මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් ආණ්ඩුව විපක්ෂය මර්දනය කිරීමට උත්සාහ කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පව...
මහ මැතිවරණය ඉලක්ක කරගනිමින් ආණ්ඩුව විපක්ෂය මර්දනය කිරීමට උත්සාහ කරන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඊයේ (19) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කරමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මහමැතිවරණය ඉලක්ක කර ගනිමින් විපක්ෂය බිය ගැන්වීම සඳහා ආණ්ඩුව මේ වන විට කටයුතු කරන බව ද ඒ මහතා කියා සිටියේය.
කිසිදු සාධාරණත්වයක් නොමැතිව අවසන් වු නඩුවක නැවත විභාගයට ගෙන ඇති බවත් පැවසු ඒ මහතා, රජය විසින් මෙම අවනීතිය රජ කිරීම ගැන තම විරුද්ධත්වය ප්‍රකාශ කරන බවත් පැවසීය.
නීතිමය ක්‍රියාමාර්ග, මානව හිමිකම් මෙන්ම ජනතාවගේ සහයෝගය මත සියලු ක්‍රියාමාර්ග ගැනීම සඳහා එක්සත් ජාතික පෙරමුණ සුදානම් බවත් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.
COMMENTS