දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහ මැතිවරණය මෙහෙයවන්න එජාපයෙන් එන අලුත් සිංහල බෞද්ධ මුහුණ කාගෙද ?
Homeප්‍රවෘත්ති

මහ මැතිවරණය මෙහෙයවන්න එජාපයෙන් එන අලුත් සිංහල බෞද්ධ මුහුණ කාගෙද ?

PropellerAds

ජ නාධිපතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්‍ෂය දැඩි දේශපාලන කුණාටුවකට හසු වී තිබුණු අතර විපක්‍ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට හිමි වීමෙන් එම කුණාට...

නිධානයෙන් මහා ගලක් පමණයි... බහිරවයා ධනස්කන්ධය හංගලාලු!
මහා වස්තුවක් ඇතැයි කියන නිධානයේ ගල් තලාවක් හමුවේ... පුපුරුවා හැරීමට සූදානම් කෙරේ!
ප්‍රශ්නයක් තියනවා නම් නීතිය ඉදිරියට යන්න… දෙන්නෙකුට තියන රුදාවකට පක්ෂයක් බිලි දෙන්න බෑ… සිලින්ඩරේ ජාතික ලයිස්තු මන්ත්‍රී රවී දිවුරුම් දී ඇවිත් කියයි!
නාධිපතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්‍ෂය දැඩි දේශපාලන කුණාටුවකට හසු වී තිබුණු අතර විපක්‍ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට හිමි වීමෙන් එම කුණාටුව යම්තාක් දුරකට සමනය වූ බවක් පෙන්නුම් කළ ද තවමත් එක්සත් ජාතික පක්‍ෂයේ අළුයට ගිනි පුලිඟු රත්වෙමින් පවතිනවා.

වෙනස්කම් කරන්න සුදානම් වුවත් බලහත්කාරකමට කැමැති නැති බව රනිල් පවසනවා.

එ.ජා.ප. නායකයා පසුගිය සති දෙක පුරාම පක්ෂ අභ්‍යන්තර  අරගලයකට මුහුණ දී සිටියේ සජිත් ප්‍රේමදාසට එ.ජා.ප. නායකත්වය හා විපක්ෂ නායක ධුරය ලබාදිය යුතු බවට එ.ජා.ප. මන්ත්‍රිවරුන් මෙන්ම එ.ජා.පෙ. නායකයන් බහුතරයක් මෙන්ම ප්‍රමුඛ පෙළේ ස්වාමීන් වහන්සේ ඇතුළු පාර්ශ්ව ගණනාවකින් බලපෑම් පැමිණෙමින් තිබූ බැවිනි.

ඒ සඳහා කථානායක කරූ එ.ජා.පෙ. නායකයා හා සජිත් ප්‍රේමදාස අතර මෙන්ම ඒ ඒ පාර්ශ්වවල නියෝජිතයන් අතර ද සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුනා.

අවසානයේ බ්‍රහස්පතින්දා පස්වරු 3.00ට එ.ජා.ප. හා එ.ජා.පෙ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සිය පිරිස්වල සහභාගිත්වයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට තීන්දු වූයේ ඒ අනුවයි.

එදින පෙරවරුවේ එ.ජා.ප. නායකයා පස්වැනි පටුමඟ නිවෙසේ සිටියේ විවේකීවය. එහෙත් විවිධ කණ්ඩායම්වල නියෝජිතයන් ඔහු හමුවීමටත් දුරකථන හරහා එකී සංවාදය පෙරටම රැගෙන ගියා.

“අද හවස ඔබතුමා ගන්නා තීන්දුව මොකක්ද? එ.ජා.ප. නායකත්වය හා විපක්ෂ නායක ධුරයත් සජිත් ප්‍රේමදාසට හිමිවිය යුතුයි කියලා පක්ෂය ඇතුළේ මෙන්ම පිටත් පවතින ස්ථාවරයයි” චමින්ද විජේසිරි මෙන්ම හේෂා විතානගේ එ.ජා.ප.යේ නායකයාට කතා කොට කීවේ එවැන්නක්.

“වෙනස්කම් කරන්න මම සූදානම්. ඒත් බලහත්කාරකම සුදුසු නෑ සාකච්ඡාව හා සම්මුතිය එ.ජා.ප යේ ක්‍රමයයි” එජාප නායකයා පිළිතුරු දුන්නා.

“ඔබතුමාත් මේ පක්ෂයේ දිගටම රැඳී ඉන්න ඕනේ. ඒත් ප්‍රධාන තනතුරුවල යම් වෙනසක් අවශ්‍යයි. ඒක අපේ විතරක් නොවෙයි ජනතාවගේත් ස්ථාවරයයි” චමින්ද සහ හේෂා වැඩිදුරටත් කීවේ එවැන්නක්.

“විපක්ෂ නායකකම සජිත්ට පවරනවා. මුලින් ඒ වැඩේ හරියට කරලා ඔහු අත්දැකීම් ලබන්න ඕනෑ. සියලු  බර එක පාරට කරට ගන්න ගියොත් ඔහුටමයි ගැටලු එන්නේ” එ.ජා.ප. නායකයා තවදුරටත් පිළිතුරු දුන්නා.

“විපක්ෂ නායක ධුරය සජිත්ට ලබාදීමට ගත්ත තීන්දුව ඉතා වටිනවා. මොකද ඔබතුමා 1994 ඉදලා වැඩිපුර හිටියේ විපක්ෂ නායක වෙලානේ, විපක්ෂ නායකකම සජිත්ට භාර දුන්නාම ඔබ විපක්ෂ නායක නොවෙයි. හිටපු අගමැති හා එ.ජා.ප. නායක ලෙසයි රට ඉදිරියේ ඉන්නේ” ලක්ෂ්මන් කිරිඇල්ල කීවේ එවැන්නකි.

“හොඳයි එතකොට ඉදිරි මහා මැතිවරණය මෙහෙයවන්නේ කවුද? මම හිතන්නේ ඒකට සිංහල බෞද්ධ පදනමක් තියෙන අලුත් මූණක් ඉදිරියට ගේන්න ඕනේ. කරු ජයසූරිය මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊට පදනම දාන එක ගැන අවසන් තීන්දුව මොකක්ද” මහාචාර්ය ආශු මාරසිංහ විමසීය.

“ඔව්. කරුගේ ප්‍රධානත්වයෙන් නායකත්ව මණ්ඩලයක් හදලා ඒකට එ.ජා.ප. ප්‍රධානීන් හා එ.ජා.පෙ. පක්ෂ නායකයන් ඇතුළු සියලු දෙනා දාලා අපි මැතිවරණයට ඉදිරිපත් වෙමු. එකමුතුකම සියල්ලට වඩා වැදගත්.” එ.ජා.ප. නායකයා ඊට පිළිතුරු දුන්නේය.

“විපක්ෂ නායකකම කරන්න පාර්ලිමේන්තු ස්ථාවර නියෝග ගැන විශාල වැටහීමක් ඕනේ. ඒ වගේම විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකමත් ඒ හා අත්දැකිම් හා දැනුම ඇති අයකුට නොගිහින් අලුත්ම අයකුට ගියොත් ඒක ආණ්ඩුවට විශාල වාසියක් වෙන්න බැරි නෑ.” එ.ජා.ප. නීති නිලධාරියකු කීවේ එවැන්නකි.

“මම 1993 දී සභානායක වෙන්න කලින් වසර 12ක් තිස්සේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අධ්‍යයනය කළා” එ.ජා.ප. නායකයා කීවේය.

“එ.ජා.ප.යට හිතවත් ස්වාමීන්වහන්සේ විශාල පිරිසකුත් සජිත් හමුවුණා කියලා ආරංචියි. එ.ජා.ප. නායකයා හා අත්දැකීම් ඇති ජේ‍යෂ්ඨ අය එක්ක සහයෝගයෙන් වැඩකරන්න කියන ඉල්ලීම උන්වහන්සේ කළ බවත් ආරංචියි පාර්ලිමේන්තුව දෙසැම්බර් 03දා රැස්වෙන්න තියෙද්දී මාසයකින් වාර අවසාන කරලා ජනාධිපතිවරයා ජනවාරි 03 දා ඒක රැස්කරන්න තීන්දු කිරීම ගැන විශාල සංවාදයක් රටේ යනවා” දිනේෂ් වීරක්කොඩි කීවේය.

“ඇමෙරිකානු මිලේනියම් චැලේන්ජ් ගිවිසුම දෙසැම්බර් 31ට කලින් අත්සන් කළ යුතුයි. නැතිනම් ඉන් ලැබෙන ප්‍රතිලාභ වෙන රටකට යාවි. පාර්ලිමේන්තුවටත් හොරා මේ ගිවිසුම අස්සන් කරන්න හිතාගෙන පාර්ලිමේන්තුව කල් දැම්මා කියලාත් රටේ මතයක් තියෙනවා.” ලක්ෂ්මන් කිරිඇල්ල සිනාසෙමින් කීවේ එවැන්නකි.

“එ.ජා.ප.ය අස්සන් කරන්න ගියාම නරකයි කී ගිවිසුම කාටත් හොරා අස්සන් කළොත් ජනතාව කැලඹේවි.” ගයන්ත කරුණාතිලක කීවේය.

“ලොකු සද්දයක් දාලා බදු කිහිපයක් ඉවත් කළා කියලා ආණ්ඩුව ප්‍රකාශ කළාට ඒවා නීතිගත වෙන්න නම් පාර්ලිමේන්තු යෝජනාවක් සම්මත වෙන්න ඕනේ. පාර්ලිමේන්තු කල් දැමීම තුළින් ඒ බදු සහනත් ව්‍යාජයක් වෙනවා. කියලා ආර්ථික විශේෂඥයෝ කියනවා” දයා ගමගේ කීවේය.

“බැදුම්කර වංචාවෙන් එ.ජා.ප.ය රැක ගන්න බැදුම්කරවලට අදාළ වෝහාරික පරීක්‍ෂණ වාර්තාව කෝප් එකට එන්න කලින් පාර්ලිමේන්තුව කල් දැම්මා කියලාත් තවත් කතාවක් යනවා” දිනේෂ් වීරක්කොඩිගේ අදහස එය විය.

“එ.ජා.පෙ.ට සපෝර්ට් එකට කල් දැම්මාද කියලා මට තේරෙන්නේ නැහැ. හැබැයි ඔය වාර්තාවල එ.ජා.ප. කාලේ බැඳුම්කරවලින් රටට වෙලා තියෙන පාඩුව රු. බිලියන 11යි කියලායි කියන්නේ. ඒත් පර්පචුවල් සමාගමේ රු. බිලියන 12ක් මහ බැංකු අත්අඩංගුවේ තියෙනවා. ඒත් ඊට කලින් ආණ්ඩුවල බැඳුම්කර නිකුතුවලින් බිලියන 11ක් නොවෙයි බිලියන 5600ක වගේ දැවැන්ත මුදලක් එහා මෙහා වෙලා තියෙනවා. ඒක මේ රටේ සමස්ත ණය බරට කිට්ටුවෙන් වගේ යන එකක්. ඉතින් පාර්ලිමේන්තුව කල් දැම්මේ එ.ජා.පෙ.ට උදවු කරන්න ද නැතිනම් ඒගොල්ලන්ගේ කුණු වහගන්න ද කියලායි දැන් බොහෝ දෙනෙක් අහන්නේ” එ.ජා.ප. නායකයා කීවේ මඳ සිනහවක්ද සමඟිනි.

මව්බිම


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29319,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහ මැතිවරණය මෙහෙයවන්න එජාපයෙන් එන අලුත් සිංහල බෞද්ධ මුහුණ කාගෙද ?
මහ මැතිවරණය මෙහෙයවන්න එජාපයෙන් එන අලුත් සිංහල බෞද්ධ මුහුණ කාගෙද ?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhclQhoHiy8jGQoHBOwN_uWUuHOtblEMctVNVjXTTC3TGxBUGyHC2iH26Dynyz91BxVDMAaOrGCdv_zEU7B6ZKO7DQU1zeIpCrh4iRrqIWL5aVyAYvRgxV90mdBHbXlWDyWGYpj2Prvhaa/s320/5deb3ea7bccc8_unp.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhhclQhoHiy8jGQoHBOwN_uWUuHOtblEMctVNVjXTTC3TGxBUGyHC2iH26Dynyz91BxVDMAaOrGCdv_zEU7B6ZKO7DQU1zeIpCrh4iRrqIWL5aVyAYvRgxV90mdBHbXlWDyWGYpj2Prvhaa/s72-c/5deb3ea7bccc8_unp.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_436.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_436.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy