දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පිටකොටුවෙන් සෑම අධිවේගී මාර්ගයකටම ප‍්‍රවේශ මාර්ගයක්.
Homeප්‍රවෘත්ති

පිටකොටුවෙන් සෑම අධිවේගී මාර්ගයකටම ප‍්‍රවේශ මාර්ගයක්.

PropellerAds

සෑම අධිවේගී මාර්ගයකට ම ප‍්‍රවේශ විය හැකි ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානය පිටකොටුවේ ඉදිකරන අතර ම වරාය නගරයේ පළවෙනි ඉඩම් වෙන්දේසිය ලබන වසරේද...

ජනපති රනිල්ගේ දිවුරුම් දීමේ උත්සවයට මුදල් ගෙව්වේ පුද්ගලික ආයතනයකින්!
පෙරේදා අනතුරින් චාමිකගෙ දත් දෙකක් ගැලවිලා... එක දතක් අතේ අරන් ඇවිත්... අනෙක් දත උඩ පන්දුව රැක්ක තැන බිම තිබී හමුවෙලා!
ගෝඨා අගමැති පුටුවට! පොහොට්ටුවේ බෙදීමක්! කණ්ඩායම් අතර රහස් සාකච්ඡා!

සෑම අධිවේගී මාර්ගයකට ම ප‍්‍රවේශ විය හැකි ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානය පිටකොටුවේ ඉදිකරන අතර ම වරාය නගරයේ පළවෙනි ඉඩම් වෙන්දේසිය ලබන වසරේදී සිදු කරන බවත් කොළඹ නගරය හා තදාසන්න නගර යා කරමින් සැහැල්ලූ දුම්රිය මාර්ග පද්ධති 7ක් ඉදිරි වසර 5 තුළදී ඉදිකිරීමට සැලසුම් කොට ඇතැයි ද මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පසුගියදා මීගොඩ ආටිගල මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමිනි.

බස්නාහිර කලාපීය මහානගර සංවර්ධන සැලැස්ම යටතේ ආටිගල මාර්ගය ප‍්‍රතිසංසකරණය කළ අතර නාගරික සංවර්ධන අධිකාරිය මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාවට නංවන ලදි.

"අප අමාත්‍යාංශය යටතේ විධිමත් සැලැස්මක් යටතේ කොළඹ සංවර්ධනයට පියවර ගෙන තිබෙනවා. ඊළඟ අවුරුදු 10 ඇතුළත කොළඹ නගරය සීග‍්‍ර වෙනසකට පත් කරනවා. වර්තමානයේ දකුණු ආසියාවේ වැඩිම දොඹකර ප‍්‍රමාණය ක්‍රියාත්මක වෙන්නේ කොළඹ. ඉහළම ගණයේ ව්‍යපෘති 96 ක් නාගරික සංවර්ධන අධිකාරිය මගින් අද ක්‍රියාත්මක කෙරෙනවා. පසුගිය වසරේ සිට මේ වසරේ පළවෙනි කාර්තුව දක්වා කෘෂිකර්ම ක්‍ෂෙත‍්‍රයේ තිබෙන්නේ ඝෘණ 3.8 ක ආර්ථික වර්ධනයක්. ඒ වගේම සංචාරක ව්‍යාපාරයේ, බැංකු ඇතුළු සේවා ක්‍ෂෙත‍්‍රයේ තිබෙන්නේ4% ක වර්ධනයක්. හැබැයි ඉදිකිරීම් නිසා කාර්මාන්ත ක්‍ෂෙත‍්‍රයේ 6.5% වර්ධනයක් තිබෙනවා. රටේ ආර්ථිකය අද දුවන්නේ ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රය නිසා. ඒ නිසා මෙම නගරය තව තවත් ඉහළට ගෙන යන්න අපට පුළුවන්".

