වියලි කාලගුණත් සමග දිස්ත්‍රික්ක 19 ක පුද්ගලයින් 548905 දෙනෙකු බලපෑමට ලක්ව සිටිති. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප...
වියලි කාලගුණත් සමග දිස්ත්‍රික්ක 19 ක පුද්ගලයින් 548905 දෙනෙකු බලපෑමට ලක්ව සිටිති.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඉන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ බවයි.
එම පිරිස 2 44065 කි.
දිස්ත්‍රික්කයේ ජල මුලාශ්‍රවලට ලවණ ජලය මුසුවීමෙන් ඉන් බහුතරයක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
මීට අමතරව කෑගල්ල, පුත්තලම, කුරුණෑගල ,යාපනය , මාතලේ , මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ජනතාව වියලි කාලගුණය හේතුවෙන් පීඩාවට පත්ව සිටියි.
COMMENTS