දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිංහල බෞද්ධයන් විනාශ කරන්න බලගතු කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි - අගමැති
Homeප්‍රවෘත්ති

සිංහල බෞද්ධයන් විනාශ කරන්න බලගතු කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි - අගමැති

PropellerAds

(වවුනියාවේ ඉරට්ටපෙරියකුලමේදී සමස්ථ ලංකා දහම් පාසල් සිසු ජාතික මහෝත්සවය අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා කළ කතාවේ පිටපත) අද මේ රට...

ප‍්‍රහාරයේ වගකීම රජය භාරගෙන ජාතියෙන් සමාව ඉල්ලා අගමැති ඉල්ලා අස්විය යුතුයි - රතන හිමි
මේ ප‍්‍රශ්න විසඳීමට තව අවුරුදු තුනක්වත් ගතවේවි... මහ පරිමාණ බුද්ධි අංශයක් සැකසිය යුතුබව මම එදා යෝජනාකළත් සිදුවූයේ නැහැ - සරත් ෆොන්සේකා
වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසළ පාලන පිපිරවීමක් - (photos)
(වවුනියාවේ ඉරට්ටපෙරියකුලමේදී සමස්ථ ලංකා දහම් පාසල් සිසු ජාතික මහෝත්සවය අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා කළ කතාවේ පිටපත)

අද මේ රටේ දහම් පාසල්වල ඉගෙනගන්නේ, සිංහල බෞද්ධ ජාතික අනන්න්‍යතාවය ඉදිරියට ගෙනයන්න ඉන්න පරම්පරාවයි.
අපි පහුගිය අවුරුදු කිහිපය තුළ දැක්ක, බෞද්ධ ගිහියන්ගෙන් සැලකිය යුතු පිරිසක් පන්සලෙන් ඈත්වීම නිසා, ධර්මයෙන් ඈත්වීම නිසා, මහා සංඝරත්නයෙන් ඈතිවීම නිසා, මේ රටට සිද්ධ වුනු විනාශය. බෞද්ධයන් විසින්ම බෞද්ධකමට ගරහන එක, සිංහලකමට ගරහන එක ‘ස්ටයිල්’ එකක් බවට පත්වුනා. සිංහල ඡන්දවලින් බලයට පත්වෙන දේශපාලඥයන් පවා සිංහල බෞද්ධයන්ට, මහා සංඝරත්නයට  ප්‍රසිද්ධියේ අවමන් කලා.

මේ රටේ ඉන්න වෙනත් කිසිම ජාතියක හෝ ආගමක අය ඔය විදියට තමන්ගෙම ජාතියට ආගමට ගරහන්නෙ නැහැ. මේ රටේ සිංහල බෞද්ධ පවුල්වල ළමුන් අතරින් සැලකිය යුතු පිරිසක් දහම්පාසල්වල ලියාපදිංචි වෙලා හිටියත්, දහම්පාසල්වලට ඇත්තටම එන පිරිස ඊට වඩා අඩුයි. වර්තමානයේ, අපි ඉරිද දවස්වල පවත්වන දහම්පාසල් ක්‍රමය පටන්ගත්තේ 1895. නමුත් මේ ඉරිද දිනවල පවත්වන දහම්පාසල් ඇතිවෙන්නත් කලින් පන්සල කියන්නේ බෞද්ධ ගිහියන්ට අධ්‍යාපනය සපයපු තැනක්. ලංකාව යටත් විජිත බලවතුන්ට නතුවෙන්න කලින්, අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වුනේ පන්සලයි.

