දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප‍්‍රභාකරන් මැරුණාම රටම සතුටු වුණා සේ සුනිල් ජයවර්ධන මැරුවාම අපේ පවුලම සතුටු වුණා - මන්ත‍්‍රී දියණිය කියයි
Homeප්‍රවෘත්ති

ප‍්‍රභාකරන් මැරුණාම රටම සතුටු වුණා සේ සුනිල් ජයවර්ධන මැරුවාම අපේ පවුලම සතුටු වුණා - මන්ත‍්‍රී දියණිය කියයි

PropellerAds

ප්‍ර භාකරන් මැරුණු දා රටම සතුටු වූ ආකාරයට සුනිල් ජයවර්ධන මැරුණු දා තම පවුලේ සාමාජිකයන් සතුටු වුන බව කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතාග...

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි - පළමු තැන ගත් සිසුන් මෙන්න
ශිෂ්‍යත්වයේ අභියාචනා භාර ගැනීම ජනවාරි 15 සිට
අලි ප්‍රශ්නය ගැන කතරගම බස්නායක නිලමේවරයාගෙන් චෝදනා
ප්‍රභාකරන් මැරුණු දා රටම සතුටු වූ ආකාරයට සුනිල් ජයවර්ධන මැරුණු දා තම පවුලේ සාමාජිකයන් සතුටු වුන බව කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතාගේ දියණිය වන රේඛා කහදගම සදහන් කරයි.

තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව සඳහන් කර තිබේ.

ඊට සමාජ ජාලා පරිශීලකයන්ගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයකි.

අදාල සම්පූර්ණ සටහන මෙසේය.

————-

සුනිල් ජයවර්ධන කියන පුද්ගලයව මරා දාලලු..

නීතියට පටහැනි මිනීමැරුමක් වුවත් ඒ මරණය පිළිබඳව උපේක්ෂාවෙන් බලන්න බැහැ අපිට …

ඒ පිළිබඳව ආරංචිය ලැබෙනකොට පාන්දර 2 ට විතර ඇති.. මවා පැම් ඕන නෑ.. නින්දෙන් අවදිවුනු ගමන් උනත් එක පාරටම කියවුනේ
“හොඳ වැඩේ ඕකට ” කියලයි..
මේක දිහා පිටින් ඉඳන් බලන කෙනෙකුට අපි හරිම අමානුෂික මිනිස්සු විදියට පෙනෙන්න පුලුවන් ..
බොහෝමයක් දෙනා මේ ගැන විවේචනාත්මකව කතා කරන්නත් පුළුවන් ..
නමුත් තුවාලය තියෙන කෙනා තමයි තුවාලයේ වේදනාව දන්නෙ.



2015 යහපාලන ආණ්ඩුව ගෙනල්ලා දේශපාලන පලිගැනීම් වලට ඉස්සරින්ම සිර ගත වෙන්නෙ අපේ තාත්තා .. ඒ සිර ගත කිරීමට නඩු ගොනු කරන්නෙ සුමන හාමුදුරුවෝයි සුනිල් ජයවර්ධනයි තවත් ගෑනියෙකුයි..
හාමුදුරුවන්ට තාත්තා එක්ක තිබුන ප්‍රශ්ණය තමයි පිටකොටුවේ බෝගහයට තිබුන මිනිස්සුන්ට පිරිත් නූල් විකුණපු ලොරිය අයින් කරවපු එක. ඒකෙන් හාමුදුරුවන්ගේ දෛනික ආදායම නැවතුනා..

සුනිල් ජයවර්ධනට සහ අනිත් කාන්තාවට තිබුනේ ස්ව්‍යං රැකියා සමිතියේ බලය පිළිබඳව තණ්හාවක්..
උන් ඒ තරහා පිරිමහන්නේ සහ උන්ගේ බලය ගොඩනගා ගන්න උත්සාහ කරන්නෙ යහපාලනය ගේන්න වැඩ කරලා එජාපය සමඟ ඇතිකරගත්තු එකඟතා එක්ක..
ඒ යටතේ අභූත චෝදනා රැසක් එකතු කරල තාත්තට නඩු 4 ක් ගොනු කරනවා.

තාත්තා මාස තුනක් සිර ගතව සිටින කාලය තුල අපි පවුලක් විදියට විඳපු දුක් කරදර කඳුළු කතාවට වගකියන්න ඕන පුද්ගලයන් තමයි ඔය.

තාත්තගේ පළවෙනි නඩු වාරයේදී මම අම්මයි ලොකු නංගියි එක්ක උසාවිට ගිය වෙලාවේ ,පැමිණිලි පාර්ශවයට මරණ තර්ජනය කරාය කියන චෝදනාව යටතේ මාව අත්අඩංගුවට ගන්නවා
පැය 6 කට ආසන්න කාලයක් මාව උසාවිභූමියේ රඳවාගෙන ප්‍රශ්ණ කිරීමෙන් අනතුරුව කෙසෙල් වත්ත පොලීසියේදී කට උත්තරයක් අරන් ගෙදර යවනවා..
මට ඔය කියන චෝදනාව කරේ සුනිල් ජයවර්ධන කියන පුද්ගලයා.

මම ඔය කියන මිනිහට විරුද්ධව කාන්තා කාර්‍යාංශයේ පැමිණිලි තුනක් දානවා ඒ සිදුවීමෙන් පස්සෙ.
ඒ පැමිණිලි විභාග කරන්න කාන්තා කාර්‍යාංශට ආව මිනිහා එක තැනකදි කියනවා තාත්තගේ නඩුව උනාට මෙගොල්ලෝ පවුල පිටින් උසාවි එන්නෙ මොකටද කියලා..
අපිට තාත්තව ඇස් පිරෙන්න බලන්න තියෙන තැනට අපි යනවා. ඒ අපේ තාත්තා නිසා.

මේවා ඔය අපි අමානුෂිකයි කියලා විවේචනය කරන අයට සිදුවෙන්න හිතලාවත් නැති කරුණු කාරනා..
ඔය ඔක්කොටම වැඩිය 2010 අවුරුද්දේ නුගේගොඩ සමිතියේ මුදල් වංචාවකට සුනිල් ජයවර්ධනව මිනිස්සු හොයනකොට ඒ මිනිහා නැවතිලා හිටියේ අපේ ගෙදර . එයා ඒ මුදල් ප්‍රශ්ණය විසඳ ගන්නකන් එයාට ආරක්ෂාව සහ අනිකුත් දේවල් සපයන්නෙ අපේ තාත්තා ..

එහෙම එකට ඉඳලා උදව් අරගත්තු මිනිහෙක් බලය වෙනුවෙන් මෙහෙම චෝදනා කරලා සිර ගතකරවපු එකේ වේදනාව තියෙන්නෙ අපිට මිසක් මේවා ගැන කසු කුසු ගාන අයට නෙවේ..
එහා ගෙදර එක්ක කම්බි වැටට මරාගෙන ඌ ගහෙන් වැටුනම හොඳ වැඩේ කියල කියන උන්ම තමයි කීබෝඩ් වීරයෝ වෙන්න අපි අමානුෂිකයි කියලා ලියන්නෙත් කියන්නෙත්..

ප.ලි
ඒ මිනීමැරුම පිළිබඳව නීතිමය කටයුතු හරියාකාරව සිදුවී ඔහුට සාධාරණයක් කිරීම රජයේ කාර්‍යක්. එය අකුරටම සිදුවී වරද කරුවන් නීතිය හමුවට ගෙනවිත් දඬුවම් ලැබිය යුතුයි..

ප. ප. ලි.

අපේ තාත්තා නඩු සියල්ලෙන්ම නිදොස් කොට නිදහස් උනා..
හාමුදුරුවෝ ජීවිතාන්තය දක්වා හිරේ ගියා..
සුනිල් ජයවර්ධන පරලොව සැපත් උනා
කර්මයට වර්ණයක් නෑ.
ඵල දෙන්න කාලයක් නෑ..
අපාය බොරු.. මිහිපිටම මිනිස්සුන්ට දඬුවම් ලැබෙනවා..

ප්‍රභාකරන් මැරුනම උඹලා අපි එකා වගේ සතුටු උනා ඌ රටටම වින කරපු නිසා..
සුනිල් මැරුනම අපිට සතුටක් ඇති උනා එයා අපේ පවුලට කරපු හානිය නිසා..

අපි රහත් වෙලත් නෑ වෙන්න පෙරුම් පුරන්නෙත් නෑ..
කාගෙන්වත් අපිට චරිත සහතික අවශ්‍යත් නෑ..🙏🙏
මේවගේ මිනිහෙක් ගැන මගේ යුනිකෝඩ් නාස්ති කරන්න තුන් හිතකවත් තිබුන් නෑ.
මේ අකුරු කිරීම තාත්තා වෙනුවෙන්ම පමණයි.. 🖤

– Rekha Kahandagama FB


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප‍්‍රභාකරන් මැරුණාම රටම සතුටු වුණා සේ සුනිල් ජයවර්ධන මැරුවාම අපේ පවුලම සතුටු වුණා - මන්ත‍්‍රී දියණිය කියයි
ප‍්‍රභාකරන් මැරුණාම රටම සතුටු වුණා සේ සුනිල් ජයවර්ධන මැරුවාම අපේ පවුලම සතුටු වුණා - මන්ත‍්‍රී දියණිය කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEitNc6Q3haMywA6m4fGSoqlF78s4OzziDr9dsGyu3pfGBdua4IT5-b9vM46yAT91mWO3WKbay6xdrrcLy9de9H0YSGEmcBzRtB_J7lUFYjh_A25XophXYTEk196hGVcCpMQBInsaBsJvKM/s320/44478787.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEitNc6Q3haMywA6m4fGSoqlF78s4OzziDr9dsGyu3pfGBdua4IT5-b9vM46yAT91mWO3WKbay6xdrrcLy9de9H0YSGEmcBzRtB_J7lUFYjh_A25XophXYTEk196hGVcCpMQBInsaBsJvKM/s72-c/44478787.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_230.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_230.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy