ඩොලර් කෝටි 150ක් වැය කරමින් රුසියාවෙන් යුද නැවක් ගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කරන අතරමැදි සමාගමට ඇමෙරිකාව විසින් සම්බාධක පැනවීමට තීරණය කර ...
ඩොලර් කෝටි 150ක් වැය කරමින් රුසියාවෙන් යුද නැවක් ගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කරන අතරමැදි සමාගමට ඇමෙරිකාව විසින් සම්බාධක පැනවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
ඒ හේතුවෙන් එම නැව මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.
ඇමෙරිකාව මෙම අතරමැදි සමාගමේ කටයුතු පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් අනතුරුව එම සමාගමට සම්බාධක පැනවීමට තීරණය කිරීමත් සමඟම එම සමාගමේ කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ අක්‍රිය වන ලකුණු මතුව ඇතැයි ද වාර්තා වේ.
ඊට හේතුව වී ඇත්තේ අදාළ සමාගම ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරය මුල් කර ගනිමින් ඇමෙරිකානු ඩොලර් මගින් ගනුදෙනු කිරීම නිසා බව ද වාර්තා වේ.
COMMENTS