ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ලැබූ ජයග්‍රහණයට සුබ පැතුම් එක් කරන බවත් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම දෙරට අතර සබඳතා තර කර ගැනීමට ගෝඨාභය...
ජනපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ලැබූ ජයග්‍රහණයට සුබ පැතුම් එක් කරන බවත් කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් මෙන්ම දෙරට අතර සබඳතා තර කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සමීපව කටයුතු කරන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තම ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් පවසයි.
"ජනාධිපතිවරණයේදී ඔබේ ජයග්‍රහණය ගැන ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පතමි.
අපගේ රටවල් දෙක සහ පුරවැසියන් අතර සමීප හා සහෝදර සබඳතා ගැඹුරු කිරීම සහ සාමය, සමෘද්ධිය මෙන්ම අපගේ කලාපයේ ආරක්ෂාව සඳහා ඔබ සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.
මැතිවරණය සාර්ථකව පැවැත්වීම පිළිබඳව ශ්‍රී ලංකා ජනතාවට මම සුබ පතමි."
I also congratulate the people of Sri Lanka for the successful conduct of the elections.
— Narendra Modi (@narendramodi) November 17, 2019
COMMENTS