පා ස්කු ඉරිදා එල්ලවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැලසුම්කරු සහරාන් හෂිම්ගේ මස්සිනා වන මවුලානා රීලා සහ ව්‍යාජ නමකින් විදෙස් ගත...
පාස්කු ඉරිදා එල්ලවු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවේ ප්‍රධාන සැලසුම්කරු සහරාන් හෂිම්ගේ මස්සිනා වන මවුලානා රීලා සහ ව්‍යාජ නමකින් විදෙස් ගතවු ඔහුගේ සමිපතයෙකු සෞදි අරාබියේදි අත්අඩංගුවට ගැනිමට එරට ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.
ඉන්දිය බුද්ධි අංශ විසින් සෞදි බලධාරින්ට සිදුකරන ලද දැනුම් දිමක් අනුව මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර ඇති බව සදහන්.
ශ්‍රි ලංකාවේ සිදුවු බෝම්බ ප්‍රහාරයට සහ ඉන්දියාවෙ කේරළ ප්‍රාන්තයේ හා තමිල්නාඩුවේ ප්‍රහාර දියත් කිරිමේ සැලසුම් සදහා IS ත්‍රස්තවාදින්ගේ සම්බන්ධයක් පවතින්නේද යන්න ගැන පරික්ෂණ සිදුකරන ඉන්දිය බුද්ධි අංශ විසින් සිය නිලධාරින් කණ්ඩායමක් ඉදිරි විමර්ෂන සදහා සෞදියට පිටත් කර යැවිමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු ඉන්දිය විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙරට පිහිටි ටාජ් සමුද්‍රා හෝටලය ඇතුළු ව්‍යාපාරික කටයුතු කිහිපයක හිමිකාරිත්වය දරණ ටාටා සමුහ ව්‍යාපාරයේ හිමිකරුවන්ට දැනුම්දි ඇත්තේ ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන වල ආරක්ෂාව තර කර ගැනිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.
ඉන්දිය ජාතිකයින් 115 දෙනෙකුට ආසන්න පිරිසක් IS ත්‍රස්තවාදින් සමග එක්ව සිටින බවට තොරතුරු වාර්තාවි තිබු අතර ඉන් සිරියාවේ, ඉරාකය සහ ඇෆ්ගනිස්ථානයේ දි ආරක්ෂක අංශ සමග ඇතිවු ගැටුම් වලින් පුද්ගලයින් 35 දෙනෙක් ජිවිතක්ෂයට පත්විය.
මේ හේතුවෙන් තම රට තුල IS සංවිධානයට සම්බන්ධ ක්‍රියාකාරින් සහ අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධකම් පවත්වනු ලබන පුද්ගලයින් සොයා එරට ආරක්ෂක අංශ මේ වන විට දිගින් දිගටම සිය මෙහෙයුම් සිදුකරමින් සිටියි.

COMMENTS