දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලේක්හවුස් ඇතුලේ ජනපතිට විරුද්දව මඩ වීඩියෝ ෆැක්ටරියක් හසුවෙයි.. මහ කලබලයක්
Homeප්‍රවෘත්ති

ලේක්හවුස් ඇතුලේ ජනපතිට විරුද්දව මඩ වීඩියෝ ෆැක්ටරියක් හසුවෙයි.. මහ කලබලයක්

PropellerAds

ලේ ක්හවුස් ආයතනයේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති චන්දන බණ්ඩාර මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්ව...

"රජය විවේචනය කරලා වැඩක් නෑ - එන්න අපිත් එක්ක එකතු වෙන්න" - විජයකලාගෙන් TNA එකට ඇරයුමක්
"වෙල්ගමයි, වාසුයි රඟ පාන්නේ මහින්දගේ පිටපතට" - රංජන් සියල්ල හෙළි කරයි
නිල ඇඳුම් වව්චර් ක්‍රමයේ වෙනසක් නැති බව අකිල කියයි
ලේක්හවුස් ආයතනයේ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපති චන්දන බණ්ඩාර මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.


ලේක්හවුස් නව මාධ්‍ය අංශයේ සේවයේ නියුතු මධුක තක්සල ප්‍රනාන්දු මහතාට ලේක්හවුස් ප්‍රගතිශීලී සේවක සංගමයේ සාමාජිකයන් පිරිසක් තර්ජනය කළ බවට සහ පහර දුන් බවට  අසත්‍ය පැමිණිල්ලක් කොටුව පොලීසියට ඉදිරිපත් කර තිබේ.

මධුක තක්සල ප්‍රනාන්දු යනු පසුගිය කාලය පුරා ජනාධිපතිවරණයට පෙර සහ පසුව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මඩ වීඩියෝ පට සකසමින් යු ටියුබ් මගින්  මාධ්‍යවේදියා නම් චැනලය ඔස්සේ ප්‍රචාරය කරමින් කටයුතු කළ අයෙකි. ඔහු විසින් ලේක්හවුස් ආයතනයේ නව මාධ්‍ය අංශයේ සම්පත් භාවිතා කරමින් මෙලෙස මඩ වීඩියෝ පට සකසා ඇති බවට සැක මතුව තිබේ. ඔහු තම  මුහුණු පොත මගින් ඉතා නිර්දය ලෙස වත්මන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමාට අසත්‍ය චෝදනා නැගූවෙකි.

පොදුජන පෙරමුණට සම්බන්ධ අප වෘත්තීය සමිති සාමාජිකයකුට ඔහු විසින් පසුගිය අගහරුවාදා මඩ වීඩියෝ පටයක් සකසමින් සිටින බවට ලද තොරතුරක් මත ඒ සම්බන්ධයෙන් අප සාමාජිකයන් ඔහුගෙන් තොරතුරු විමසා තිබේ. එම තොරතුරු විමසීම පදනම් කරගෙන ඔහුට තර්ජනය කළ බවටත් පහර දුන් බවටත් අසත්‍ය පැමිණිල්ලක් කොටුව පොලීසියට ඉදිරිපත් කර තිබේ.

ප්‍රගතිශීලී සේවක සංගමයේ සභාපතිවරයා වන මා වසර 17 කට ආසන්න කාලයක් වෘත්තීය මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කරන්නෙකි.  මාධ්‍ය වෘත්තිකයන්ට ගරු කරන්නෙක් ලෙස මා කිසිදු විටක මාධ්‍යවේදියෙකුට පහර දීමට හෝ තර්ජනය කිරීමට අනුබල දෙන්නේ නැත. සත්‍ය ලෙසම අප වෘත්තීය සමිතියේ කිසිදු සාමාජිකයකු ඔහුට තර්ජනය කිරීමක් හෝ පහර දීමක් සිදු නොකළ බව ඔහුගේ හෘද සාක්ෂිය සාක්ෂි දරණු ඇත.

ලේක්හවුස් ආයතනයේ වැඩිම සාමාජික සංඛ්‍යාවක් හිමි පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතිය 2019 ජනාධිපතිවරණය ජයග්‍රහණයට පසුව මේ දක්වා ලේක්හවුස් ආයතනයේ කිසිදු එක්සත් ජාතික පක්ෂයේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකුට වචනයකින් හෝ සිත් රිදිමක් සිදු කර නැත. ඒ සදහා ලේක්හවුස් ජාතික සේවක සංගමයේ නිලධාරීන් සහ සාමාජිකයන් සාක්ෂි දරණු ඇත. එවැනි පසුබිමකදී මධුක තක්සල වැන්නකුට තර්ජනය කිරීමට හෝ පහර දීමට අපට අවශ්‍යතාවක් නැත.

මෙරට පසුගිය දේශපාලන පෙරළිවලට පසු විදෙස් රටවල දේශපාලන රැකවරණ ලබා ගැනීමට ඇතැම් ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන් තමන්ට පහර දුන් බවට පොලීසිවලට පැමිණිලි ඉදිරිපත් කර විදෙස් ගත වු අවස්ථා අප දැක ඇත්තෙමු.

මධුක තක්සලගේ උත්සාහයද එවැන්නක් දැයි සැකයක් මතු වේ. ඔහු විසින් මේ සදහා ලබා ගන්නා මාධ්‍ය ප්‍රචාරයන් දෙස අවධානය යොමු කිරීමේදී ඔහුගේ උත්සාහය පැහැදිලි වනු ඇත.

එබැවින් මාධ්‍ය ක්ෂේත්‍රයේ එතරම් අද්දැකීම් නොමැති කම නිසා  මධුක තක්සල ප්‍රනාන්දු විසින්  මෙවැනි  අසත්‍ය ප්‍රචාරයන් ගෙන යන්නේ දැයි සැකයක් මතුවේ.

ස්තුතියි.
මීට
සභාපති,

චන්දන බණ්ඩාර
වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය
ලේක්හවුස්
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලේක්හවුස් ඇතුලේ ජනපතිට විරුද්දව මඩ වීඩියෝ ෆැක්ටරියක් හසුවෙයි.. මහ කලබලයක්
ලේක්හවුස් ඇතුලේ ජනපතිට විරුද්දව මඩ වීඩියෝ ෆැක්ටරියක් හසුවෙයි.. මහ කලබලයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgl8_VNllAHrFzkzVOKMxZwv2-r-qja2Xh8pe6iY_5BaFmvBzPR9WmuYZtL_0b2TegH-WQ-BnAGpDMTdeWUuPkr_6m6HXCTRBQoiszQxYq-ynfzS4sQN5LbcU5t94gUh7Itq8F90fCCc-u8/s320/lakehouse.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgl8_VNllAHrFzkzVOKMxZwv2-r-qja2Xh8pe6iY_5BaFmvBzPR9WmuYZtL_0b2TegH-WQ-BnAGpDMTdeWUuPkr_6m6HXCTRBQoiszQxYq-ynfzS4sQN5LbcU5t94gUh7Itq8F90fCCc-u8/s72-c/lakehouse.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_243.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_243.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy