දෙමළ ජාතික සන්ධානයට ඇති හොදම හා එකම විකල්පය රජයට දොස් නැගීම නොව එක්සත් ජාතික පක්ෂය වටා එකතු වී ඉදිරියට යාම පමණක් බව විජයකලා මහේස්වරන් මන්ත...
දෙමළ ජාතික සන්ධානයට ඇති හොදම හා එකම විකල්පය රජයට දොස් නැගීම නොව එක්සත් ජාතික පක්ෂය වටා එකතු වී ඉදිරියට යාම පමණක් බව විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරිය යාපනයේදී පැවසීය.
මන්ත්‍රීවරිය මෙසේ පැවසුවේ යාපනයේදී පැවැත්වීමට නියමිත ජනාධිපති නිල මෙහෙවරට සමගාමීව යාපනයේ පේදුරුතුඩුව වඩමරච්චි හින්දු විද්‍යාලයේ පැවති රැස්වීමක් අමතමිනි.
විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරිය මේ අදහස් පලකරණ ලද අවස්ථාවේදී එම රැස්වීමට දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා හා පී.සරවනබවන් යන මන්ත්රීවරුද සහභාගී වී සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරිය තවදුරටත් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය නොව වෙනත් කවුරුන්හෝ රජයට දොස් නගමින් රජය විවේචනය කරමින් සිටීමෙන් කිසිදු පලක් අත් නොවන බවය.
දේශපාලනඥයින් ගේ සිරිත වී ඇත්තේ ඕනෑම රජයකට දොස් නගමින් ඒ රජයෙන් විවිධ වරප්‍රසාද ලබා ගැනීම බව කී විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරිය එසේ කිරීම සදාචාරයට පටහැනි ක්‍රියාවක් බවද සදහන් කළාය.
ජනාධිපති නිල මෙහෙවර මෙවර යාපනය දිස්ත්රික්කයේ අඩුපාඩු සපුරාලීම සදහා ලබා දී ඇති බැවින් දෙමළ දේශපාලනඥයින් මේ සම්බන්ධයෙන් උනන්දු වී යාපනයේ දෙමළ ජනතාවට ලැබිය යුතු දේ ලබාදීම සදහාවත් පෙරමුණ ගත යුතුව ඇතැයි කියා සිටියාය.
(දිනසේන රතුගමගේ)
COMMENTS