සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මහමැතිවරණය සඳහා මුහුණදීමට එම කණ්ඩායම දැනට සූදානම් වෙමින් සිටි. ඔවුන්ගේ අදහස වන්නේ කෙසේ හෝ ප...
ඔවුන්ගේ අදහස වන්නේ කෙසේ හෝ පක්ෂ නායකත්වය ද මැතිවරණයට පෙරාතුව ලබාගැනීමයි.
ඉදිරි වසර පහක කාලය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාම නිසා ඔවුන්ගේ මෙවර තේමාව වී ඇත්තේ ‘ගෝඨා ජනපති සජිත් අගමැති’ යන්නයි.
මෙම තේමාවෙන් ඉදිරි මැතිවරණයට තරඟ වැදීම සඳහා දැනටමත් ආසන මට්ටමින් ඔවුන් සූදානම් වෙමින් තිබේ.
ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පාක්ෂික හමු කීපයක් මේ වන විට එම පාර්ශව මන්ත්‍රීවරුන් විසින් සිය ආසනවල සංවිධානය කර ඇත.
ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිත්වයෙන් හා සජිත් පේ‍්‍රමදාස මහතාගේ අගමැතිත්වයෙන් රට ගොඩනගන ආකාරය ගැන එම හමුවලදී සාකච්චා කිරීමට නියමිතය.
-lankacnews
COMMENTS