ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු පරිශ්‍ර පිවිසුමේ විරෝධතාවක නිරත වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හමුවට ගිය අග්‍රාමාත්‍ය මහින්ද ර...
ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු පරිශ්‍ර පිවිසුමේ විරෝධතාවක නිරත වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හමුවට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (06) පෙරවරුවේ ඔවුන් සමඟ සුහඳ කතාබහක නිරත විය.
විරෝධතාවයක් සංවිධානය කිරීමේ දී මීට වඩා වැඩි මන්ත්‍රීවරු පිරිසක් සහභාගී කර ගත යුතු යැයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් හමුවේ පැවසූ බව අගමැති කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
ඉතිහාසයේ තමන් සමඟ දේශපාලන සටන් වලට එක්වූ මන්ත්‍රීවරුන් දෙස බැලූ අග්‍රාමාත්‍යතුමා අතීතයේ මෙවැනි සටන්වල නිරත වූ ආකාරය ඔවුන් සමඟ සිහිපත් කරමින් එතැනින් නික්ම ගිය බවද එහි දැක්වේ.
සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, ඉමිතියාස් බාකිර් මාකාර්, පාඨලී චම්පික රණවක මහත්වරු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් මෙසේ අග්‍රාමාත්‍යතුමා සමඟ සුහඳ කතාබහක නිරත වූහ.
COMMENTS