ඊට පස්සේ ලන්දේසි, ඉංග්‍රීසි පාලන සමයන්වල මේ රටේ ඇති වුනා ගිහි පාසල් ක්‍රමයක්. ඒකත් එක්කම ලෝකයත් කලින් තිබුනට වඩා සංකීර්ණ වුනා. එන්න එන්නම පුළුල්වන අධ්‍යාපන ක්‍රමයක් ඇතිවුනා. ඉතින් අද ‍වෙනකොට සාමාන්‍ය පාසල් ක්‍රමය වෙනම තියනවා. දහම් පාසල් ක්‍රමය වෙනම තියනවා. පාසල්වලත් බුද්ධාගම විෂයක් හැටියට උගන්වන බව ඇත්ත. නමුත්, ළමා පරපුර බුද්ධ දර්ශනයට, බෞද්ධ දිවිපෙවෙතට, බෞද්ධ සම්ප්‍රදායට, පන්සලට ලං වෙන්නේ දහම්පාසල තුලින්. බෞද්ධ පවුල් පන්සලට ලං වෙන්නේ දහම්පාසල තුලින්. අපේකම, සිංහල බෞද්ධ සභ්‍යත්වය, අපේ සම්ප්‍රදායන්, දේශීයත්වයට ඇති නැඹුරුව, ඔක්කොම රඳා පවතින්නේ ගිහි ප්‍රජාවත් පන්සලත් අතර පවත්වන සම්බන්ධය උඩයි.

මඩිහේ පඤ්ඤාසීහ මහනායක හාමුදුරුවෝ කියල තියනවා දහම්පාසලෙන් වෙන්න ඕන පොතේ දැනුම ලබා දීමටත් වඩා, ළමයෙකුගේ පෞර්ෂත්වය, චින්තන රටාව ගොඩනගන එකයි කියලා. විභාග සමත් වීම නොවෙයි දහම් පාසල් අධ්‍යාපනයේ අරමුණ වෙන්නෙ. ඒකෙ අරමුණ වෙන්නෙ බෞද්ධ ගුණාංග වලින් හෙබි පුද්ගලයෙක් බිහි කරන එකයි. මඩිහේ පඤ්ඤාසීහ මහනායක හාමුදුරුවෝ දහම්පාසලෙන් ළමුන් තුළ ඇති කරන්න ඕන ගති පැවතුම් පහක් ගැන කියල තියනවා.

පලමුව, සිල් පද පහ අනුගමනය කරල පෝය දවස්වල අටසිල් සමාදම් වීම. දෙවනුව, මහා සංඝ රත්නයට, දෙමාපියන්ට, ගුරුවරුන්ට හා වැඩිහිටියන්ට ගරු කිරීම. තුන්වනුව, සරළ දිවිපෙවෙතකට හුරුවෙලා අසල්වාසීන් සමඟ සහයෝගයෙන් ජීවත් වෙන්න හුරු කිරීම. හතරවනුව, හික්මීම, මනා හැසිරීම් රටාවක් හා ධර්මය පිළිබඳ දැනුම වර්ධනය කිරීම. පස්වනුව, දේශීයත්වයට නැඹුරු වූ, බුදු දහම ගැන භක්තියක් ඇති, ජාතික වාදී හැඟීමකින් යුක්ත තරුණ පරපුරක් ඇති කිරීම. අදටත් ඒ වචන වලංගුයි. පඤ්ඤාසීහ මහනායක හාමුදුරුවෝ කියපු ඒ බෞද්ධ තරුණ පරපුර බිහිකරන්න පුළුවන්වෙන විදියට දහම් පාසල් ක්‍රමය හා ඒවායින් කරන වැඩසටහන් දියුණු කරන්න ඉදිරියේදී අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

අපි ළමයින්ගේ හිත් තුලට දාන්නේ මොනවද කියන එක ගැන  විශේෂයෙන්ම ප්‍රවේසම් වෙන්න ඕන යුගයක් මේක. විදේශීය මුදල්වලින් පවත්වාගෙන යන රාජ්‍ය නොවන සංවිධාන අපේ අධ්‍යාපන ක්‍රමයට බොහොම සියුම් විදියට මැදිහත් වෙලා තියනවා. මේ රටේ ප්‍රධාන පෙලේ විද්වත් භික්ෂූන් වහන්සේලා පාසල් ළමුන්ට බෙදා දෙන පොත්වල මුළු ළමා පරපුරේම හිත් විකෘති කරන ආකාරයේ දේවල් ඇතුළත් කරල තියෙන හැටි විස්තර කරනවා මම අහගෙන හිටියා. ඒකත් එක්කම ගිහි සංවිධාන පෙන්වලා දුන්නා සමහර අච්චු පොත්වල උතුරු නැගෙනහිර පළාත් දෙක එක පළාතක් වගේ පෙන්වලා තියෙන බව. සිංහල අලුත් අවුරුද්දත් සමහර පොත්වලින් හළලා.

