ක ථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (12) පෙරවරුවේ රැස්වීමට නියමිතය 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධ...
කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (12) පෙරවරුවේ රැස්වීමට නියමිතය
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නිර්මාණය කළ 10 දෙනෙකුගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කථානායකවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා නිල බලයෙන් පත් වේ.
අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දිවුරුම්දී ඇති බැවින් ඔහුට අද රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සහභාගි විය හැකි බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් වාර්තා වේ.
කෙසේවුවද, එක්සත් ජාතික පක්ෂය විපක්ෂ නායක ලෙස නම් කර ඇති සජිත් ප්‍රේමදාස මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීම සඳහා දැනුම්දීමක් කර නොමැති බව මාධ්‍ය වාර්තා කර තිබේ.
ඒ, ඔහු නිල වශයෙන් විපක්‍ෂ නායකවරයා ලෙස පාර්ලිමේන්තුව රැස්වී මෙතෙක් ප්‍රකාශයට පත් වී නොතිබීම හේතුවෙනි.
ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වන්නේ විපක්‍ෂ නායකවරයා නොමැතිව බව පැවසේ.
ඒ හැර මීට පෙර ව්‍යවස්ථා සභාව නියෝජනය කළ මන්ත්‍රීවරුන්ට හා සිවිල් සාමාජිකයන්ට අද රැස්වීමට සහභාගි වන ලෙස ලිඛිතව දැනුම් දී ඇතැයි සඳහන් වේ.
සජිත් දින දෙකේ විපක්ෂ නායක?
මේ අතර විපක්ෂ නායක වරයා ලෙස එජාපය නම් කර ඇති සජිත් ප්‍රේමදාස මහතාට අදාළ ධූරය සමග පාර්ලිමෙන්තුවේ සභාවරවලට සහභාගිවීමට හැකි වන්නේ දින දෙකක පමණ කාලයකට බවට ද රාවයක් පැතිර තිබේ.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුව වාර අවසන් කර මීළඟ පාර්ලිමේන්තු වාරය ආරම්භ කිරීම 2020 වර්ෂයේ ජනවාරි මස 03 වැනිදා සිදුකරීමට තීරණය කර ඇති බැවින් එදිනට විපක්ෂ නායකවරයා නම් කිරීම හා රාජාසන කථාව සිදු කිරීමට නියමිත බව පැවසේ.
ඒ අනුව අදාළ රාජාසන කථාව සිදු කිරීමෙන් පසුව දෙමසකට පමණ පාර්ලිමේන්තුව කල් තබනු ඇතැයි වාර්තා වේ.
එසේ වුවහොත් පාර්ලිමෙන්තුව නැවත රැස්වීමට නියමිතව ඇත්තේ මාර්තු මාසයේදී වන අතර මාර්තු මාසයෙන් පසුව ජනපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය හිමිවේ.

COMMENTS