන්ට පමණක් පුරවැසිභාවය ලැබෙනු ඇතැයිද මුස්ලිම් ජාතික සරණාගතයන් ඉන්දියාවෙන් පිටව යායුතු බවද ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබේ.

ශ්‍රී ලාංකික සරණාගතයන් එහි පැමිණ ඇත්තේ ආගමික ගැටුම් නිසා නොව රටේ පැවැති දේශපාලන ගැටුම් නිසා බැවින් ශ්‍රී ලාංකීය සරණාගතයන්ද මෙම පනතට අනුව ඉන්දියාවෙන් පිටව යායුතුව ඇතැයිද ඊට තම විරෝධය දක්වන බවද එරට සමාජ ක්‍රියාකාරීන් පවසයි.

ඉන්දියාවේ සම්මත වූ මෙම පුරවැසි පනත සම්බන්ධයෙන් පසුගියදා එරට පාර්ලිමේන්තුව වන ලෝක් සභාවේදී ද විශාල විරෝධයක් එල්ල විය.

ශ්‍රී ලාංකීය සරණාගතයන් පිරිස මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඉන්දීය රජය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ඉතා ඉක්මනින් සාකච්ඡා කිරීමට තම පක්ෂය කටයුතු කරන බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ප්‍රකාශ කළේය. මෙම සරණාගතයන් මෙරටට ආ පසුව ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලසීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා දැනුවත් කරන බව හෙතෙම කීවේය.

අජිත් අලහකෝන්
-aruna
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පුරවැසි පනත සම්මත වීමෙන් පසු ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ලක්ෂයක් මෙරටට එවන්න සූදානම්
පුරවැසි පනත සම්මත වීමෙන් පසු ඉන්දියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් ලක්ෂයක් මෙරටට එවන්න සූදානම්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQ4EEuK5OBb7_h5TeqwfSC6vGjcUXHVfbaot1557_tw43EssIKDLB8ycHBjp2Sr7wO8r4ggXgEg0a6mWngj42zLgzce-2agvew_H75Qh9a5vlvEtyOyqg7AACmIDa5tDbCCd_08WZbEKZJ/s320/refugee.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQ4EEuK5OBb7_h5TeqwfSC6vGjcUXHVfbaot1557_tw43EssIKDLB8ycHBjp2Sr7wO8r4ggXgEg0a6mWngj42zLgzce-2agvew_H75Qh9a5vlvEtyOyqg7AACmIDa5tDbCCd_08WZbEKZJ/s72-c/refugee.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_632.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_632.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy