දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඔරිජිනල් ශ්‍රී ලාංකිකයෙකු ජනපති කරන්න වගබලාගන්න- අවසන් රැළියේදී සජිත් කියයි
Homeප්‍රවෘත්ති

ඔරිජිනල් ශ්‍රී ලාංකිකයෙකු ජනපති කරන්න වගබලාගන්න- අවසන් රැළියේදී සජිත් කියයි

PropellerAds

ඔරිජිනල් ශ්‍රීලාංකිකයෙකු වන ඔරිජිනල් ශ්‍රී ලාංකිකයන් සමග වැඩ කරන මුළු ශ්‍රී ලාංකීය ජාතියටම සේවයක් කළ හැකි කෙනා ජයග්‍රහණය කරවන ලෙස නව ප්‍රජා...

විරෝධතාවයකදී මීට වඩා මන්ත්‍රීන් ඉන්න ඕනෙ - අගමැති සජබ ට කියයි
ගෑස් පිපිරීම් සෙවූ කමිටුවේ වාර්තාව මෙන්න…
බලශක්ති ව්‍යාපෘති සදහා උතුරේ දූපත් තුනක් අදානිට…. චීනය හැර ගිය හේතුව එයයි…
ඔරිජිනල් ශ්‍රීලාංකිකයෙකු වන ඔරිජිනල් ශ්‍රී ලාංකිකයන් සමග වැඩ කරන මුළු ශ්‍රී ලාංකීය ජාතියටම සේවයක් කළ හැකි කෙනා ජයග්‍රහණය කරවන ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (13) අවසන් ජන රැළිය අමතමින් ප්‍රකාශ කළේය.

මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් දිනයේ හම්බන්තොට නගරයේ පැවැති නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීය.


"අද අපි පවත්වන්නේ ජනාධිපති මැතිවරණ ව්‍යාපාරයේ 149 වන ජන රැළියයි. හම්බන්තොට ජනතාව 1994 සිට මේ දක්වා මා හට දැක්වූ සහයෝගය අති විශිෂ්ඨයි. ජයග්‍රාහී ජනතා රැල්ලක් අපි නිර්මාණය කර තිබෙනවා. ලබන 17 දා අපට නියත ජය.. අනිවාර්යෙන්ම අපි ජයගන්නවා ඒක ස්ථිරයි. ඒකාන්තයි. පක්ෂ පාට ජාති ආගම් කුළමල බේදයෙන් තොරව හංසයාගේ සජිත් ප්‍රේමදාසගේ දිනන රැල්ලට එකතු කර ගන්න කියලා මම සියළු දෙනාගෙන් ඉල්ලනවා.

හම්බන්තොට වෙනුවෙන් අපි දැවැන්ත සංවර්ධන සැලැස්මක් නිර්මාණය කර තිබෙනවා. එම සැලැස්ම උදෙසා මේ ප්‍රදේශයේ සංචාරක ක්ෂේත්‍රය දියුණු කිරිමට දැවැන්ත වැඩ කොටසක් සකස් කර තිබෙනවා මේ මෙහි කිරිගොවි ප්‍රජාව වෙනුවෙන් රට කිරෙන් ස්වයං පෝෂිත කිරිම උදෙසා තෘණ භූමි ලබා දෙමින් සැලැස්මක් ඇතිව කිරි ගොවියා රැක ගන්න වැඩපිළිවෙල අපි සකස් කර තිබෙනවා.

මුළු මහත් ශ්‍රී ලංකාවේ ධීවර ප්‍රජාව වෙනුවෙන් අවුට්බෝඩ් මෝටර් පන්න කරන අය වෙනුවෙන් තෙල් සහනාධාරයක් ලබා දෙනවා. ඊට අමතරව ධීවර උපකරන මෙවලම් සහන ක්‍රමයට ලබා දෙනවා. මේ ප්‍රදේශයේ ලුණු නිෂ්පාදනය ඇතුළු සාම්ප්‍රදායික කර්මාන්ත දියුණුවට දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා.

අපේ නව ආණ්ඩුව තුළ අපි පිරිසිදු පාලනයක් කරගෙන යන්නේ. කුසලතාවය තියෙන දක්ෂතාවය තියෙන. හැකියාව තියෙන අලුත් කණ්ඩායමටක අපි වගකිම බාර දෙනවා. හොරකම් කරපු දූෂණ මංකොල්ල කෑම් කළ කිසිවෙකුට මගේ අලුත් ආණ්ඩුවේ කිසිම තැනක් නැහැ. නමුත් මගේ ප්‍රතිවාදියා පිටුපස ඉන්නේ කව්ද කියලා බලන්න. මුණු ටික බලන්න. පවුලේ පිරිසක් තමයි ඉන්නේ. අගමැතිත් සහෝදරයා, මුදල් ඇමතිත් සහෝදරයා. තරුණ කටයුතු ඇමති පුතා.. කාන්තා ඇමති නෝනා... හැම දේම බෙදෙන්නේ පවුලට. මගේ පවුලට ගෑවුණු කිසිම කෙනෙක් මේ රාජ්‍ය පාලනයට අපි බදවා ගන්නේ නැහැ. අපි රටේ ජනාධිපතිකම ගන්නේ පවුල වඩන්න හෝ පවුල ශක්තිමත් කරන්න නොවෙයි. අපි මේ දුෂ්කර දේශපාලන ගමන යන්නේ මේ රටේ පොදුජනතාව ශක්තිමත් කරන්නයි.

ගමින් ගමට ගොස් අනෙක් පාක්ෂිකයන්ට කියන්න දිනන බස් එකට නගින්න කියලා. රතන හාමුදුරුවොත් අද ඉවත් වෙලා කියලා ආරංචියක් තියෙනවා. කව්රු එකතු වුනත් කව්රු ඉවත් වුනත් අපේ දිනන ගමන නවත්වන්න බැහැ. මගේ ආණ්ඩුවේ හොරු අල්ලන කාර්ය භාරය දෙන්නේ රන්ජන් රාමනායක මැතිතුමාටයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඔරිජිනල් ශ්‍රී ලාංකිකයෙකු ජනපති කරන්න වගබලාගන්න- අවසන් රැළියේදී සජිත් කියයි
ඔරිජිනල් ශ්‍රී ලාංකිකයෙකු ජනපති කරන්න වගබලාගන්න- අවසන් රැළියේදී සජිත් කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEimRgIw_yMLAgLjxfp1pN1oW6b5nr7E-_AS6Q4u3uAgqogs4Cnt3zuPcyRLmxPxMowlD-COYtNLNi7K1iROKYlvtJVHKNOLsp4RwCf8Qg1vxrytfxOc29tQ-FgUcRPq5mbZZxTzl6iQYpeq/s320/5dcc10e1d36e8_5dc901c5c0247_saj+%25281%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEimRgIw_yMLAgLjxfp1pN1oW6b5nr7E-_AS6Q4u3uAgqogs4Cnt3zuPcyRLmxPxMowlD-COYtNLNi7K1iROKYlvtJVHKNOLsp4RwCf8Qg1vxrytfxOc29tQ-FgUcRPq5mbZZxTzl6iQYpeq/s72-c/5dcc10e1d36e8_5dc901c5c0247_saj+%25281%2529.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_776.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_776.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy