ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ඒ මහතා ඉදිරියට ගෙනයනු ඇත්තේත් එක්සත් ජාතික පක්ෂයේම වෙළඳ සහ ආයෝජන ප්‍රති...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ඒ මහතා ඉදිරියට ගෙනයනු ඇත්තේත් එක්සත් ජාතික පක්ෂයේම වෙළඳ සහ ආයෝජන ප්‍රතිපත්තිම බවත් ඒ පිළිබඳ තමන් සතුටු වන බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම මහතා පවසයි.
කෙසේවෙතත් මෙම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට යාමේදී තමන්ට බැණවැදුණේ ද ජනාධිපතිවරයා නියෝජනය කරන වත්මන් ආණ්ඩුවේම පිරිස් බව ඒ මහතා සිහිපත් කළේය.
"වෙළද ප්‍රතිපත්ති, ආයෝජන ප්‍රතිපත්ති ජනාධිපතිතුමා ඉදිරියට ගෙනියනවා කියන ඒවාත් අපේම ප්‍රතිපත්ති. ඒවාගෙම හම්බන්තොට කර්මාන්ත නගරයක් කරනවා කියලා කිව්වා. අපි ඒවා කරන්න ගියාම ඒගොල්ලො හුඟක් කෑගැහුවා. දැන් එතුමාත් ඒ ප්‍රතිපත්තිමයි ඉදිරියට ගෙනියන්නේ. ඉතිං අපි ඒගැන බොහොම සන්තෝස වෙනවා" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.
COMMENTS