එම අලි පැටියාට මේ වන විට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් හා උඩවල ඇත් අතුරු සෙවනේ වන ජීවී පශු වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර ආරම්භ කර ඇ...
එම අලි පැටියාට මේ වන විට හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරින් හා උඩවල ඇත් අතුරු සෙවනේ වන ජීවී පශු වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර ආරම්භ කර ඇත.
වරාය පරිශ්‍රය තුල බරපතල තුවාල ලබා සිටින අලි පැටවෙකු සිටින බවට එහි සේවය කරන නිලධාරින් පිරිසකගෙන් හම්බන්තොට වනජීවී කාර්යාලයේ නිලධාරීන්හට ලැබුණු තොරතුරකට අනුව අලි පැටවාට ප්‍රතිකාර කිරීම ආරම්බ කර තිබේ .
අලිපටවාට ප්‍රතිකාර කරන උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය මලක අබේ වර්ධන හා පී. එම්. අකලංක පවසා සිටියේ අලිපැටවා ගේ තත්වය බරපතල බවයි.
හක්ක පටස් කෑම නිසා අලිපටවා ගේ මුක ප්‍රදේශයට හානි සිදුවීම නිසා අහාර ගැනීමේ අපහසු තාවයක් ද පවතින බවත් ඊට අමතරව හිස ප්‍රදේශයේ වෙඩි සලකුණකට සමාන තුවාලයක් ද පවතින බව වනජීවී පශු වෛද්‍ය වරුන් පවසා සිටි. එමෙන්ම තුවාල ලබා සිටි අලිපටවාගේ හොඩ වල අග ඇගිලි කොටස මිට පෙර සිදුවූ තුවාලයක් හේතුවෙන් අහිමිව තිබෙනු දක්නට ලැබුණි .
මේ සම්බන්ධයෙන් කල විමසීමකදී හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි ආරක්ෂක ජේ .ඒ .පි විජය කුමාර මහතා ප්‍රකාශ කර සිටියේ අලි පැටවා වෙනත් ප්‍රදේශයකදී මෙලෙස තුවාල ලබා වරාය පරිශ්‍රයට පැමිණෙන්නට ඇති බවට විශ්වාස කරන බවයි .
මේ වන විට හම්බන්තොට වරාය පරිශ්‍රයේ හෙළි නොකළ කැළෑ ප්‍රදේශයන් තුල වන අලින් 40 ක් පමණ ජීවත් වන අතර තුවාල ලබා සිටි අලි පැටවාට ප්‍රතිකාර කරන අතරතුරද වන අලින් කීපදෙනෙකු ඒ අසල රැදී සිටිනු දක්නට ලැබුණි .
රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට
COMMENTS