ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කර ඇති නව සංශෝධන තුළින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. ඊයේ කො...
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කර ඇති නව සංශෝධන තුළින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් උල්ලංඝනය වන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
ඊයේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.
"දැන් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 2ක් සිදු කරන්න සූදානම් වෙනවා. අගමැතිවරයා ප්‍රමුඛ පාර්ලිමේන්තුව වෙත පවරා ඇති බලතල නැවත ජනාධිපතිවරයා වෙත ගැනීම සඳහා මේ දවස්වල කෙටුම්පත් සකස් වෙනවා. මේ කෙටුම්පත් සකස් වෙන්නේ අයියා ගාව බලය තියෙනවාට අකමැති නිසා. මල්ලි බලය ගන්න ඕනේ නිසා තමයි මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නේ. අයියයි මල්ලියි අතරේ බලය බෙදාගන්න තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවත වතාවක් සංශෝධනය කරන්න හදන්නේ."
COMMENTS