"ලබන වසරේ අපි වරාය නගරයේ පළවෙනි ඉඩම් වෙන්දේසිය ආරම්භ කරනවා. කලින් තිබූ ගිවිසුම වෙනස් කර රටට ගැලපෙන විදිහට සකස් කර, කිසි කෙනෙකුට යට නොවී එය ක්‍රියාත්ම කරනවා. අපි සියළු ගැටළු විසඳලා මෙම මූල්‍ය නගර ව්‍යාපෘතිය ආරම්භ කළා. අපේ අමාත්‍යාංශය මගින් මෙරට ඉතිහාසයේ ඇති වූ ලොකුම ආයෝජනය රටට වාසිදායක ලෙස ඉදිරියට ගෙනගොස් තිබෙනවා. කොළඹ වරාය නගරය අපි අධිවේගී මාර්ග පද්ධතියට එක් කරනවා. ඉඟරු කඩේ හන්දිය, වරාය හරහා කොටුවට අලූත් මාර්ගයක් ගමන් කරනවා. එම මාර්ගය මල්වත්ත පාරෙන් දුම්රියපොළට ගෙන යනවා. එතන තිබෙන චාමර්ස් ගැලරි එකේ ඉඩම අක්කර නමයක් තිබෙනවා. එහි විශාල වාණිජ සංකීර්ණයක් සමග වැඩපිළිවෙලක් ආරම්භ වෙනවා. එතනට අපි හඳුන්වන්නේ කලම්බු ගේට් කියලා. එතනින් වරායට යන්න, රටේ ඕන තැනකට යන්න අධිවේගී මාර්ග පද්ධතියට ඇතුළු වෙන්න පුළුවන්. දැනට තිබෙන බැස්ටියන් මාවතත්, රේල්වේ ස්ටේෂන් එකත්, මැනිං මාර්කට් එකත් තියෙන තැන ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානය ඉදිවෙනවා. ඒ ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානයට අධිවේගී ශීඝ‍්‍රගාමී බස්රථ ඇතුළු විය හැකි ක‍්‍රමයක් අපි හදනවා. ඒ සඳහා වෙනම පාරක් හදනවා. එහි පළවෙනි පියවර ලෙස මගී ප‍්‍රවාහන වාහන සඳහා ප‍්‍රමුඛතා මංතීරු අපි ආරම්භ කර තිබෙනවා".

"එහි ඊළඟ පියවර ලෙස ශීඝ‍්‍රගාමී බස් සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කරනවා. එයට අමතරව ඉදිරි වසර පහ තුළදී දුම්රිය ද්ව්ත්ව මාර්ග පද්ධතියක් බවට පත් කර විදුලිකරණය කිරීම සිදු කරනු ලබන බවත් සැහැල්ලූ දුම්රිය පද්ධතියක් කොළඹ නගරයේ ඇස්වාට්ටුව හරහා ගුවන් දුම්රිය පද්ධතියක් ඇතිකිරීමට කටයුතු කරන බවත් පැවසීය. වර්ෂයක කාලයක සිට ඒ සඳහා පර්යේෂණ සිදු කරනු ලබන අතර එහි කටයුතු ලබන වසරේදී ආරම්භ කිරීමට කටයුතු කරනවා. මූලිකව මාලඹෙන් සහ කොල්ලුපිටියේ ආරම්භ කරන අතර දැනට දුම්රිය පද්ධතිය හෝ බස්රථවලට අසුනොවන සෑම මාර්ගයක්ම ආවරණය වන පරිදි සැහැල්ලු දුම්රිය පද්ධති මාර්ග 7 ක් අපි ඇති කරනවා. එයින් දෙකක් හදන්නේ ජපාන රජය මගින්. එහි වැඩ මේ වන විට ඒ අය විසින් කරගෙන යනු ලබනවා. ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු අපි සිදුකරනවා" යැයි ද පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පිටකොටුවෙන් සෑම අධිවේගී මාර්ගයකටම ප‍්‍රවේශ මාර්ගයක්.
පිටකොටුවෙන් සෑම අධිවේගී මාර්ගයකටම ප‍්‍රවේශ මාර්ගයක්.
http://ift.tt/2vuo16b
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_968.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_968.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy