එලඹෙන ජනාධිපතිවරනයේදී තමන් සහය පල කරන අපෙක්ෂකය ඉදිරි දින තුන ඇතුලත ප්‍රකාශ කරන බවට උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හා දෙමළ ජනතා පෙරමුනේ න...
ඔහු මේ බව කියා සිටියේ සිය නිවසේදී ඊයේ (02)සවස පැවති මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින්ය.එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍ය වරයා කියා සිටියේ,
‘ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ භාෂා තුනෙන්ම එකම කරුණ සඳහන් වෙනවද කියලා අපි ගැඹුරින් අධ්‍යනය කරනවා ඒකීය රටක් කියන වචනයට වෙනත් වචන යොදලා තියනවද කියලත් බලන්න ඕන එක භාෂාවකින් එකක් කියලා තවත් භාෂාවකින් තවත් එකක් කියල තියනවද කියලත් බලන්න ඕන ඉංග්‍රීසියි දෙමළයි අතර වෙනසක් තියනවා කියල තියෙනවා ඒ නිසා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ පිටපත් බැලිය යුතුයි විදේශ රටවල හිත දිනාගන්න ඉංග්‍රීසි භාෂාවෙන් එක දෙයක් කියලා සිංහලෙන් තවත් එකක් කියලද බලන්න ඕන මේක ගැන අපි හොඳට අද්‍යනය කරලා නීති විසාරද මතය විමසලා තීරණයක් දැනුම් දෙන්න තව දින තුනක කාලයක් ගත වේවී. යනුවෙනි.
කෙසේ වෙතත් සී.වී.විග්නේශවරන් මහතාගේ පක්ෂය ඇතුලු දෙමළ ජාතික සන්ධානයේ සියලු පක්ෂ එක්ව යාපනයේ අවස්ථා දෙකකදී හමු වී සහය ලබා දෙන අපේක්ෂකයා සමපන්ධයෙන් සාකච්ඡා සිදු කළද එක් එක් පාර්ශවයන්ගේ පරස්පර තීරණයන් හේතුවෙන් එම සාකච්ඡා දෙකම එකඟතාවයකින් තොරව අවසන් විය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
COMMENTS