අපි කවුරුත් තේරුම් ගන්න ඕන මේ රට බෙදන්න, සිංහල බෞද්ධ ජනතාව විනාශ කරන්න, සිංහල,  දෙමළ, ක්‍රිස්තියානි, හින්දු සියළු දෙනාගේම පවුල් සංස්ථා බිඳ දමන්න, ළමුන් හා දෙමාපියන් අතර, ළමුන් සහ ගුරුවරුන් අතර, ළමුන් හා ආගම් අතර, සම්බන්ධතා බිඳ දමන්න, ඉතාමත් බලගතු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒ ගොල්ලෝ මේ අරමුණු ඉටුකරගන්න වැඩසටහන් පටන්ගන්නේ පාසල්වල බාලාංශයේ ඉඳලා. එතකොට අවුරුදු කිහිපයක් ගත වුනාම කවුරුවත් දන්නෙ නැතුවම සිංහල මිනිසුන්ගෙ හිත් ඉබේම වෙනස්වෙලා. පාසල්වල භාවිතාවන පෙල පොත්වලින් ළමුන්ගේ හිත් තුලට දාන මතවාදය ගැන කඩිනමින්ම විමර්ශනයක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

මහා සංඝරත්නයේ මඟ පෙන්වීම යටතේ, මේ රටේ දහම්පාසල් අධ්‍යාපනයට ළමුන් සහ තරුණයන් වැඩි වැඩියෙන් ආකර්ශනය කරගැනීමට වැඩපිළිවෙලක් යොදන්න අපි බලාපොරොත්තු වෙනවා. සිද්ධ වෙන්න ඕන දේ තමයි ළමා සහ තරුණ පරපුර පන්සල, ජාතිකත්වය, අපේකම සොයාගෙන යන එක. ඒ අරමුණ ඉටුකරගන්න කාලයත් එක්ක අපේ ප්‍රෙව්ශය වෙනස් වෙන්න ඕන කියල මම විශ්වාස කරනවා. දහම් පාසල් ගුරුවරුන් ස්වේච්ඡාවෙන් කරන මෙහෙවර නිසිලෙස ඇගයීමට වැඩපිළිවෙලක් තියෙන්නත් ඕන. ඔවුන්ගේ කැපවීමෙන් තමයි මේවා පවත්වාගෙන යන්න පුලුවන් වෙලා තියෙන්නෙ. ඒ වගේම දුෂ්කර පළාත්වල දහම් පාසල් පවත්වාගෙන යන්නත් වෙනම වැඩපිළිවෙලක් අවශ්‍ය වෙනවා.

අද අපි මෙතනට රැස්‍වෙලා ඉන්නේ මුළු දිවයින පුරාම දහම් පාසල් අතර සිදු කෙරෙන තරඟයක ත්‍යාග ප්‍රදානෝත්සවයට. මේ තරඟයට සහභාගී වුන සහ නොවුන සියළුම දහම්පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මම සුභ පතනවා.

– MR midea


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිංහල බෞද්ධයන් විනාශ කරන්න බලගතු කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි - අගමැති
සිංහල බෞද්ධයන් විනාශ කරන්න බලගතු කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මකයි - අගමැති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgb1rtojID7LhB2GeXQHENJmNTqef9Bs9NYfKoqTLkOkzApnn-I0UqM_IQ5_61CwXMG7_UsHICQc2I5k7efrJgCTmxlmiq7z4yxu84AOgYzbBgiASHZd1JBExAtYijophyu_5HuGS2EpH-r/s320/mahinda-3.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgb1rtojID7LhB2GeXQHENJmNTqef9Bs9NYfKoqTLkOkzApnn-I0UqM_IQ5_61CwXMG7_UsHICQc2I5k7efrJgCTmxlmiq7z4yxu84AOgYzbBgiASHZd1JBExAtYijophyu_5HuGS2EpH-r/s72-c/mahinda-3.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_491.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_491.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy